COVID 19 update 15 September: NSW ප්‍රාන්තයේ ඇඳිරි නීතිය ඉවත් කරන විට වික්ටෝරියා හි Ballarat, lockdown කෙරේ

2021 සැප්තැම්බර් 15 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

 Marrickville, Sydney, Wednesday, September 15, 2021.

Members of the public wear face masks as they go about their daily lives in Marrickville, Sydney, Wednesday, September 15, 2021. Source: AAP Image/Bianca De March

Highlights

  • NSW ප්‍රාන්තයේ වයස අවුරුදු 16 ට වැඩි පුද්ගලයින්ගෙන් 47.5% ක් කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබා ඇති බව වාර්තා වේ.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ Shepparton කලාපයේ Lockdown කිරීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්.
  • ACT හි කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් ප්‍රතිශතය 75% ට ආසන්න වෙයි.
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කිසිදු කොවිඩ් ආසාදිතයෙකු හමු නොවේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 1,259 ක් හමුවී තිබේ.

ඊට අමතරව කොවිඩ් මරණ 12 ක්ද වාර්තා වේ.

මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් ප්‍රතිශතය 80% ට පැමිණ ඇති බව ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පවසයි.

තවද නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් මර්මස්ථාන ලෙස නම් කර ඇති නගර සභා කලාප 12 ට පනවා ඇති ඇඳිරි නීතිය අද රාත්‍රියේ සිට ඉවත් කෙරේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ කොවිඩ් පාලන සැලසුම යටතේ කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයින් 70% මට්ටමට ළඟා වූ පසු එම පුද්ගලයින්ව lockdown  කිරීම් වලින් නිදහස් කෙරේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.

වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 423 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ දෙකක් වාර්තා වේ.

මේ අතර Ballarat නගරය අද මධ්‍යම රාත්‍රියේ සිට දින 7 කට lockdown කෙරෙන බවත් මේ වන විට මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ lockdown නීති   Ballarat වැසියන්ද අනුගමනය කළ යුතු බවත් වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.

නමුත් Ballarat නගරයට ඇඳිරි නීතිය පැනවීමක් සිදු නොකෙරේ.

දින 3 ක් අලුත් ආසාදිතයින් නොමැතිවීම නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ Shepparton කලාපයේ Lockdown කිරීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

මේ අතර තවත් දුම්රිය රියදුරෙකු හට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු තවමත් වික්ටෝරියා ප්‍රාන්තයේ V/LIne දුම්රිය සේවාවන් අකර්මන්‍ය වී පවතින බව සඳහන්.

අද පටන් බොහෝ V/LIne දුම්රිය වෙනුවට විශාල ප්‍රමාණයේ බස් රථ යොදවන බවද වාර්තා වේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

Australian Capital Territory

ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 13 ක් වාර්තා වී ඇති අතර ඉන් 8 දෙනෙකු වයිරසය ආසාදනය වී තිබියදී ප්‍රජාව තුළ සිටි බව සඳහන්.

අද වන විට වයස අවුරුදු 12 ට වැඩි පුද්ගලයින්ගෙන් 75% ක් කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ඇති බව ACT ප්‍රධාන අමාත්‍ය Andrew Barr පවසයි.

ACT හි කොව්ඩ් එන්නත ලබාගත හැක්කේ කාටද යන්න පිළිබඳ මෙතනින් දැනගන්න.

Northern Territory

Northern Territory කොවිඩ් මර්දන සැලසුමේ තුන්වන අදියර යටතේ අධි අවදානම් සහිත සේවකයින්ට කොවිඩ් එන්නත ලබා දීම අනිවාර්ය කෙරේ.

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

4 min read

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now