COVID 19 update 04 October: NSW ප්‍රාන්තය lockdown කිරීමේ අවසාන සතියට එළඹෙයි

2021 ඔක්තෝබර් 04 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

A general view of George Street, in the central business district of Sydney.

NSW begins its final scheduled week in lockdown before rules are set to be relaxed. Source: AAP

Highlights

  • වික්ටෝරියා ප්‍රාන්තයේ නව ආසාදිතයින්ගෙන් 45% ක් වයස අවුරුදු 30 ට අඩු පුදගලයින්.
  • NSW ප්‍රාන්තයේ Lismore ප්‍රාදේශීය කලාපය අද සිට දින 7 කට lockdown කෙරේ.
  • වයස අවුරුදු 12 ට වැඩි කැන්බරා වැසියන්ගෙන් 93% කට වඩා කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ඇතැයි සඳහන්.
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් එක් කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වෙයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 623 ක් හමුවී තිබේ.

ඊට අමතරව කොවිඩ් මරණ 6 ක්ද වාර්තා වේ.

මේ අතර NSW ප්‍රාන්තයේ Lismore ප්‍රාදේශීය කලාපය අද සිට දින 7 කට lockdown කෙරේ.

ඒ අනුව සැප්තැම්බර් 28 වන දා සිට එම කලාපයේ සිටි සියලුම පුද්ගලයින්ට එම lockdown නීති අදාළ වේ.

මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තම lockdown කිරීමේ අවසාන සතියට එළඹ තිබේ.

ඔක්තෝබර් 2වනදා අවසන් වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 16 සහ ඊට වැඩි පුද්ගලයින්ගෙන් 67.1% ක පිරිසක් කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබා ඇති බව වාර්තා වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.

වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,377 ක් සමග කොවිඩ් මරණ 4 ක් වාර්තා වේ.

මේ අතර Mildura ප්‍රදේශයේ අප ජල සාම්පලවල තිබී කොවිඩ් වයිරසයේ කොටස් හමුවී තිබෙන අතර කොවිඩ් ආසාදිතයින්ට නිරාවරණය වූ Tier 1 ඛාණ්ඩයේ ස්ථාන ගණනාවක් වික්ටෝරියා ප්‍රාදේශීය කලාපවලින් නම් කර ඇත.

එහිදී Morwell සහ Shepparton ප්‍රදේශ ප්‍රධාන වේ.

මේ අතර ලෝකයේ දීර්ගතම කාලයක් locked-down කළ නගරය බවට මෙල්බර්න් නුවර පත්වී තිබේ.

පසුගිය වසරේ පටන් මේ දක්වා මෙල්බර්න් නුවර locked-down කිරීම් හයකට මුහුණ දී ඇති අතර ඒවායේ මුළු දින ගණන 246 ඉක්මවා තිබේ.

ඒ අනුව මීට පෙර ලෝකයේ දීර්ගතම කාලයක් locked-down කළ නගරය බවට පත්වී තිබූ ආර්ජන්ටිනාවේ Buenos Aires නගරය අභිබවා මෙල්බර්න් නුවර පළමු තනට පත්ව ඇත.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

Australian Capital Territory

ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 28 ක් සහ කොවිඩ් මරණ 2ක් වාර්තා වේ.

මේ වන විට ACT හි ආසාදිතයින් 16 දෙනෙකු රෝහල් ගතව සිටින අතර පස් දෙනෙකු දැඩි සත්කාර ඒකකයේද එක් අයෙකු ශ්වසන ආධාරක මතද සිටින බව සඳහන්.

මේ අතර ACT හි 93% කට අධික පිරිසක් කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව මේ වන විට ලබාගෙන ඇති බව ද වාර්තා වේ.

ACT හි කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් එක් කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වෙයි.

වයිරසය ආසාදනය වී තිබියදී දින 10 ක් එම පුද්ගලයා ප්‍රජාව තුළ සිට ඇති බැවින් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිතයින්ට නිරාවරණය වූ ස්ථාන ලැයිස්තුව තවත් පුළුල් වී ඇත.

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

4 min read

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now