COVID 19 update 22 September: NSW ප්‍රාන්තය, කොවිඩ් එන්නත ගත් බවට තහවුරු කරන app එකක් අත්හදා බැලීමට යයි

2021 සැප්තැම්බර් 22 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Chappel Street in Melbourne, Wednesday, September 22, 2021

Chapel Street in Melbourne, Wednesday, September 22, 2021. An earthquake has been reported in Victoria and tremors were as far away as Canberra and Sydney. Source: AAP/James Ross

Highlights

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බටහිර කලාපයේ Oberon හි වැසියන්ට කොවිඩ් පරීක්ෂාවන් සිදුකරගන්නා ලෙස දන්වයි.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ Ballarat නගරයේ lockdown කාලය අවසන් වීමට නියමිතය.
  • ACT තම කොවිඩ් එන්නත්කරණ ඉලක්ක වෙත යමින් සිටී.
  • ක්වීන්ස්ලන්තයේ walk-in ආකාරයට ගොස් කොවිඩ් එන්නත් ලබාගැනීමට අමතර වේලාවන්.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 1,035 ක් හමුවී තිබේ.

ඊට අමතරව කොවිඩ් මරණ 5 ක්ද වාර්තා වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් පිරිස 70 % මට්ටමට ළඟා වීමට පෙර ඔක්තෝබර් 6 වෙනිදා සිට Service NSW app එකත් සමග කොවිඩ් එන්නත ලබාගත් බවට සහතික කෙරෙන app එකක් අත්හදා බැලීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සූදානම් වේ.

මේ සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපවල සිය ගණනක් වැසියන්ව සම්බන්ධ කරගැනීමට අදහස් කෙරේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බටහිර කලාපයේ Oberon හි අපජලයේ තිබී කොවිඩ් වයිරසයේ කොටස් හමුවී ඇති බැවින් එම ප්‍රදේශයේ වැසියන්ට කොවිඩ් පරීක්ෂාවන් සිදුකරගන්නා ලෙස දන්වයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.

වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 628 ක් හමුවී ඇති අතර ඉන් 57% ක්ම මෙල්බර්න් උතුරු කලාපයේ පිහිටි උප නගරවලින් වාර්තා වේ.

ඊට අමතරව කොවිඩ් මරණ 3 ක්ද වාර්තා විය.

සෑම රජයේ පාසලකම වායු පවිත්‍රකරණ උපකරණ 51,000 ක් ලබා දීම සඳහා වික්ටෝරියා ප්‍රාන්ත රජය ඩොලර් මිලියන 190 ක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ හරහා එම වායු පවිත්‍රකරණ උපකරණ වික්ටෝරියා ප්‍රාන්තයේ කතෝලික හා ස්වාධීන පාසල් වෙතද සහන මිලකට ලබාදීමට අදහස් කර ඇත.

කොවිඩ් ආසාදනය වීමේ අවදානම අඩු කිරීමට මෙම පියවර ගන්නා අතර ඔස්ට්‍රේලියානු පාසල් වාතාශ්‍ර පද්ධති සඳහා සිදු කළ පළමු විශාලතම ආයෝජනය මෙය ලෙසද සඳහන්.

මේ අතර අද මධ්‍යම රාත්‍රියෙන් පසු Ballarat නගරයේ lockdown නීති ඉවත් කෙරන නමුත් ගෘහස්ථව හා එළිමහන් අනිවාර්ය මුව ආවරණ පැළඳීම වැනි ඇතැම් කොවිඩ් නීති ඉදිරියටත් ක්‍රියාත්මක වනු ඇත.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

Australian Capital Territory

ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 17 ක් වාර්තා වන අතර ඉන් 11 ක් වයිරසය වැළදී තිබියදී ප්‍රජාව තුළ සිටි බව සඳහන්.

ACT හි මේ වන විට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් ප්‍රතිශතය 81% ක් වන අතර එය ඔවුන්ගේ 95% ඉලක්කයට ළඟා වෙමින් පවතී.

මේ අතර මාත්‍රා දෙකම ලබාගත් ප්‍රතිශතය මේ වන විට 56% කි.

ACT හි කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

ක්වීන්ස්ලන්තයේ walk-in ආකාරයට ගොස් කොවිඩ් එන්නත් ලබාගැනීමට අමතර වේලාවන් Boondall, Caboolture, Doomben, සහ Kippa-Ring හි අද සිට ඇති බව වාර්තා වේ.

alc covid mental health
Source: ALC

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

4 min read

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now