COVID 19 update 20 April: NSW සහ වික්ටෝරියා ප්‍රාන්ත සමීප ආශ්‍රිතයින් සඳහා වූ නිරෝධායන නීති අහෝසි කරයි

2022 අප්‍රේල් 20 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Close contacts of COVID-19 cases are no longer required to isolate for seven days in New South Wales and Victoria. But they need to follow certain rules. (file)

Close contacts of COVID-19 cases are no longer required to isolate for seven days in New South Wales and Victoria. But they need to follow certain rules. Source: AAP Image/Mick Tsikas

Highlights

COVID-19 වසංගතය අවසන් වී නොමැති නමුත් තම ප්‍රාන්තයේ කොවිඩ් නීති ලිහිල් කිරීමට තීරණය කර ඇති බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති Dominic Perrottet පැවසුවේය.

කොවිඩ් ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයන්ට දින 7 ක් හුදකලා විය යුතු යන නීතිය 2022 අප්‍රේල් 22 පස්වරු 6 සිට අහෝසි කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

ඔවුන්ගේ තම නිවැසියන් හැර වෙනත් අය සමඟ සම්බන්ධ වීමට පෙර ඔවුන් දිනපතා rapid antigen පරීක්ෂණ සිදු කළ යුතුය.

කෙසේ වෙතත්, විශේෂ නිදහස් කිරීමක් අදාළ වන්නේ නම් මිස ඔවුන්ට aged care, රෝහල්, ආබාධිත මධ්‍යස්ථාන වෙත පැමිණිය නොහැක.

සමීප ආශ්‍රිතයින් ඔවුන්ගේ නිවෙස්වලින් බැහැරව වෙනත් ගෘහස්ථ ස්ථාන තුළ මුව ආවරණයක් පැළඳිය යුතුය.

RAT හෝ PCR පරීක්ෂණවලින් ධනාත්මක බව පරීක්‍ෂා කළහොත්, ඔවුන් දින හතක් හුදකලා විය යුතුය.

ඔවුන්ගේ නිවසේ සිටින පුද්ගලයෙකු COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ දින සිට දින හතක් සඳහා ඔවුන් කොවිඩ් මාර්ගෝපදේශවලට අනුකූල විය යුතුය.

නිවසේ සිට රාජකාරී කටයුතු කරන ලෙස සමීප ආශ්‍රිතයින්ට උපදෙස් දී ඇත.

තමන් සමීප ආශ්‍රිතයෙකු බව තම සේවායෝජකයාට හෝ අධ්‍යාපනික ආයතනයට දැනුම් දිය යුතු අතර, ඔවුන් මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු කරන තාක් හුදෙකලා වීමට අවශ්‍ය නොවේ.

2022 අප්‍රේල් 30 සිට, කොවිඩ් එන්නත් නොකළ සංචාරකයින් අනිවාර්ය හෝටල් නිරෝධායනය වීම තවදුරටත් අවශ්‍ය නොවේ. ඒ වෙනුවට, ඔවුන් පැමිණ පැය 24 ක් ඇතුළත RAT පරීක්ෂණයක් කළ යුතුය.

වික්ටෝරියා ප්‍රාන්තය

වත්මන් ඔමික්‍රොන් රැල්ල වික්ටෝරියා ප්‍රාන්තයෙන් පහව යාමට පටන් ගෙන ඇති බව ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පැවසීය.

ඉහළ එන්නත් අනුපාතය මත පදනම්ව සෞඛ්‍ය නීති ලිහිල් කිරීමට තීරණය කර ඇති බව ඔහු පැවසීය.

අප්‍රේල් 22, සිකුරාදා රාත්‍රී 11.59 සිට, වික්ටෝරියානුවන්ට ඕනෑම ස්ථානයකට ඇතුළු වීමට පෙර කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකක් ලබා තිබීම හෝ ඔවුන්ගේ එන්නත් තත්ත්වය පෙන්වීම අවශ්‍ය නොවේ.

ඊට අමතරව පහත අයුරින් ඇතැම් කොවිඩ් නීතිද ලිහිල් කෙරේ:

ප්‍රාථමික පාසල්, මුල් ළමාවිය මධ්‍යස්ථාන, hospitality සහ සිල්ලර වෙළෙඳ සැල් තුළ මුව ආවරණ පැළඳීම අනිවාර්ය නොවේ.

කොවිඩ් ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයන්ට හුදකලා වීමට අවශ්‍ය නොවේ. නමුත් ඔවුන් ගෘහස්ත ස්ථානවලදී සහ වෙනත් අවදානම් ස්ථානවලදී මුව ආවරණ පැළඳිය යුතුය. කෙසේ වෙතත්, ඔවුන් වෙනත් ආකාරයකින් හුදකලා කළ හැකි දින හත තුළ අවම වශයෙන් සෘණ ප්‍රතිඵල ගෙන දෙන RAT පරීක්ෂණ පහක්වත් සිදු කළ යුතුය.

පුද්ගලයන්ට COVID-19 වැළදී තිබුණේ නම් සති 12ක් සඳහා කොවිඩ් පරීක්ෂණවලින් හෝ නිරෝධායනයෙන් නිදහස් කෙරේ. මීට පෙර මෙම කාල සීමාව සති අටක් විය.

වයිරසයට නිරාවරණය විය හැකි සෑම සේවකයෙකුම හඳුනාගෙන දැනුම් දීමට සේවා ස්ථානවලට අවශ්‍ය නොවේ.

එන්නත් නොකළ සංචාරකයින් තවදුරටත් දින හතක නිරෝධායනය සම්පූර්ණ කිරීමට අනවශ්‍ය වේ.


 

ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria   Western Australia  

ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria    

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට


Share

3 min read

Published

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now