COVID 19 update 20 September: NSW සහ දකුණු ඔස්ට්‍රේලියාවේ පොදු ප්‍රවාහන සේවාවල මුව ආවරණ නීති ඉවත් කරයි

2022 සැප්තැම්බර් 20 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

NSW CORONAVIRUS COVID19 SAFE TRANSPORT

A worker cleans the carriage of a public train at Central Station in Sydney. (file) Source: AAP / JOEL CARRETT/AAPIMAGE

Highlights

නිව් සවුත් වේල්ස් සහ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තවල පදිංචිකරුවන්ට කුලී රථ සහ කෲස් පර්යන්තවල අභ්‍යන්තර ස්ථාන ඇතුළුව පොදු ප්‍රවාහනයේදී මුව ආවරණ පැළඳීම තවදුරටත් අවශ්‍ය නොවේ.

දකුණු ඔස්ට්‍රේලියාවේ මෙම වෙනස්කම් වහාම ක්‍රියාත්මක වන අතර, NSW පදිංචිකරුවන්ට හෙට (සැප්තැම්බර් 21) දක්වා සිටීමට සිදුවනු ඇත.

පොදු ප්‍රවාහනයේදී මුව ආවරණ නීතිය ඉවත් කළ පළමු ප්‍රාන්තය බටහිර ඕස්ට්‍රේලියාව වේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ මුව ආවරණ සහ අනෙකුත් COVID-19 නීති සමාලෝචනය කරමින් සිටින බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, ඔ ස්ට්‍රේලියාවේ රජයේ රෝහල්වල, පෞද්ගලික සෞඛ්‍ය මධ්‍යස්ථානවල සහ residential aged care මධ්‍යස්ථානවල මුව ආවරණ පැළඳීම තවමත් අනිවාර්ය වේ.

දින පහකට පසු ස්වයං හුදකලාව අවසන් වන රෝග ලක්ෂණ නොමැති COVID රෝගීන් හයවන සහ හත්වන දින මුව ආවරණ පැළඳිය යුතු බව දකුණු ඔස්ට්‍රේලියාව පැවසීය.

18,700 කට වැඩි ප්‍රමාණයකට ජුනි මාසය වන විට NSW රජයේ රෝහල්වල ශල්‍යකර්ම ප්‍රමාද වී ඇති බව Sydney Morning Herald පුවත්පත වාර්තා කරයි. පසුගිය වසරේ ඩෙල්ටා ප්‍රභේදය නිසා lockdown කළ කාලයට වඩා එය නව ගුණයකින් වැඩි ය.

චීන පර්යේෂකයන් විසින් වාතයේ ඇති COVID-19 සහ ඉන්ෆ්ලුවෙන්සා වයිරස් හඳුනා ගන්නා මුව ආවරණයක් නිපදවා ඇත.

මුව ආවරණයට සංවේදකයක් සවි කර ඇති අතර, එය වයිරසය හඳුනාගෙන මිනිත්තු 10 ක් ඇතුළත උපාංගයකට දැනුම් දෙයි.

වසංගතය අවසන් බව ඇමෙරිකානු ජනාධිපති Joe Biden පවසයි.

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ Long COVID සායන ඇති ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ COVID-19 පරීක්ෂාකරන ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now