COVID 19 update 23 July: නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය "හදිසි තත්වයක්" ප්‍රකාශයට පත් කරයි

2021 ජූලි 23 වනදා ඕස්ට්‍රේලියාවේ කොරෝනා වෛරස තත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුලත් වේ.

NSW Premier Gladys Berejiklian and Chief Health Officer Dr Kerry Chant

NSW Premier Gladys Berejiklian and Chief Health Officer Dr Kerry Chant at a press conference to provide a COVID-19 update Source: AAP Image/POOL/Mick Tsikas

Highlights

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය Kerry Chant නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි
  • නිරිත දිග සහ බටහිර සිඩ්නි ප්‍රදේශ සඳහා වැඩි Pfizer එන්නත් සංක්‍යාවක් ලබාදෙන ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය ඉල්ලයි
  • වික්ටෝරියා ප්‍රාන්තයෙන් අඩු කොරෝනා ආසාදිතයින් වාර්තා වුවද පවතින lockdown තත්වය සම්බන්ධයෙන් තීරණය කිරීමට කල් වැඩි බව ප්‍රාන්ත අගමැතිවරයා පවසයි
  • වයස අවුරුදු 12 සහ 15 අතර දරුවන්ට Pfizer COVID-19 එන්නත අනුමත කරයි

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 136 ක් හමු වී තිබේ.

එමගින් ආසාදිතයින් 53 දෙනෙකු වෛරසය වැළඳී සිටින කාලය තුල ප්‍රජාව අතර සිට ඇති අතර ප්‍රාන්තයෙන් එක් මරණයක් වාර්තා වී තිබේ.

Cumberland සහ Blacktown යන පාලන ප්‍රදේශ වල වෙසෙන සෞඛ්‍ය හා හදිසි සේවා ක්ෂේස්ත්‍රයේ හෝ බලයලත් සේවක ලැයිස්තුවේ නොමැති පිරිස හට රැකියා සඳහා සිය ප්‍රදේශයෙන් පිටතට යා නොහැක.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා අවදානම් සහිත ප්‍රදේශ සහ වාර්තා වූ සිදුවීම් පිළිබඳව යාවත්කාලීන වන ලැයිස්තුවට පිවිසෙන්න.

වික්ටෝරියා ප්‍රාන්තය

පසුගිය පැය 24ක කාලය තුලදී වික්ටෝරියා ප්‍රන්තයෙන් කොරෝනා ආසාදිතයින් 14 දෙනෙකු වාර්තා වූ අතර එමගින් ආසාදිතයින් 4 දෙනෙකු වෛරසය වැළඳී සිටින කාලය තුල ප්‍රජාව අතර සිට තිබේ.

මේ වනවිට ප්‍රාන්තය තුල සක්‍රීය කොරෝනා ආසාදිතයින් 158 දෙනෙකු සිටී.

මෙම ආසාදිතයින්ගේ සමීපතමයින් 19,000ක් පමණ මේ වනවිට නිරෝධායන කාලසීමාවකට යටත් කොට තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා අවදානම් සහිත ප්‍රදේශ සහ වාර්තා වූ සිදුවීම් පිළිබඳව යාවත්කාලීන වන ලැයිස්තුවට පිවිසෙන්න.

මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තය තුල ක්‍රියාත්මක lockdown තත්වය ජුලි මස 27 වැනි අඟහරුවාදා රාත්‍රී 11.59 දක්වා ක්‍රියාත්මක වේ.

පසුගිය පැය 24දී ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති තොරතුරු :

  • දකුණු ඕස්ට්‍රේලියාවේ සිදු කල කොරෝනා වෛරස පරීක්ෂණ 23,500ක් මගින් නව කොරෝනා ආසාදිතයකු වාර්තා වී තිබේ.
  • Qantas ගුවන් සමාගමේ ප්‍රාදේශීය ගුවන් සේවා නිලධාරිනියක ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේදී කොරෝනා වෛරසයට ධනාත්මක වී ඇති අතර ඇය ප්‍රාදේශීයව ගමන් ගත් ගුවන් යානා 6 ක සේවය කොට තිබේ.
  • ඕස්ට්‍රේලියානු චිකිත්සක භාණ්ඩ පරිපාලනය වයස අවුරුදු 12ත් 15ත් අතර දරුවන් හට කොරෝනා එන්නත ලබාදීම අනුමත කොට ඇති අතර වයස 40ට වඩා අඩු පුද්ගලයින් හට Pfizer එන්නත ලබාගැනීම සඳහා සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මස දක්වා සිටීමට සිදු වේ.

Eid al Adha (රාමසාන්) උත්සවය අද නිමා වන අතර යාඥා සිදු කරන අතරතුර අවධානයෙන් කටයුතු කල යුතු වේ.

  • නිවසේදී යාඥා කිරීමට තෝරා ගැනීම 
  • විශාල එක්වීම් අවලංගු කිරීම 
  • මුහුණු ආවරණ පැළඳීම 
  • යාඥා කිරීමට තමන්ගේම prayer rug එක භාවිත කිරීම

නිරෝධායනය, සංචාරක, පරීක්ෂණ සායන සහ වසංගත ආපදා ගෙවීම්

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

Published

Updated

By SBS/ALC Content, Nipuna Dodangoda
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service