COVID 19 update 27 August: ඔක්තෝබර් සිට NSW ප්‍රාන්තයේ පාසල් යළි විවෘත කෙරේ

2021 අගෝස්තු 27 වනදා ඔස්ට්‍රේලියාවේ කොරෝනා වයිරස තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Mass Vaccination hub at Qudos Arena in Sydney,

Thousands of Year 12 HSC students got their Pfizer vaccinations at the Mass Vaccination hub at Qudos Arena in Sydney, Monday, August 9, 2021. Source: AAP Image/Dean Lewins

Highlights

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ HSC විභාගය නොවැම්බර් 9 තෙක් කල් යයි.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ ආසාදිතයින් 10 දෙනෙකුගෙන් එක් අයෙකුම Shepparton ප්‍රදේශයෙන්.
  • ACT lockdown කාලයේදී ව්‍යාපාර වලට පනවා තිබූ සීමාවන් ඉවත් කරයි.
  • ඔස්ට්‍රේලියාවේ අවුරුදු 12 - 15 අතර ළමුන්ට Pfizer එන්නත අනුමත කරයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 882 ක් හමුවී තිබේ.

එම ආසදිතයින්ගෙන් 80 % කට වඩා බටහිර සහ නිරිතදිග සිඩ්නි වලින් වාර්තා වූ බව සඳහන්.

ඊට අමතරව කොරෝනා මරණ 2 ක් වාර්තා වන අතර එක් අයෙකු 60 වන වියෙහි පිරිමි පුද්ගලයෙකු බවත් අනෙකා 90 වන වියෙහි පිරිමි පුද්ගලෙයකු බවත් වාර්තා වේ.

මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසල් සිසුන්ට යළි පාසල් විවෘත කිරීමේ සැලසුම පිළිබඳව අද ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian නිවේදනය කළාය.

ඒ අනුව බාලාංශ සහ 1 වසර පන්ති වල ළමයින්ට ඔක්තෝබර් 25 වනදා සිට ද

2, 6 සහ 11 වසර පන්ති වල ළමයින්ට නොවැම්බර් 01 වනදා සිට ද

3, 4, 5, 7, 8, 9 සහ 10 වසර පන්ති වල ළමයින්ට නොවැම්බර් 08 වනදා සිට ද පාසල් යළි විවෘත කෙරෙනු ඇත.

තවද සෑම අංශයකම සිටින සියලුම පාසල් කාර්ය මණ්ඩල සඳහා නොවැම්බර් 8 වනදා සිට කොවිඩ් එන්නත් ලබාගැනීම අනිවාර්ය කෙරේ.

නමුත් සැප්තැම්බර් 6 දා සිට ඔවුන්ට එන්නත ලබා ගැනීම සඳහා ප්‍රමුඛතාවය ලබා දෙනු ඇත.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 79 ක් හමුවී තිබේ.

ඒ අතරින් 53 දෙනෙකු දැනට හඳුනාගෙන ඇති කොවිඩ් පොකුරු සමග සම්බන්ධ බවත් සෙසු 26 දෙනා හට වයිරසය වැළඳුනු ආකාරය පිළිබඳ තවමත් සොයාගෙන නැති බවත් වාර්තා වේ.

මේ අතර 65,000 ක පමණ ජනගහනයක් ඇති Shepparton කලාපයේ පදිංචි 16,000 ක් පමණ පුද්ගලයින්ට හුදකලා වීමට සිදුව ඇති අතර සේවක හිඟය හේතුවෙන් ආහාර බෙදාහරින්නන්, සුපිරි වෙළඳ සැල් සහ ඔසුසැල් වසා දැමීමට සිදු වී තිබේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් පරීක්ෂාවන් සිදුකරගත හැකි ස්ථාන මෙතනින්.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

Australian Capital Territory

ACT හි නව කොවිඩ් ආසාදිතයින් 21 ක් වාර්තා වී ඇති අතර මේ වන විට සක්‍රිය ආසාදිතයින් සංඛ්‍යාව ඒ අනුව 221 දක්වා ඉහළ ගොස් තිබේ.

අද (27/08) රාත්‍රී 11.59 සිට බලපැවැත්වෙන පරිදි ACT හි සිල්ලර වෙළෙඳ ව්‍යාපාර, අපද්‍රව්‍ය බැහැර කිරීමේ සේවා, කාය වර්ධන මධ්‍යස්ථාන හා නැටුම් පාසල් මෙන්ම දේපල වෙළෙඳාම් ව්‍යාපාර සඳහා කොවිඩ් නීති වල ලිහිල් කිරීමක් ACT රජය නිවේදනය කළේය.

ACT හි කොවිඩ් ආසාදිතයින් ආ ගිය ස්ථාන ලැයිස්තුව පිළිබඳ මෙතනින් දැනගන්න.

ACT හි කොව්ඩ් එන්නත ලබාගත හැක්කේ කාටද යන්න පිළිබඳ මෙතනින් දැනගන්න.


පසුගිය පැය 24 තුළ ඔස්ට්‍රේලියාව වටා වාර්තා වූ කොවිඩ් තතු

  • අද පස්වරු 4 සිට ගිනිකොණදිග ක්වීන්ස්ලන්තයේ කොවිඩ් නීති තවදුරටත් ලිහිල් කෙරේ.
  • ප්‍රතිශක්තීකරණය පිළිබඳ ඔස්ට්රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම විසින් වයස අවුරුදු 12 ත් 15 ත් අතර ළමුන් සඳහා Pfizer එන්නත ලබාදීම අනුමත කර ඇත.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App එක නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


Share

3 min read

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now

COVID 19 update 27 August: ඔක්තෝබර් සිට NSW ප්‍රාන්තයේ පාසල් යළි විවෘත කෙරේ | SBS Sinhala