COVID 19 update 17 September: NSW සහ ටස්මේනියාව සංචාරකයින්ට නිවෙස් තුළ නිරෝධායනයවීමේ ක්‍රමයක් අත්හදා බැලීමට යයි

2021 සැප්තැම්බර් 17 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Dr Jamal Rifi administers a Covid vaccine to 12 year old Bailee Little at a pop-up drive through vaccination clinic at Belmore Oval, in Sydney, Friday, September 17, 2021.

Dr Rifi administers Covid vaccine to 12 year old at a pop-up drive through vaccination clinic at Belmore Oval, in Sydney, September 17, 2021. Source: AAP Image/Dan Himbrechts

Highlights

  • කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබා ඇති සංචාරකයින්ට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය නිවසේ නිරෝධායනය වන අත්හදා බැලීමේ ක්‍රමයක් නිවේදනය කරයි.
  • අද මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා ප්‍රාන්තය ඇතැම් කොවිඩ් නීති ලිහිල් කරයි.
  • ACT හි aged care ක්ෂේත්‍රයේ සිටින්නන්ට කොවිඩ් එන්නත ලබා ගැනීම අනිවාර්ය කෙරේ.
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නිවසේ නිරෝධායනය වෙමින් සිටි තවත් පුද්ගලයෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වෙයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 1,284 ක් හමුවී තිබේ.

ඊට අමතරව කොවිඩ් මරණ 12 ක්ද වාර්තා වේ.

මිය ගිය පිරිස අතරට 20 වන වියෙහි පසුවූ තරුණයින් දෙදෙනෙකුද ඇතුළත්.

එමෙන්ම මිය ගිය පිරිසෙන් තිදෙනෙකු Dubbo aged care මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් වන අතර 7 දෙනෙකු කොවිඩ් එන්නත ලබා නොගත් අය බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනය විසින් අනුමත කොවිඩ් එන්නත්වලින් එක් එන්නතක මාත්‍රා දෙකම ලබාගත් සංචාරකයින් හට දින 7 ක් නිවසේ සිටම නිරෝධායනය වීමේ ක්‍රමයක් අත්හදා බැලීමට යන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian නිවේදනය කළාය.

මෙහි මූලික අත්හදා බැලීම සඳහා පුද්ගලයින් 175 දෙනෙකු සහභාගී වන අතර එය මේ මාසය අවසානයේ ආරම්භ වීමට නියමිතය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.

වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 510 ක් හමුවී ඇති අතර එක් කොවිඩ් මරණයක් වාර්තා වේ.

මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ලබා ඇති පුද්ගලයින්ට සහ එන්නත ලබා නොමැති පුද්ගලයින්ට තම නිවසේ වාසය නොකරන එක් පුද්ගලයෙකු සමග එළිමහනේ රැස්විය හැකිය.

තවද කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබා ඇති පුද්ගලයින්ට වෙනත් නිවෙස් දෙකක වෙසෙන පුද්ගලයින් 5 දෙනෙකු සමග එළිමහනේ රැස්විය හැකිය.

Victoria Eased restrictions
Source: SBS

නොවැම්බර් මාසය දක්වා පනවන කොවිඩ් නීති හා සීමාවන් විස්තර කරමින් lockdown කිරීමෙන් නිදහස් කිරීමේ වික්ටෝරියා ප්‍රාන්ත සැලසුම එළඹෙන සැප්තැම්බර් 19 වනදා ඉරිදා නිකුත් කෙරේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

Victoria Eased restrictions
Source: SBS

Australian Capital Territory

ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 30 ක් වාර්තා වී ඇති අතර ඉන් 14 දෙනෙකු වයිරසය ආසාදනය වී තිබියදී ප්‍රජාව තුළ සිටි බව සඳහන්.

අද පටන් ACT හි aged care ක්ෂේත්‍රයේ සේවය කරන පුද්ගලයින්ට කොවිඩ් එන්නත ලබා ගැනීම අනිවාර්ය කෙරේ.

ඒ අනුව කොවිඩ් එන්නත ලබා නොගත් සේවකයින්ට තම aged care මධ්‍යස්ථානයට ඇතුළුවීමට අවසර නැති අතර එසේ ඇතුළු වීමටනම් ඔවුන් අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබා ගත යුතුය.

ACT හි කොව්ඩ් එන්නත ලබාගත හැක්කේ කාටද යන්න පිළිබඳ මෙතනින් දැනගන්න.

ටස්මේනියා ප්‍රාන්තය

ලබන සතියේ සිට ටස්මේනියා ප්‍රාන්තය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපවලින් පැමිණෙන කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබා ගත් සංචාරකයින් සඳහා දින 30 ක නිවෙස් තුළ නිරෝධායනයවීමේ ක්‍රමයක් අත්හදා බැලීම ආරම්භ කරයි.

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

4 min read

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now