COVID 19 update 01 Dec: NSW වෙතින් 6 වන Omicron ආසදිතයාත්, නිරෝධායන දඩ මුදල්ද දෙගුණ කරයි

2021 දෙසැම්බර් 01 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

People wearing PPE arriving at Sydney International Airport in Sydney, Monday, November 29, 2021.

People arriving at Sydney International Airport in Sydney. Source: AAP

Highlights

Omicron කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ 6 වන ආසදිතයාද නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් සොයාගෙන තිබේ. පසුගිය සතියේ සිඩ්නි නුවරට පැමිණි අදාළ ගුවන් යානයේම මෙම පුද්ගලයා පැමිණ ඇති අතර ඔහු 40 වන වියෙහි පසුවන බව සඳහන්.

Omicron ප්‍රභේදයේ තර්ජනය පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු ලැබීමට සති දෙකක පමණ කාලයක් ගතවනු ඇති බව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය Paul Kelly පැවසීය.

මේ අතර නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවලට ඇතුළු වන සියලුම ජාත්‍යන්තර සංචාරකයින් පැය 72ක් හුදෙකලා වී කොවිඩ් පරීක්ෂණයක් කළ යුතුය. නිව් සවුත් වේල්ස් වෙත පැමිණීමෙන් පසු හයවන දින දෙවන කොවිඩ් පරීක්ෂණය කරගත යුතුය. එමෙන්ම නිරෝධායනය අවසන්ව ගිය පසු පවා වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණ පස්වන සහ හත්වන දින අතර දෙවන කොවිඩ් පරීක්ෂණය කරගත යුතුය.

Omicron ප්‍රභේදය නිසා අවදානම් රටවල් ලෙස නම් කර ඇති දකුණු අප්‍රිකානු රටවල්වලින් නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත වෙත ඇතුළු වන සියලුම සංචාරකයින් දින 14 ක් නිරෝධායනය වීම අවශ්‍ය වේ.

නිරෝධායන හෝ කොවිඩ් පරීක්ෂණ අවශ්‍යතාවලට අනුකූල වීමට අපොහොසත් වන අය සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සිය දඩ මුදල ඩොලර් 1000 සිට ඩොලර් 5000 දක්වා වැඩි කර ඇත. අදාළ නීති උල්ලංඝනය කරන ආයතන සඳහා දඩ මුදල ඩොලර් 10,000 දක්වා දෙගුණ කර ඇත.

COVID-19 සංඛ්‍යා දත්ත

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,179 ක් සමග කොවිඩ් මරණ 6 ක් වාර්තා වේ.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 251 ක් හමුවී ඇත.


නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

සංචාරය කිරීම සම්බන්ධයෙන්

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට



භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

2 min read

Published

Updated

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now