COVID 19 update 19 August: වික්ටෝරියා ප්‍රාන්තය lockdown වීමේ දින 200 පසුකරයි

2021 අගෝස්තු 19 වනදා ඔස්ට්‍රේලියාවේ කොරෝනා වයිරස තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ

testing cue outside Palais Theatre

People are seen waiting in line outside of the Palais Theatre at a pop-up testing facility in St Kilda, Melbourne, Thursday, August 19, 2021. Source: AAP Image/James Ross

Highlights

  • NSW ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශ වලට පවතින lockdown තත්වය අගෝස්තු 28 දක්වා දීර්ග කෙරේ
  • වික්ටෝරියා ප්‍රාන්තය lockdown කිරීමේ දින 200ට එළඹී ඇති අතර ප්‍රාන්තයෙන් වාර්තා වන ආසාදිතයින් ඉහලට
  • ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියෙන් ආසාදිතයින් 9ක්
  • ක්වීන්ස්ලන්තයෙන් සහ නොදර්න් ටෙරිටරියෙන් කිසිදු ආසාදිතයෙක් වාර්තා නොවේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 681 ක් හමුවී තිබේ.

ඒ අතරින් අවම වශයෙන් ආසාදිතයින් 87 ක් පමණ වයිරසය ශරීරගතව තිබියදී ප්‍රජාව තුළ සිට ඇති බවට විශ්වාස කෙරේ.

ප්‍රාන්තයෙන් පසුගිය පැය 24ක කාලයේදී කොරෝනා මරණයක් වාර්තා වන අතර ඒ අනුව ප්‍රාන්තයෙන් වාර්තා වන සමස්ත මරණ සංක්‍යාව 61ක් වේ.

Merrylands, Guildford, Auburn, Granville, Lidcombe, Greenacre සහ Blacktown යන උප නගර වලින් ඉහළ ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇති බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනිය වන Gladys Berejiklian පැවසුවාය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 57 ක් හමුවී තිබේ.

එමගින් ආසාදිතයින් තිදෙනෙකු දැනට හඳුනාගෙන ඇති කොරෝනා පොකුරු වලට සම්බන්ධ නොවන බව හෙලිව තිබේ.

එමෙන්ම අදාළ ආසාදිතයින්ගෙන් 13 දෙනෙකු වයිරසය ශරීරගත වී තිබියදී ප්‍රජාව තුළ සිටි බවද වාර්තා වේ.

ඊසානදිග වික්ටෝරියා ප්‍රාන්තයේ Shepparton ප්‍රදේශයේ සහ මෙල්බර්න් හි Ardeer ප්‍රදේශයේ අපජලයේ තිබී කොරෝනා වෛරස කොටස් හමුවූ බව නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි Ben Cowie පවසයි.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් පරීක්ෂාවන් සිදුකරගත හැකි ස්ථාන මෙතනින්.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 16 ක් හමුවී තිබේ.

එමගින් ආසාදිතයින් 5 දෙනෙකු දැනට හඳුනාගෙන ඇති කොරෝනා පොකුරු වලට සම්බන්ධ නොවන බව හෙලිව තිබේ.

මේ වනවිට ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය තුල සක්‍රීය කොරෝනා ආසාදිතයින් 83 දෙනෙකු සිටින බව වාර්තා වේ.

මෙලෙස වාර්තා වූ නව ආසාදිතයින් ආ ගිය ස්ථාන අතර කැන්බරා හි light rail, බස් මාර්ග, Turner හි මුල් ඉගෙනුම් මධ්‍යස්ථානයක් සහ Belconnen හි වෛද්‍ය මධ්‍යස්ථානයක් පවතී.

COVID-19 එන්නත සඳහා ඔබේ සුදුසුකම් පරීක්‍ෂා කිරීමට මෙතනින්.


පසුගිය පැය 24ක කාලය තුලදී

  • ග්‍රේටර් ඩාවින් හි lockdown කිරීම ඉවත් කලද ඇතැම් නීතීන් ක්‍රියාත්මක වේ.
  • Katherine ප්‍රදේශයේ lockdown තත්වය අගෝස්තු 20 සිකුරාදා දහවල් 12 දක්වා දීර්ඝ කෙරේ.
  • NSW සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත දේශසීමා සඳහා හමුදා යොදවන ලෙස ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය වන Annastacia Palaszczuk ඉල්ලා සිටී.
alc covid mental health
Source: ALC

නිරෝධායනය, සංචාරක, පරීක්ෂණ සායන සහ වසංගත ආපදා ගෙවීම්

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති NSW බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

4 min read

Published

Updated

By SBS/ALC Content, Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now