COVID 19 update 19 October: NSW ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපවල යළි කොව්ඩ් හිස එසවීමේ අවදානමක්

2021 ඔක්තෝබර් 19 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Picha za wafanyakazi wa mstari wa mbele zamulikwa kwenye paa za Sydney Opera House na umma wa NSW ulio chanjwa kuadhimisha kufikisha lengo la 80% ya chanjo.

Picha za wafanyakazi wa mstari wa mbele zamulikwa kwenye paa za Sydney Opera House na umma wa NSW ulio chanjwa kuadhimisha kufikisha lengo la 80% ya chanjo. Source: AAP/DEAN LEWINS

Highlights

  • කොවිඩ් එන්නත්කරණ අනුපාතය ඉහළ නැංවීම සඳහා වික්ටෝරියා ප්‍රාන්තය ඩොලර් මිලියන 21 ක පැකේජයක් නිවේදනය කරයි.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපවල කොව්ඩ් ආසාදිතයින් වැඩිවීම කෙරෙහි වැඩි අවධානයක්.
  • කොවිඩ් නීති ලිහිල් කරන බවට ACT රජය නිවේදනය කරයි.

වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,749 ක් සමග කොවිඩ් මරණ 11 ක් වාර්තා වේ.

මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ වයස අවුරුදු 16 ට වැඩි පිරිසෙන් 89.4% ක් කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ඇති අතර 67.2% ක් දෙවැනි මාත්‍රාව ද ලබා තිබේ.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් එන්නත්කරණ අනුපාතය ඉහළ නැංවීම සඳහා ඩොලර් මිලියන 21 ක පැකේජයක් ප්‍රාන්ත අගමැති Daniel Andrews නිවේදනය කළේය.

වැඩිපුර තාවකාලික කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථාන විවෘත කිරීම, ප්‍රවාහන කටයුතු සහ කොවිඩ් එන්නත්කරණයට අදාළව ප්‍රජාවන්ට අවශ්‍ය ඕනෑම විකල්පයක් ලබා දීම ඊට ඇතුළත් වේ.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තය කොවිඩ් එන්නත්කරණයේ ද්විත්ව මාත්‍රා ලබාගත් පිරිසේ 70% ඉලක්කය කරා ළඟාවූ විට ප්‍රාන්තයේ කොවිඩ් නීති සංශෝධනයේදී හුදකලා වීමේ කාලය කෙටි කිරීමට අපේක්ෂා කරන බවද වික්ටෝරියානු ප්‍රාන්ත රජය තහවුරු කළේය.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 273 ක් හමුවී තිබේ.

ඊට අමතරව කොවිඩ් මරණ 4 ක්ද වාර්තා වේ.

මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 12 - 15 අතර දරුවන්ගෙන් 75% ක් කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ඇති අතර 35.5% ක් දෙවැනි මාත්‍රාව ද ලබා තිබේ.

මෙන්ම වයස අවුරුදු 16 ට වැඩි ප්‍රාන්ත ජනගහනයෙන් මාත්‍රා දෙකම ලබාගත් ප්‍රතිශතය 80% මට්ටම ඉක්මවා ගොස් ඇත.

මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපවල කොව්ඩ් ආසාදිතයින් වැඩිවීම වැඩි අවධානයක් යොමු කළ යුතු සිදුවීමක් බවත් එනිසාම මෙතෙක් කොවිඩ් එන්නත ලබා නොගත් පුද්ගලයින් ඉක්මණින් එන්නත ලබා ගැනීම සිදුකරන ලෙසත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී Kerry Chant පැවසුවාය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.

Australian Capital Territory

ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 24 ක් වාර්තා වන අතර ඉන් 21 ක් දැනට හඳුනාගෙන ඇති ආසාදිතයින් සමග සම්බන්ධ බවට වාර්තා වේ.

ACT හි වයස අවුරුදු 12 සහ ඊට වැඩි පිරිසෙන් 80% කට වඩා කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන තිබීම නිසා කොව්ඩ් නීති ලිහිල් කරන බව ACT ප්‍රධාන අමාත්‍යවරයා නිවේදනය කළේය.

ඒ අනුව ඔක්තෝබර් 21 වනදා රාත්‍රී 11:59 සිට අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන සියලුම ව්‍යාපාර ආරම්භ කිරීමට අවසර ලැබේ.

ACT හි කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

කොවිඩ් එන්නත්කරණයේ 70%, 80% සහ 90% මට්ටම් වලට පැමිණි පසු දේශීය සහ ජාත්‍යන්තර සංචාර සඳහා ක්වීන්ස්ලන්තය විවෘත කිරීමේ සැලසුම අද එළිදැක්විණි.

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න





 

Share

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
COVID 19 update 19 October: NSW ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපවල යළි කොව්ඩ් හිස එසවීමේ අවදානමක් | SBS Sinhala