Highlights
- ඉතිහාසයේ පළමු වරට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5,000 ඉක්මවා තිබේ. ඒ අනුව එය ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලෙසටද වාර්තා වේ.
- NSW ප්‍රාන්ත රජය තැපෑලෙන් නොමිලේ rapid antigen පරීක්ෂණ කට්ටල ලබා දීම පිළිබඳ සලකා බලයි. එමෙන්ම සිල්ලර වෙළෙඳ සැල්සවල සහ hospitality ස්ථානවල අනිවාර්ය QR කේත පරීක්ෂා කිරීම් වෙත NSW ප්‍රාන්තයේ අවධානය යොමුවී තිබේ.
- කොවිඩ් සඳහා අධි අවදානම් ස්ථානවලදී මුව ආවරණ පැළඳීමට NSW Health සියලු දෙනාගෙන් ඉල්ලා සිටියද, ගෘහස්ථ ස්ථානවල මුව ආවරණ පැළඳීම සඳහා විධාන නැවත ගෙන ඒමට NSW ප්‍රාන්ත අගමැති Dominic Perrottet විරුද්ධ වේ.
- වික්ටෝරියා ප්‍රාන්තයේ වයස අවුරුදු අට සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා අද (23/12) රාත්‍රී 11:59 සිට ගෘහස්ථ ස්ථානවලද මුව ආවරණ පැළඳීම අනිවාර්ය වන බව වැඩබලන ප්‍රාන්ත අගමැති James Merlino නිවේදනය කළේය.
- ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 369 දෙනෙකු වාර්තා වී ඇති අතර එය ප්‍රාන්ත ඉතිහාසයේ වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලෙසට වාර්තා වේ.
- මුව ආවරණ පැළඳීම ඔස්ට්‍රේලියාව පුරා අනිවාර්ය කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර නැති බව ඊයේ (22/12) පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පැවසීය.
- නත්තල් කාලය තුළ එංගලන්තයේ දැඩි කොවිඩ් නීති පැනවීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කරන ඉල්ලීම්වලට විරුද්ධ වීම මධ්‍යයේ එහි දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 100,000 ඉක්මවා ඇත.
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව
- ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 5,715 ක් හමුවී ඇති අතර එක් කොවිඩ් මරණයක් වාර්තා වේ.
- ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 2,005 ක් සමග කොවිඩ් මරණ 10 ක් වාර්තා වේ.
- ක්වීන්ස්ලන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 369 ක් ද ACT වෙතින් 85 ක්ද ටස්මේනියා ප්‍රාන්තයෙන් ආසාදිතයින් 26 ක්ද වාර්තා වේ.
නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න
සංචාරය කිරීම සම්බන්ධයෙන්
ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ
මූල්‍ය උපකාර
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.
Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට
භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, Victoria, Queensland, Western Australia, South Australia, Northern Territory, ACT, Tasmania.
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:
එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන:
ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳ තොරතුරු
Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න

