COVID 19 update 03 September: NSW ප්‍රාන්තයේ රෝහල්ගත කළ කොවිඩ් රෝගීන් 1,000 ට ආසන්න වෙයි

2021 සැප්තැම්බර් 03 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Omicron cases on the rise in NSW

Omicron cases on the rise in NSW Source: AAP Image/Dan Himbrechts

Highlights

  • NSW ප්‍රාන්තයේ රෝහල්ගත කළ කොවිඩ් රෝගීන් ගණන 1,000 ට ආසන්න වෙයි.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ තවමත් AstraZeneca එන්නත් මාත්‍රා 50,000 ක් ඉතිරියි.
  • ACT විසින් කුලී නිවැසියන් නෙරපා හැරීම සති දොළහකට තහනම් කර තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 1,431 ක් හමුවී තිබේ.

තවද කොවිඩ් මරණ 12 ක්ද සිදුවී ඇත.

මේ අතර ඉදිරි සති කිහිපය තුළදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඩෙල්ටා කොවිඩ් අර්බුදය තවදුරටත් උත්සන්න විය හැකි බව ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian අනතුරු අඟවයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 979 ක් වන අතර දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන පිරිස 160 කි.

එමෙන්ම 63 දෙනෙකු ශ්වසන අධාරක මත සිටින බවද සඳහන්.

තවද ඉදිරි දෙසතිය තුළදී කොවිඩ් රෝගීන් වැඩි වනු ඇතැයි සෞඛ්‍ය බලධාරීහු අපේක්ෂා කරති.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.

වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 208 ක් හමුවී ඇති අතර ඉන් 96 දෙනෙක් දැනට හඳුනාගෙන ඇති කොවිඩ් පොකුරුවලට සම්බන්ධ බවට සොයාගෙන තිබේ.

එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයෙන් එක් කොවිඩ් මරණයක් වාර්තා වන අතර මිය ගිය පුද්ගලයා 60 වන වියෙහි පසුවූ බව සඳහන්.

මේ අතර 12 වසරේ පාසල් සිසුන්ට කොවිඩ් එන්නත ලබා දීමේ ප්‍රමුඛතා වැඩසටහන සැප්තැම්බර් 7 වනදා සිට ආරම්භ වන බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

Australian Capital Territory

ACT හි නව ආසාදිතයින් 18 ක් වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් අවම වශයෙන් ආසාදිතයින් 15 ක් වයිරසය වැළදී තිබියදී ප්‍රජාව තුළ සිටි බව සඳහන්.

Lockdown නීති නිසා රැකියා අහිමිවූ සහ සේවා පැය ගණන අඩුවූ කුලී නිවැසියන් හට නිවාස කුලිය ගෙවා ගැනීමට නොහැකිවීම මත නිවාස වලින් නෙරපා හැරීම සති 12 කට තහනම් කිරීමට ACT රජය පියවර ගෙන තිබේ.

ACT හි කොව්ඩ් එන්නත ලබාගත හැක්කේ කාටද යන්න පිළිබඳ මෙතනින් දැනගන්න.


පසුගිය පැය 24දී ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති කොව්ඩ් තොරතුරු:

  • කොවිඩ් පැතිරී ඇති වෙනත් ප්‍රාන්තවල සිට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට පැමිණෙන සංචාරකයින්ට පනවා ඇති ප්‍රාන්ත සීමා තහනම නිසා සැප්තැම්බර් 6 වනදා සිට ක්වීන්ස්ලන්තයේ නිරෝධායන හෝටල්වල කාමර 680 ක් හිස්වනු ඇත.
  • කොවිඩ් එන්නත ලබාදීමේ ප්‍රමුඛතා කණ්ඩායමක් වුවද ඇබෝර්ජීනියානු සහ ටෝරස් දූපත් වැසියන්ගේ අවුරුදු 16 ට වැඩි පුද්ගලයින්ගෙන් කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබා ඇත්තේ 20% ක් පමණි.
  • ටස්මේනියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවකයින්ට කොවිඩ් එන්නත ලබාගැනීම අනිවාර්ය කළ බව වැඩබලන ප්‍රාන්ත අගමැති Jeremy Rockliff නිවේදනය කළේය.
alc covid mental health
Source: ALC

නිරෝධායනය, සංචාරක, පරීක්ෂණ සායන සහ වසංගත ආපදා ගෙවීම්

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

4 min read

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now