COVID 19 update 26 August: NSW දෛනික ආසාදිතයින් 1,000 ඉක්මවයි. එන්නත් කළ වැසියන්ට වැඩි නිදහසක්

2021 අගෝස්තු 26 වනදා ඔස්ට්‍රේලියාවේ කොරෝනා වයිරස තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Members of the public wear face masks as they exercise in Sydney, Thursday, August 26, 2021.

Members of the public wear face masks as they exercise in Sydney, Thursday, August 26, 2021. Source: AAP Image/Bianca De March

Highlights

  • NSW ප්‍රාදේශීය ප්‍රදේශ වල Lockdown කාලය සැප්තැම්බර් 10 තෙක් දීර්ග කෙරේ.
  • වික්ටෝරියා ප්‍රාන්තයට Pfizer එන්නත් මාත්‍රා 25,000 ක්.
  • ACT හි ව්‍යාපාරික සහන දීමනා ලබා දීම ඇරඹේ.
  • Toowoomba ආසන්නයේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය නිරෝධායන මධ්‍යස්ථානයක් ඉදි කිරීමට යයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 1,029 ක් හමුවී තිබේ.

ඔවුන්ගෙන් අවම වශයෙන් 37 ක් පමණ වයිරසය ආසාදනය වී තිබියදී ප්‍රජාව තුළ සිටි බවට විශ්වාස කෙරේ.

ඊට අමතරව කොරෝනා මරණ 3 ක් වාර්තා වන අතර ඔවුන් තිදෙනාම කොවිඩ් එන්නත නොගත් අය බව සඳහන්.

සැප්තැම්බර් 13 සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නතේ මාත්‍රා ද්විත්වයම ගත් පුද්ගලයින්ට වැඩි නිදහසක් ලබාදීමට ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian නිවේදනය කළාය.

ඒ අනුව කොරෝනා මර්මස්ථාන ලෙස නම් කර ඇති නගර සභා කලාප වලින් පිටත සිටින ප්‍රාන්ත වැසියන්ට නිවසේ සිට කිලෝ මීටර් 5 ක දුරක් ඇතුළත එළිමහනේ 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලෙස රැස් විය හැකිය.

කොරෝනා මර්මස්ථාන ලෙස නම් කර ඇති නගර සභා තුළ සිටින නිවැසියන්ට ද එළිමහනේ රැස්වීමට හැකි වන අතර ඇඳිරි නීතිය සහ ව්‍යායාම සඳහා පැනවූ සීමාවන් වටා වතින කොවිඩ් නීති අනුගමනය කළ යුතුය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 80 ක් හමුවී තිබේ.

ඒ සියලු ආසාදිතයින්ගෙන් 41 දෙනෙකු වයිරසය ආසාදනය වී තිබියදී ප්‍රජාව තුළ සිටි බවට විශ්වාස කෙරේ.

වික්ටෝරියා ප්‍රාන්තයට Pfizer එන්නත් මාත්‍රා 25,000 ලැබුණු නිසා දැනටමත් AstraZeneca එන්නත ලබාගැනීමට ලියා පදිංචි වී සිටින වයස අවුරුදු 40 ට අඩු පුද්ගලයින්ට නිරායාසයෙන්ම Pfizer එන්නත හිමිවන බව වික්ටෝරියා ප්‍රාන්තයේ COVID Commander ලෙස කටයුතු කරන Jeroen Weimar පැවසීය.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් පරීක්ෂාවන් සිදුකරගත හැකි ස්ථාන මෙතනින්.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

Australian Capital Territory

ACT හි නව ආසාදිතයින් 14 ක් වාර්තා වී ඇති අතර මේ වන විට සක්‍රිය ආසාදිතයින් සංඛ්‍යාව ඒ අනුව 190 දක්වා ඉහළ ගොස් තිබේ.

lockdown කිරීමෙන් බලපෑමට ලක් වූ කැන්බරා ව්‍යාපාරවලට ආර්ථික සහන දීමනා ලබාදේ.

ඒ අනුව සේවකයින් සිටින සමාගම් සඳහා ඩොලර් 10,000 දක්වා වූ මුදල් ප්‍රදානයක්ද සේවකයින් නොමැති ව්‍යාපාර සඳහා ඩොලර් 4,000 ක් දක්වා වූ මුදල් ප්‍රදානයක්ද ලබාදෙයි.

ACT හි කොවිඩ් ආසාදිතයින් ආ ගිය ස්ථාන ලැයිස්තුව පිළිබඳ මෙතනින් දැනගන්න.

ACT හි කොව්ඩ් එන්නත ලබාගත හැක්කේ කාටද යන්න පිළිබඳ මෙතනින් දැනගන්න.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සහ Northern Territory හි නවතම කොවිඩ් තොරතුරු

  • ප්‍රාදේශීය නගරයක් වන Toowoomba ආසන්නයේ Wellcamp ගුවන් තොටුපොළ පරිශ්‍රයේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය නිරෝධායන මධ්‍යස්ථානයක් ඉදි කිරීමට යයි.
  • Northern Territory හි වයස අවුරුදු 12 ට වැඩි සියලුම දරුවන් සඳහා දැන් Pfizer එන්නත ලබාගත හැකිය.


Share

3 min read

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now