COVID 19 update 22 July: Delta ප්‍රබේදය නිසා NSW හා වික්ටෝරියා ප්‍රාන්ත වල දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන අද

2021 ජූලි 22 වනදා ඕස්ට්‍රේලියාවේ කොරෝනා වෛරස තත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුලත් වේ.

Cleaners are seen at work inside of the Prahran Market in Melbourne, Thursday, July 22, 2021.

Prahran Market is undergoing a deep clean after it was revealed a customer, who tested positive for COVID-19, visited on July 17 between 9.40am and 11.15am. Source: AAP Image/James Ross

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 124 ක් හමු වී තිබේ.

එමගින් ආසාදිතයින් 87 දෙනෙකු වෛරසය වැළඳී සිටින කාලය තුල ප්‍රජාව අතර සිට ඇති අතර ඔවුන්ගෙන් ආසාදිතයින් 30 දෙනෙකු Fairfield ප්‍රදේශයෙන් හමුව තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා අවදානම් සහිත ප්‍රදේශ සහ වාර්තා වූ සිදුවීම් පිළිබඳව යාවත්කාලීන වන ලැයිස්තුවට පිවිසෙන්න.

මේ වනවිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල ක්‍රියාත්මක lockdown තත්වය ජුලි මස 30 වැනි සිකුරාදා රාත්‍රී 11.59 දක්වා ක්‍රියාත්මක වේ.

වික්ටෝරියා ප්‍රාන්තය

පසුගිය පැය 24ක කාලය තුලදී වික්ටෝරියා ප්‍රන්තයෙන් කොරෝනා ආසාදිතයින් 26 දෙනෙකු වාර්තා වූ අතර මෙම වාර්තා වීම ප්‍රාන්තය තුල Delta ප්‍රබේදය හේතුවෙන් දිනකදී වාර්තා වූ ඉහළතම ආසාදිතයින් සංක්‍යාව වේ.

මේ වනවිට ප්‍රාන්තය තුල සක්‍රීය කොරෝනා ආසාදිතයින් 146 දෙනෙකු සිටී.

මෙම ආසාදිතයින්ගේ සමීපතමයින් 18,000ක් පමණ මේ වනවිට නිරෝධායන කාලසීමාවකට යටත් කොට තිබේ.

එමෙන්ම ප්‍රාන්තය තුල අවදානම් සහිත ස්ථාන සංක්‍යාව මේ වනවිට 380 ඉක්මවා තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා අවදානම් සහිත ප්‍රදේශ සහ වාර්තා වූ සිදුවීම් පිළිබඳව යාවත්කාලීන වන ලැයිස්තුවට පිවිසෙන්න.

මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තය තුල ක්‍රියාත්මක lockdown තත්වය ජුලි මස 27 වැනි අඟහරුවාදා රාත්‍රී 11.59 දක්වා ක්‍රියාත්මක වේ.

පසුගිය පැය 24දී ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති තොරතුරු :

  • දකුණු ඕස්ට්‍රේලියාවෙන් නව කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වී ඇති අතර ඒ අනුව මේ වනවිට එම ප්‍රාන්තයෙන් වාර්තා වන ආසාදිතයින්ගේ සංක්‍යාව 14 දක්වා ඉහල ගොස් තිබේ.
  • ජුලි මස 23 වැනිදා සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෙසු ප්‍රදේශ සඳහ සිය දේශසීමා වසා දැමීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය තීරණය කොට තිබේ.
  • පළමු AstraZeneca එන්නත් මාත්‍රාව ලබාගැනීමෙන් අනතුරුව හටගත් thrombocytopenia syndrome තත්වය මත 40 හැවිරිදි ටස්මේනියානු පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Eid al Adha උත්සවය අද සිට ආරම්භ වන අතර යාඥා සිදු කරන අතරතුර අවධානයෙන් කටයුතු කල යුතු වේ.

  • නිවසේදී යාඥා කිරීමට තෝරා ගැනීම 
  • විශාල එක්වීම් අවලංගු කිරීම 
  • මුහුණු ආවරණ පැළඳීම 
  • යාඥා කිරීමට තමන්ගේම prayer rug එක භාවිත කිරීම

නිරෝධායනය, සංචාරක, පරීක්ෂණ සායන සහ වසංගත ආපදා ගෙවීම්

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

3 min read

Published

Updated

By SBS/ALC Content, Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now