COVID 19 update 24 August: වික්ටෝරියා ප්‍රාන්තයේ 16 හෝ ඊට වැඩි පුද්ගලයින්ට Pfizer සහ AstraZeneca එන්නත් ද්විත්වයම

2021 අගෝස්තු 24 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

drive-through testing site at Shepparton Sports Precinct in Shepparton, Victoria, Tuesday, August 24, 2021.

صف رانندگان در پشت یک کلینیک سواره آزمایش کرونا در شهر شیپرتون Source: AAP Image/Daniel Pockett

Highlights

  • මේ දක්වා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය විසින් කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 6 ක් ලබාදෙයි.
  • වික්ටෝරියා ප්‍රාන්තය එන්නත් ලබාගැනීමට සුදුසු පුද්ගල පරාසය වැඩි කරයි.
  • තමාගේ වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ACT වාර්තා කරයි.
  • ක්වීන්ස්ලන්තයෙන් කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙක්.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 753 ක් හමුවී තිබේ.

ඒ අතරින් අවම වශයෙන් ආසාදිතයින් 49 ක් පමණ වයිරසය ශරීරගතව තිබියදී ප්‍රජාව තුළ සිටි බවට විශ්වාස කෙරේ.

මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය මේ වන විට කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 6 ක් ලබාදී ඇතැයි ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ජනගහනයෙන් 60% ක් එක් මාත්‍රාවක් හෝ ලබා ඇති බව එයින් ඇඟවෙන බව ද ඇය සඳහන් කළාය.

මේ අතර NSW ප්‍රාන්තයේ කොවිඩ් තත්ත්වය බරපතලව ඇති නගර සභා කලාප 12 තුළ සිටින වයස අවුරුදු 16 ත් 39 ත් අතරේ පසුවන disability සහ childcare සේවකයින්ට කොවිඩ් එන්නත ලබාගැනීමට ප්‍රමුඛතාව ලබාදී ඇත.

එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නතේ මාත්‍රා ද්විත්වයම ලබාගත් පුද්ගලයින්ට මේ සති අන්තයේදී වැඩි නිදහසක් ලබාදීම පිළිබඳ නිවේදනය කරන බව ප්‍රාන්ත සෞඛ්‍ය අංශ පැවසීය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 50 ක් හමුවී තිබේ.

ඒ සියලු ආසාදිතයින්ගෙන් 10 දෙනෙකු දැනට හඳුනාගෙන ඇති කොවිඩ් පොකුරු වලට සම්බන්ධ නොවන බව හෙළිවී ඇත.

එමෙන්ම අදාළ ආසාදිතයින් 50 දෙනාගෙන් 39 දෙනෙකු වයිරසය ශරීරගත වී තිබියදී ප්‍රජාව තුළ සිටි බවද වාර්තා වේ.

වයස අවුරුදු 16 හෝ ඊට වැඩි පුද්ගලයින්ට අගෝස්තු 25 සිට Pfizer හෝ AstraZeneca එන්නත ලබාගත හැකි බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් පරීක්ෂාවන් සිදුකරගත හැකි ස්ථාන මෙතනින්.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

Australian Capital Territory

ACT හි නව ආසාදිතයින් 30 ක් වාර්තා වේ.

එයින් ආසාදිතයින් 17 දෙනෙකු වයිරසය ශරීරගත වී තිබියදී ප්‍රජාව තුළ සිටි බවද වාර්තා වේ.

මේ අතර අයහපත් කාලගුණික තත්ත්ව නිසා වසා දැමුණු Kambah සහ Brindabella Business Park හි කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථාන හෙට සිට විවෘත කෙරේ.

ACT හි කොවිඩ් ආසාදිතයින් ආ ගිය ස්ථාන ලැයිස්තුව පිළිබඳ මෙතනින් දැනගන්න.

ACT හි කොව්ඩ් එන්නත ලබාගත හැක්කේ කාටද යන්න පිළිබඳ මෙතනින් දැනගන්න.


පසුගිය පැය 24දී ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති තොරතුරු:

  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වී ඇති අතර ඔවුන්ට වයිරසය වැළදුණු අයුරු පිළිබඳ මේ වන විට පරීක්ෂණ පවත්වමින් සිටී.
  • දෛනික ආසාදිතයින් සංඛ්‍යාව කුමක් වුවද 70% - 80% අතර කොවිඩ් එන්නත ලබා දීමෙන් මහජන සෞඛ්‍ය නීති යටතේ ඔස්ට්‍රේලියාව නැවත විවෘත කිරීම ආරක්ෂිත බව Doherty ආයතනය අවධාරණය කරයි.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App එක නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


Share

3 min read

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now