COVID 19 update 24 September: Moderna එන්නත ලබාදෙන තාවකාලික මධ්‍යස්ථාන විවෘත කිරීමට වික්ටෝරියා ප්‍රාන්තය සූදානම් වේ

2021 සැප්තැම්බර් 24 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Victorian Police officers patrol through Bourke Street Mall ahead of a planned rally against mandatory Covid-19 vaccinations in Melbourne, Friday, September 24, 2021. (AAP Image/James Ross) NO ARCHIVING

Victorian Police officers patrol through Bourke Street Mall ahead of a planned rally in Melbourne, Friday, September 24, 2021. Source: AAP/James Ross

Highlights

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අවුරුදු 12 සිට 15 දක්වා ළමුන්ගෙන් තුනෙන් එකක් පමණ කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ඇත.
  • Moderna එන්නතේ අතිරේක මාත්‍රාවන් ලබාගත හැකි බවට වික්ටෝරියා ප්‍රාන්තය නිවේදනය කරයි.
  • ACT හි කොවිඩ් ආසාදිතයින් නිරාවරණය වූ ස්ථාන ලැයිස්තුව පුළුල් වේ.
  • කොවිඩ් එන්නත ලබාගැනීමට සුදුසු ඔස්ට්‍රේලියාවේ ජනගහනයෙන් 50% ක් කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 1,043 ක් හමුවී තිබේ.

ඊට අමතරව කොවිඩ් මරණ 11 ක්ද වාර්තා වේ.

මේ අතර Pfizer, Moderna හෝ AstraZeneca කොවිඩ් එන්නත්වලින් එකක මාත්‍රා දෙකම ලබාගත් ජාත්‍යන්තර සිසුන් 500 ක් දෙසැම්බර් මාසයට පෙර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට ගෙන්වා ගැනීමට ප්‍රාන්ත රජය පියවර ගෙන තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බටහිර කලාපයේ Lightning Ridge, දකුණු කලාපයේ Jindabyne, Southern Tablelands හි Crookwell සහ උතුරු කලාපයේ South Lismore ප්‍රදේශවල අපජලයේ තිබී කොවිඩ් වයිරසයේ කොටස් හමුවී ඇත.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.

වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 733 ක් හමුවී ඇති අතර ඉන් 84% ක්ම වයස අවුරුදු 50 ට අඩු පිරිස බව සඳහන්.

ඊට අමතරව එක් කොවිඩ් මරණයක්ද වාර්තා විය.

මේ අතර ඉදිරි සති කිහිපය තුළදී වික්ටෝරියා ප්‍රාන්තය පුරා පිහිටි ඖෂධාගර 700 කට අධික සංඛ්‍යාවකට Moderna එන්නතේ මාත්‍රාවන් 300,000 කට වඩා ලැබෙනු ඇති බව වික්ටෝරියා ප්‍රාන්ත රජයේ සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පවසයි.

එසේම, Moderna එන්නතෙහි අතිරේක මාත්‍රාවන් 32,000 ක් පමණ තාවකාලික කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථාන සඳහා වෙන් කෙරෙන අතර වයස අවුරුදු 12-59 අතර ඕනෑම අයෙකුට ඒවා ලබා ගත හැකිය.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

Australian Capital Territory

ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 19 ක් වාර්තා වේ.

මේ අතර උතුරු කැන්බරා හි Calvary Haydon Retirement Community නමැති Aged Care මධ්‍යස්ථානයේ පූර්ණ කොවිඩ් එන්නත ලබාගත් හෙදියක් COVID-19 වයිරසයට ධනාත්මක බව තහවුරු වී තිබේ.

තවද ACT හි කොවිඩ් ආසාදිතයින් නිරාවරණය වූ ස්ථාන ලැයිස්තුව මේ වන විට 450  ක් පමණ වන බව සඳහන්.

ACT හි කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

ටස්මේනියා ප්‍රාන්තය

නිවසේදීම නිරෝධායනය වීම අත්හදා බැලීමේ ව්‍යාපෘතිය ටස්මේනියා ප්‍රාන්තය අද ආරම්භ කරයි.

ටස්මේනියා ප්‍රාන්තයේ නිවසේදීම නිරෝධායනය වීම සඳහා අදාළ පුද්ගලයින්ට කොවිඩ් පරීක්ෂණයක් කර ඍණාත්මක ප්‍රතිඵල ලබා ගත යුතු අතර ගුවන්තොටුපොළේ සිට නිවසට යාමට පුද්ගලික ප්‍රවාහන ක්‍රමයක් යොදාගත යුතුය.

COVID-19 myths
Source: SBS

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

3 min read

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now