COVID 19 update 05 July: බූස්ටර් එන්නත මග හැරීම අනුවණ ක්‍රියාවක් බව NSW සෞඛ්‍ය ඇමති කියයි

2022 ජූලි 05 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

NSW Premier Dominic Perrottet and Minister for Health Brad Hazzard during a visit to Homebush vaccination hub, in Sydney, Sunday, February 6, 2022 (AAP Image/Pool, Gaye Gerard ) NO ARCHIVING

NSW Health Minister Brad Hazzard (left) said it's "crazy" to skip a booster dose as the new "pesky little variants" can reinfect people. (file) Source: AAP Image/Pool, Gaye Gerard )

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 46 ක් වාර්තා වී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් මරණ 16 ක් ද, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 14 ක්ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 11 ක්ද ඊට ඇතුලත්වේ. බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් මීට පෙර සිදුවූ කොවිඩ් මරණ 02 ක්ද වාර්තා විය.

ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ටෙරිටරි පුරා රෝහල්වල සිටින COVID-19 රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතී.

ටැස්මේනියා ප්‍රාන්තයේ රෝහල්ගත කරන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවේ ඉහළම වර්ධනයක් පෙන්නුම් කරයි. ඊයේ (ජූලි 04) දිනයේදී එම අගය 1,094 ක් වූ නමුත් අද (ජූලි 05) වන විට එය 1,588 කි.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ රෝහල්ගත කරන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව අද (ජූලි 05) වන විට 710 ක් වන අතර ඊයේ එය 598 කි. එය පසුගිය සිව් මස තුළ එහි වාර්තා වූ ඉහළම අගය වේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.
BA.4 සහ BA.5 වැනි නව කුඩා කරදරකාරී ප්‍රභේද දැනටමත් කොවිඩ් වයිරසයෙන් රෝගාතුර වී ඇති පුද්ගලයින්ට ආසාදනය විය හැකි බැවින් COVID-19 එන්නත මඟ හැරීම අනුවණ ක්‍රියාවක් බව NSW සෞඛ්‍ය අමාත්‍ය Brad Hazzard පැවසුවේය.

එන්නත් මගින් සම්ප්‍රේෂණය නතර නොවන බව ඔහු පිළිගත් නමුත් බූස්ටර් එන්නත් මගින් බරපතල රෝගාබාධවලින් ආරක්ෂා විය හැකි බව ඔහු පැවසීය.

නිතර අත් සේදීම, ප්‍රසිද්ධ ස්ථානවල මුව ආවරණ පැළඳීම සහ අසනීප වුවහොත් නිවසේ රැඳී සිටීම වැනි මූලික ක්‍රියාමාර්ග ගන්නා ලෙස NSW සෞඛ්‍ය අමාත්‍ය Brad Hazzard ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මේ වසරේ COVID ආශ්‍රිත මරණවලින් 56% ක් (1,232) මාත්‍රා දෙකක් හෝ ඊට අඩු සංඛ්‍යාවක් ඇති පුද්ගලයින් බව ඔහු පැවසීය. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය Omicron හි තුන්වන රැල්ලේ ආරම්භයේ සිටින අතර එය ජූලි අග හෝ අගෝස්තු මුලදී උච්ච වීමට ඉඩ ඇති බවද ඔහු පැවසීය.

සෞඛ්‍ය සේවකයින් සහ අනෙකුත් අය සඳහා සිව්වන එන්නත් මාත්‍රාවක් සඳහා වර්ධනය වන ඉල්ලීම් මධ්‍යයේ ඔස්ට්‍රේලියාවේ ඉහළම එන්නත් උපදේශක කමිටුව අද රැස්වේ.

ඉදිරි මාසවලදී ඔස්ට්‍රේලියානුවන්ට නව Omicron විශේෂිත එන්නතක් ලබා ගත හැකි වූ විට ATAGI හට සිව්වන එන්නත් මාත්‍රාව නිර්දේශ කිරීම පහසු නොවනු ඇති බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Dan Andrews පැවසීය.

ප්‍රාන්ත සෞඛ්‍ය පද්ධතියට වත්මන් පීඩනය උග්‍ර බව ඔහු පැවසීය. සෞඛ්‍ය සේවකයින් සඳහා සිව්වන එන්නත් මාත්‍රාව ලබාදීම පිණිස ඔහු ප්‍රබල ලෙස කරුණු ඉදිරිපත් කළේය.

ඉහළ යන නව ආසාදන, රෝහල්ගතවීම් සහ මරණ සංඛ්‍යාව මධ්‍යයේ ඇතැම් ප්‍රාන්ත සහ ටෙරිටරි මුව ආවරණ නීති නැවත හඳුන්වා දිය යුතුද යන්න ගැන කල්පනා කරමින් සිටී.

COVID-19 ඖෂධ සඳහා අවශ්‍ය සුදුසුකම් හා නීති ලිහිල් කරන ලෙස දකුණු ඕස්ට්‍රේලියාව සහ NSW ප්‍රාන්ත මධ්‍යම රජයෙන් ඉල්ලා සිටියි.

දැනට, වියපත් පුද්ගලයින් හට, වයස අවුරුදු 50 හෝ ඊට වැඩි මෙන්ම අවදානම් සාධක දෙකක් සහිත වයස අවුරුදු 18 ට වැඩි ඇබොර්ජීනියානු වැසියන්ට සහ ටෝරස් දූපත් වාසීන්ට සහ මධ්‍යස්ථ සහ දැඩි ලෙස ප්‍රතිශක්තිකරණය හීනවූ වයස අවුරුදු 18 හෝ ඊට වැඩි පුද්ගලයින්ට ප්‍රතිවෛරස් ප්‍රතිකාර ලබා ගත හැකිය.

Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
COVID 19 update 05 July: බූස්ටර් එන්නත මග හැරීම අනුවණ ක්‍රියාවක් බව NSW සෞඛ්‍ය ඇමති කියයි | SBS Sinhala