COVID 19 update 27 September: NSW ප්‍රාන්තය දෙසැම්බර් 01 වන විට 'COVID normal' වීමට යයි

2021 සැප්තැම්බර් 27 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Birrong Leisure and Aquatic Centre

Public arrives at the Birrong Leisure and Aquatic Centre, after outdoor swimming pool were allowed to open today in Sydney, Monday, September 27, 2021. Source: AAP Image/Bianca De March

Highlights

  • අදියර තුනකින් යුත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ lockdown වලින් නිදහස් කිරීමේ සැලසුම එළිදක්වයි.
  • කොවිඩ් එන්නත ලබා දීමේ උත්සාහය ඉහළ නැංවීම සඳහා වික්ටෝරියා ප්‍රාන්තය වෛද්‍යවරුන්ට සහ ෆාමසි සඳහා මුල්‍ය ප්‍රදාන නිවේදනය කරයි.
  • ACT වෙතින් පළමු ඩෙල්ටා කොවිඩ් මරණය වාර්තා වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 787 ක් හමුවී තිබේ.

ඊට අමතරව කොවිඩ් මරණ 12 ක්ද වාර්තා වේ.

ඊට අමතරව එළිමහන් පිහිණුම් තටාක නැවත විවෘත කිරීමට අවසර දී ඇති අතර කොවිඩ් ආරක්‍ෂක සැලසුම් සමඟ ඉදිකිරීම් ස්ථානවල දැන් පූර්ණ සේවකයින් යොදවා රාජකාරී කළ හැකිය.

මේ අතර ඔක්තෝම්බර් 11 දා සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් නීති තවදුරටත් ලිහිල් කරන බව තහවුරු කළ ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian, ප්‍රාන්තයේ ජනගහනයෙන් 70% ක් කොවිඩ් එන්නත ලබාගැනීමෙන් පසුව lockdown කිරීම් වලින් නිදහස් කෙරෙන සැලසුම නිවේදනය කළාය.

කෙසේනමුත්, ප්‍රාන්ත වැසියන්ගෙන් 80% ක් කොවිඩ් එන්නතේ මාත්‍රා ද්විත්වයම ලබාගන්නා තෙක් ප්‍රාදේශීය කලාපවල සංචාරය කිරීමට අවසර නොදෙන බවද ඇය ප්‍රකාශ කළාය.

ප්‍රාන්ත වැසියන්ගෙන් 80% ක් කොවිඩ් එන්නතේ මාත්‍රා ද්විත්වයම ලබාගත් විට විවාහ සහ අවමංගල උත්සව සඳහා සහභාගී විය හැකි පූර්ණ එන්නත් ලබාගත් පිරිසගේ සීමාව ඉවත් කෙරෙන අතර ප්‍රජා ක්‍රීඩාවන් ආරම්භ කළ හැකිය.

එමෙන්ම නිවසකට අමුත්තන් 10 දෙනෙකු ගෙන්වා ගැනීමටද හැකිවේ.

මෙම සැලසුමේ තුන්වන අදියර "COVID Normal" ලෙස හැඳින්වෙන අතර එය දෙසැම්බර් 01 වන දින සිට ක්‍රියාත්මක කිරීමට අදහස් කර ඇත.

ඒ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන්ගෙන් 90% ක් කොවිඩ් එන්නතේ මාත්‍රා ද්විත්වයම ලබාගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.

වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 705 ක් හමුවී ඇති අතර එක් කොවිඩ් මරණයක් වාර්තා වේ.

මේ අතර ඉහළ ආසාදිතයින් සංඛ්‍යාවක් සිටින සහ අඩු කොවිඩ් එන්නත්කරණ අනුපාතයක් ඇති නගර සභා කලාප එකොළහක වෛද්‍යවරුන් සහ ප්‍රජා ඔසුසල් සඳහා මුල්‍ය ප්‍රදාන ලබා දෙන බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews නිවේදනය කළේය.

Moreland, Brimbank, Cardinia, Casey, Darebin, Greater Dandenong, Hobsons Bay, Melton, Whitlesea, Windsor, සහ Hume යන නගර සභා ඊට ඇතුළත් වේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

Australian Capital Territory

ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 19 ක් සහ එක් කොවිඩ් මරණයක් වාර්තා වේ.

මේ අතර ඔක්තෝබර් 01 සිට ACT හි පුද්ගලයින් දෙදනෙකුට තවත් නිවසකට යාමට අවසර ලැබෙන අතර ව්‍යායාම් සහ විනෝදය සඳහා එළිමහනේ සිටීමට ලබාදී ඇති කාලය පැය 4 ක දක්වා දීර්ග කෙරේ.

ACT හි කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

4 min read

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now