Highlights
- කොවිඩ් එන්නත ලබාගැනීමට සුදුසු NSW ප්‍රාන්ත වැසියන්ගෙන් 40.8% ක් මාත්‍රා ද්විත්වයම ලබාගනී.
- නිවාස කුලිය ගෙවා ගැනීමට නොහැකිවී සිටින වික්ටෝරියානු ප්‍රාන්ත වැසියන්ට නව සහනයක්.
- AstraZeneca මාත්‍රාවන් දෙක ලබාගැනීමට නියමිත කාලය ACT හි සති 4 - 8 ට අඩු කරයි.
- ක්වීන්ස්ලන්තයේ පවුලේ වෛද්‍යවරුන් හරහා ලබාදෙන Pfizer එන්නත් ප්‍රමාණය වැඩි කිරීමට යයි.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 1,281 ක් හමුවී තිබේ.
එයින් ආසාදිතයින් 831 ක් බටහිර හා නිරිතදිග සිඩ්නි කලාපවලින් වාර්තා වී ඇත.
ඊට අමතරව ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 5 ක්ද වාර්තා වේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සිය ප්‍රාන්ත වැසියන්ගෙන් 70% කට කොවිඩ් එන්නත ලබා දීමෙන් පසු රෝහල් ගත කිරීම් ඉහළ යනු ඇති බවට කොවිඩ් ආකෘතියෙන් පෙන්නුම් කෙරෙන නමුත් දැනට පවතින කොවිඩ් නීති හා සීමාවන් ලිහිල් කිරීමට එය බලපෑමක් නොවන බව ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පවසයි.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 177 ක් වන අතර 67 දෙනෙකු ශ්වසන අධාරක මත සිටින බවද සඳහන්.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.
වික්ටෝරියා ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 246 ක් හමුවී ඇති අතර ඉන් 121 දෙනෙක් දැනට හඳුනාගෙන ඇති කොවිඩ් පොකුරුවලට සම්බන්ධ බවට සොයාගෙන තිබේ.
මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ lockdown නීති නිසා ආර්ථික පීඩාවට පත්ව සිටින තම මාසික ආදායමෙන් 30% කට අධික නිවාස කුලියක් ගෙවන පුද්ගලයන්ට සහ තම මාසික කුලී ආදායමෙන් 20% ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අහිමි වූ කුලී නිවාස හිමියන්ට ආර්ථික සහන සලසන නව වැඩසටහනක් වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ නිවාස අමාත්‍ය Richard Wynne නිවේදනය කළේය.
වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.
Australian Capital Territory
ACT හි නව ආසාදිතයින් 11 ක් වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් අවම වශයෙන් ආසාදිතයින් 7 ක් වයිරසය වැළදී තිබියදී ප්‍රජාව තුළ සිටි බව සඳහන්.
මේ අතර දෙවැනි AstraZeneca මාත්‍රාව ලබාගැනීමට නියමිත ACT වැසියන්ට එය පළමු මාත්‍රාව ලබා සති 4 - 8 ත් අතර කාලයකින් ලබාගැනීමට ACT රජය අවසර දී ඇත.
ඒ අනුව MyDHR වෙබ් අඩවියෙන් හෝ පෙරවරු 7 සිට රාත්‍රී 7 දක්වා (02) 5124 7700 යන දුරකතන අංකය ඔස්සේ හෝ AstraZeneca දෙවැනි මාත්‍රාව ලබාගන්නා දිනය ACT වැසියන්ට වෙනස් කරගත හැකිය.
ACT හි කොව්ඩ් එන්නත ලබාගත හැක්කේ කාටද යන්න පිළිබඳ මෙතනින් දැනගන්න.
පසුගිය පැය 24දී ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති තොරතුරු:
- ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මේ වන විට Pfizer එන්නත පවුලේ වෛද්‍යවරුන් 341 ක් හරහා ලබාදෙමින් සිටින අතර ඉදිරි සති කිහිපය තුළ එයට තවත් 642 ක පිරිසක් එක්වනු ඇත.
- එක්සත් රාජධානියේ සිට ඔස්ට්‍රේලියාවට ඊයේ දිනයේදී තවත් Pfizer එන්නත් මාත්‍රා 450,000 ක් පැමිණියේය.
නිරෝධායනය, සංචාරක, පරීක්ෂණ සායන සහ වසංගත ආපදා ගෙවීම්
ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.
- නිව් සවුත් වේල්ස් ගමනාගමන හා ප්‍රවාහන සහ නිරෝධායන කටයුතු
- වික්ටෝරියා අවසර පත්‍ර , විදෙස් සංචාරකයින් සහ නිරෝධායන කටයුතු
- ACT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- NT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- ක්වීන්ස්ලන්තය ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- දකුණු ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- ටස්මේනියා ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- බටහිර ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.
වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.
භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, Victoria, Queensland, Western Australia, South Australia, Northern Territory, ACT, Tasmania.
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:
එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න
- නිව් සවුත් වේල්ස්
- වික්ටෝරියා
- ක්වීන්ස්ලන්තය
- දකුණු ඔස්ට්‍රේලියාව
- ACT
- බටහිර ඔස්ට්‍රේලියාව
- ටස්මේනියා
- නොදර්න් ටෙරිටරිය
එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න

