Highlights
- Greater Sydney කලාපයේ තාවකාලික වීසා ලාභීන්ට රතු කුරුස සංවිධානයෙන් ආර්ථික දීමනාවක්.
- වික්ටෝරියා ප්‍රාන්තයේ 12 වසරේ පාසල් සිසුන්ට කොවිඩ් එන්නත ලබාදීම ඇරඹේ.
- ACT හි ආබාධ සහිත පුද්ගලයින්ට වැඩිපුර කොවිඩ් එන්නත ලබාදීමට සහ කොවිඩ් පරීක්ෂණ සිදුකිරීමට පියවර.
- දකුණු ඔස්ට්‍රේලියා සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තවලින් කිසිදු කොවිඩ් ආසාදිතයෙකු වාර්තා නොවෙයි.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 1,220 ක් හමුවී තිබේ.
ඊට අමතරව කොවිඩ් මරණ 8 ක්ද වාර්තා වේ.
සැප්තැම්බර් මාසයේදී දින හතක කොවිඩ් ආසදිතයින්ගේ සාමාන්‍යය 1500 ක් පමණ වන බව අපේක්ෂා කළ හැකි බැවින් ඉක්මනින් කොවිඩ් එන්නත් ලබා ගන්නා ලෙස St Vincent රෝහලේ ඇබෝර්ජීනියානු සෞඛ්‍ය පිළිබඳ අධ්‍යක්ෂිකා Pauline Deweerd ඇබෝර්ජීනියානු ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර Greater Sydney කලාපයේ lockdown කිරීමට හසුවී සිටින තාවකාලික වීසා ලාභීන්ට සහ වීසා නොමැති පුද්ගලයින්ට $400 ක එකවරක් පමණක් ගෙවනු ලබන දීමනාවක් ලබා දීමට ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය පියවර ගෙන තිබේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.
වික්ටෝරියා ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 246 ක් හමුවී තිබේ.
ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට සිටින සක්‍රිය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,786 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ 12 වසරේ පාසල් සිසුන් හට කොවිඩ් එන්නත ලබාදීමේ ක්‍රියාවලිය ආරම්භ කෙරේ.
ඔවුන්ගේ පාසල් අවසාන විභාගය ආරම්භ වීමට පෙර ඔවුන්ට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාදීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි.
වික්ටෝරියා ප්‍රාන්තයේ 12 වසරේ පාසල් සිසුන් හට කොවිඩ් එන්නත් ලබාගැනීම උදෙසා දින 10 ක ප්‍රමුඛතා කාලයක් ලබා දී ඇත.
ඒ අනුව ප්‍රාන්තයේ 12 වසරේ සිසුන්ට, ගුරුවරුන්ට සහ විභාග පරීක්ෂකවරුන්ට මෙන්ම ඇගයුම්කරුවන්ට Pfizer එන්නත ලබාගැනීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය අවස්ථාව දී තිබේ.
වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.
Australian Capital Territory
ACT හි නව ආසාදිතයින් 19 ක් වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් අවම වශයෙන් ආසාදිතයින් 6 ක් වයිරසය වැළදී තිබියදී ප්‍රජාව තුළ සිටි බව සඳහන්.
මේ අතර ACT හි ආබාධ සහිත පුද්ගලයින්ට වැඩිපුර කොවිඩ් එන්නත ලබාදීමට සහ කොවිඩ් පරීක්ෂණ සිදුකිරීමට ACT රජය පියවර ගෙන තිබේ.
වෙස්ටන් ක්‍රීක් ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථානය ඒ සඳහා පිළියෙළ කොට ඇත.
ACT හි කොව්ඩ් එන්නත ලබාගත හැක්කේ කාටද යන්න පිළිබඳ මෙතනින් දැනගන්න.
නිරෝධායනය, සංචාරක, පරීක්ෂණ සායන සහ වසංගත ආපදා ගෙවීම්
ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.
- නිව් සවුත් වේල්ස් ගමනාගමන හා ප්‍රවාහන සහ නිරෝධායන කටයුතු
- වික්ටෝරියා අවසර පත්‍ර , විදෙස් සංචාරකයින් සහ නිරෝධායන කටයුතු
- ACT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- NT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- ක්වීන්ස්ලන්තය ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- දකුණු ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- ටස්මේනියා ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- බටහිර ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.
වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.
භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, Victoria, Queensland, Western Australia, South Australia, Northern Territory, ACT, Tasmania.
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:
එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න
- නිව් සවුත් වේල්ස්
- වික්ටෝරියා
- ක්වීන්ස්ලන්තය
- දකුණු ඔස්ට්‍රේලියාව
- ACT
- බටහිර ඔස්ට්‍රේලියාව
- ටස්මේනියා
- නොදර්න් ටෙරිටරිය

