COVID 19 update 28 Dec: ඔස්ට්‍රේලියාවේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව පළමු වරට 10,000 ඉක්මවයි

2021 දෙසැම්බර් 28 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

The Exterior of St Vincent’s Hospital is seen at Darlinghurst in Sydney, Monday, December 27, 2021.  (AAP Image/Mick Tsikas) NO ARCHIVING

The Exterior of St Vincents Hospital is seen at Darlinghurst in Sydney, Monday, December 27, 2021. Source: AAP/Mick Tsikas

Highlights

  • නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය සේවකයින්ට බලපාන නිරෝධායන නීති සංශෝධනය කර ඇති අතර දින 14 ක් වෙනුවට දැන් හුදකලා වී දින හතකට පසු නැවත සේවයට පැමිණිය හැකිය.
  • සිඩ්නි හි St Vincent රෝහල මගින් වාර දෙකකදී යවනු ලැබූ වැරදි PCR ප්‍රතිඵල අඩංගු කෙටි පණිවිඩ නිසා තවමත් ප්‍රතිඵල නිශ්චය කර නොමැති පුද්ගලයින් 1000 කට පමණ ඔවුන්ගේ PCR ප්‍රතිඵල ඍණාත්මක බවට දැනුම් දී ඇත.
  • NSW සෞඛ්‍ය අමාත්‍ය Brad Hazzard පවසන පරිදි ක්වීන්ස්ලන්තයට පැමිණෙන සංචාරකයින්ගේ අවශ්‍යතාවක් ලෙස නම් කර ඇති PCR පරීක්ෂණ සිදුකරගැනීම සඳහා පෝලිම් විශාල ප්‍රමාණයක් දක්නට ලැබෙන අතර එම අවශ්‍යතාව ඔහු දැඩි ලෙස හෙළා දැක තිබේ.
  • වෙනත් ප්‍රාන්තවල සිට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට පැමිණෙන පුද්ගලයින් සඳහා පස්වන දිනයේ සිදුකළ යුතු කොවිඩ් පරීක්ෂණය අවලංගු කරන බව නමුත් දේශසීමා බලපත්‍ර අයදුම්පත් කිරීම සඳහා තවමත් අදාළ සංචාරකයින් කොවිඩ් පරීක්ෂණයක් සිදු කිරීමට එකඟ විය යුතු බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සෞඛ්‍ය ඇමතිනී Yvette D’Ath නිවේදනය කළාය.
  • බටහිර ඔස්ට්‍රේලියාවේ, පර්ත් සහ පීල් ප්‍රදේශ 2022 ජනවාරි 4 වන දා අඟහරුවාදා පෙ.ව. 6:00 දක්වා මහජන සෞඛ්‍ය නීති බලාත්මක කෙරෙනු ඇත.
  • ඊයේ දිනයේදී සමස්ත ඔස්ට්‍රේලියාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව පළමු වරට 10,000 ඉක්මවා ගියේය.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

  • ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 6,062 ක් හමුවී ඇති අතර එක් කොවිඩ් මරණයක් වාර්තා වේ.
  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 2,738 ක් සමග කොවිඩ් මරණ 4 ක් වාර්තා වේ.
  • ක්වීන්ස්ලන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,158 ක් වාර්තා වන අතර කොවිඩ් රෝගීන් 6 දෙනෙකු රෝහල් ගතකර ප්‍රතිකාර ලබන බව සඳහන්.
  • ගතවූ පැය 24 තුළ ටස්මේනියා ප්‍රාන්තයෙන් ද කොවිඩ් ආසාදිතයින් 43 ක් වාර්තා වේ.

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

සංචාරය කිරීම සම්බන්ධයෙන්

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන:

NSW 

Victoria 

Queensland 

South Australia 

ACT 

Western Australia 

Tasmania

Northern Territory 


ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳ තොරතුරු

Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න


Share

3 min read

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now