COVID 19 update 13 Jan: කැබිනට් මණ්ඩලය පාසල් පිලිබඳ සාකච්චා කරද්දී NSW ප්‍රාන්තයේ ආසාදිතයින් 92,000 ඉක්මවයි

2022 ජනවාරි 13 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Traffic controllers direct cars at a drive-through COVID-19 testing clinic at Bondi Beach in Sydney.

Traffic controllers direct cars at a drive-through COVID-19 testing clinic at Bondi Beach in Sydney. Source: AAP

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පළමු වරට එක් කල ධනාත්මක rapid antigen ප්‍රතිඵල සමග එම ප්‍රාන්තයෙන් නව ආසාදිතයින් 92,264ක් වාර්තා වේ. මෙමගින් ආසාදිතයින් 30,877කු PCR මගින් සහ 61,387කු RAT පරීක්ෂණ මගින් වාර්තා වී තිබේ.
  • නිව් සවුත් පෙල්ස් ප්‍රාන්තයේ RAT පරීක්ෂණ වාර්තා කිරීමේ ක්‍රමය ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන අතර ඒ සඳහා මෙම වසර ආරම්භයේ සිට ලැබුණු ධනාත්මක RAT පරීක්ෂණ වාර්තා කරන ලෙසට ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලා තිබේ.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය කොවිඩ් වෛරසය ඇරඹුණු දින සිට මාරාන්තිකම දිනය වාර්තා කරන අතර ආසාදිතයින් 22කු ජීවිතක්ෂයට පත්ව තිබේ.
  • වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව කොවිඩ් ආසාදිතයින් 37,169කු වාර්තා වන අතර මරණ 25ක් වාර්තා වේ. ප්‍රාන්තය තුල මේ වනවිට රෝහල්ගත කොට ඇති පිරිස 953 වශයෙන් සටහන් වේ.එමෙන්ම කොවිඩ් ආසාදිතයින් මේ වනවිට 111 දෙනෙකු දැඩි සත්කාරක ඒකකයේ පසුවන අතර 29 දෙනෙකු ශ්වසන ආධාරක මත සිටින බවද සඳහන්. 
  • අද සිට ප්‍රාන්තය තුල ආගන්තුක සත්කාර සහ විනෝදාස්වාද ස්ථාන වල ගෘහස්ථ නර්තන තල වසා දැමීමට නව නීති ක්‍රියාත්මක වේ.
  • ඉහල යන කොවිඩ් ආසාදිතයින් මධ්‍යයේ වුවද පාසල් සිසුන් හට නැවත ආරක්ෂිතව පාසල් වෙත යා හැකි ආකාරය සම්බන්ධයෙන් වන සැලසුම් පිළිබඳව අද ජාතික කැබිනට් මණ්ඩලදී සාකච්චා කෙරේ.
  • Job seeker දීමනා ලබන පිරිස සහ ඕස්ට්‍රේලියානු රජයේ පවතින, රජය පවසන දෑ සඳහා එකඟ වීමට වන අන්‍යෝන්‍ය බැඳීම් අත්හිටුවන ලෙස උපදේශක කණ්ඩායම් මධ්‍යම රජයෙන් ඉල්ලා සිටී. මේ සඳහා ඔවුන් හට COVID-19 වැළඳීමේ දැඩි අවදානමක් පැවතීම හේතුව වී තිබේ.
  • කොවිඩ් වෛරසයට එරෙහිව එන්නත් ලබා නොමැති පිරිසට Omicron වෛරස ප්‍රභේදය භයානක වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවා සිටී.
  • එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කොට සිටින්නේ මෙය වෛරසයේ අවසානය යන හැඟීම මත මෙම ප්‍රභේදයට යටත් වියයුතු නොමැති බවයි.

ප්‍රාන්ත සහ ටෙරිටරි වල rapid antigen test (RAT) ප්‍රතිඵල ලියාපදිංචි කිරීමට වන අයදුම්පත්

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

  • ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 92,264 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 22 ක් වාර්තා වේ. ඔවුන්ගෙන් 30,877 දෙනෙකු PCR පරීක්ෂණ හරහා සහ 61,387 දෙනෙකු rapid antigen පරීක්ෂණ හරහා වාර්තා වී තිබේ.
  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 37,169 ක් සමග කොවිඩ් මරණ 25 ක් වාර්තා වේ. ඔවුන්ගෙන් 20,326 PCR පරීක්ෂණ හරහා සහ 16,843 දෙනෙකු rapid antigen පරීක්ෂණ හරහා වාර්තා වී තිබේ.
  • ක්වීන්ස්ලන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 14,914 ක් සහ මරණ 6ක් වාර්තා වේ. ප්‍රාන්තය තුල ආසාදිතයින් 556 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර 26 දෙනෙකු දැඩි සත්කාරක ඒකකයන්හි පසුවේ.එමෙන්ම 10 දෙනෙකු ශ්වසන ආධාරක මත පසුවේ.
  • ගතවූ පැය 24 තුළ ටස්මෙනියාවෙන් ආසාදිතයින් 1,100 ක් සහ නොදර්න් ටෙරිටරියෙන් ආසාදිතයින් 550ක් වාර්තා වේ.
  • ගතවූ පැය 24 තුළ ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියේ RAT පරීක්ෂණ මගින් ආසාදිතයින් 1,020 ක් වාර්තා වේ.

 


  • නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

    ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්නසංචාරය කිරීම සම්බන්ධයෙන්ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ

    මූල්‍ය උපකාර

    ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට 


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන:

NSW 

Victoria 

Queensland 

South Australia 

ACT 

Western Australia 

Tasmania

Northern Territory 


ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳ තොරතුරු

Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න


Share

4 min read

Published

Updated

By Nipuna Dodangoda




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now