COVID 19 update 12 Jan:ඕස්ට්‍රේලියාවෙන් මරණ 42ක් වාර්තා වෙද්දී NSW ප්‍රාන්තය ධනාත්මක rapid antigen වාර්තා කිරීමත් අනිවාර්ය කරයි

2022 ජනවාරි 12 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Paramedics tending to their ambulance outside St Vincent hospital in Melbourne.

Paramedics tending to their ambulance outside St Vincent hospital in Melbourne. Source: AAP

  • අද, කෝවිඩ් වසංගතයේ මාරාන්තිකම දිනය ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන අතර සමස්ත ඕස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 42ක් වාර්තා වී තිබේ.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ServiceNSW app එක හරහා ධනාත්මක rapid antigen ප්‍රතිපල වාර්තා කිරීම අනිවාර්ය කොට ඇති අතර එය වාර්තා කිරීම පැහැර හැරියහොත් ජනවාරි 19 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඩොලර් 1,000ක දඩයකට යටත්වේ.
  • අද වාර්තා වූ මරණ අතුරින් 21ක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වන අතර එක් පුද්ගලයකු 30 වැනි වියේ පසුවේ. එමෙන්ම පසුගිය පැය 24ක කාලය තුලදී වාර්තා වූ ආසාදිත සංක්‍යාව 34,759කි.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Kerry Chant සඳහන් කොට සිටින්නේ මෙලෙස හමුවූ 90%ක ප්‍රතිශතයක පිරිසකට Omicron වෛරස ප්‍රභේදය අසාදනය වී ඇති බවයි.
  • පසුගිය පැය 24ක කාලය තුලදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වූ ආසාදිත සංක්‍යාව 40,127 ක් වන අතර මරණ සංක්‍යාව 21කි.
  • වික්ටෝරියා ප්‍රාන්තය තුල මේ වනවිට රෝහල්ගත කොට ඇති පිරිස 946 වශයෙන් සටහන් වන අතර එය ඊයේ දිනයට සැසඳීමේදී ආසාදිතයින් 85ක ඉහල යාමකි.එමෙන්ම කොවිඩ් ආසාදිතයින් මේ වනවිට 112 දෙනෙකු දැඩි සත්කාරක ඒකකයේ පසුවන අතර 31 දෙනෙකු ශ්වසන ආධාරක මත සිටින බවද සඳහන්.
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිතයින් 525 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.එමෙන්ම මේ වනවිට 30 දෙනෙකු දැඩි සත්කාරක ඒකකයේ පසුවන අතර 8 දෙනෙකු ශ්වසන ආධාරක මත සිටින බව වාර්තා වේ.
  • මේ වනවිට ශීඝ්‍ර ලෙස ඉහල යන අසාදිත සංක්‍යාවත් සමග අහාර සැපයුම් සඳහා දැඩි බලපෑමක් එල්ල වීම හේතුවෙන් ව්‍යාපාරික අංශවල COVID-19 හුදකලා නීති ලිහිල් කිරීම පිළිබඳව වන හදිසි සෞඛ්‍ය රැස්වීම් අඛණ්ඩව සිදු කෙරේ.
  • මුල් එන්නත් මාත්‍රා නැවත නැවතත් බූස්ටර් එන්නත් වශයෙන් ලබා දීම මේ වනවිට මතුවන නව කොවිඩ් ප්‍රභේද සඳහා උපාය මාර්ගයක් නොවන අතර, ඒ සඳහා වැඩි ආරක්ෂාවක් සහිත නව එන්නත් අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රවීණයන් අනතුරු අඟවා තිබේ.
  • ඉදිරි සති හයත් අටත් අතර කාලය තුළ ඔමික්‍රොන් ප්‍රභේදය යුරෝපීයයන්ගෙන් අඩකට වඩා ආසාදනය වීමට නියමිත බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා අධ්‍යක්ෂ Hans Kluge පවසයි.

ප්‍රාන්ත සහ ටෙරිටරි වල rapid antigen test (RAT) ප්‍රතිඵල ලියාපදිංචි කිරීමට වන අයදුම්පත්

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

  • ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 34,759 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 21 ක් වාර්තා වේ. 
  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 40,127 ක් සමග කොවිඩ් මරණ 21 ක් වාර්තා වේ. ඔවුන්ගෙන් 18,434 දෙනෙකු rapid antigen පරීක්ෂණ හරහා වාර්තා වී තිබේ.
  • ක්වීන්ස්ලන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 22,069 ක් වාර්තා වන අතර ඔවුන්ගෙන් 3,985 දෙනෙකු rapid antigen පරීක්ෂණ හරහා වාර්තා වී තිබේ.
  • ගතවූ පැය 24 තුළ ටස්මෙනියාවෙන් ආසාදිතයින් 1,583 ක් වාර්තා වේ.

 


නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

සංචාරය කිරීම සම්බන්ධයෙන්

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට


 

භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන:

NSW 

Victoria 

Queensland 

South Australia 

ACT 

Western Australia 

Tasmania

Northern Territory 


ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳ තොරතුරු

Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න


Share

3 min read

Published

Updated

By Nipuna Dodangoda




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now