COVID 19 update 02 September: NSW ප්‍රාන්තය කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලැබූවන්ගේ 70% ට ළඟා වෙයි

2021 සැප්තැම්බර් 02 වනදා ඔස්ට්‍රේලියාවේ කොරෝනා වයිරස තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

The 12 local areas of concern in Sydney have been given back unlimited exercise.

The 12 local areas of concern in Sydney have been given back unlimited exercise. Source: AAP Image/Joel Carrett

Highlights

  • දකුණු දිග නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අප ජලයේ තිබී කොවිඩ් වයිරසයේ කොටස් සොයා ගනී.
  • මේ වසරේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වූ ඉහළම ආසාදිතයින් සංඛ්‍යාව අද.
  • ACT ජනගහනයෙන් 68% ක් කොවිඩ් එන්නත් ලබාගෙන තිබේ.
  • තවත් ට්‍රක් රියදුරෙකු නිසා ක්වීන්ස්ලන්තයෙන් එක් ආසාදිතයෙකු හමුවෙයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 1,288 ක් හමුවී තිබේ.

ඊට අමතරව කොරෝනා මරණ 7 ක් ද වාර්තා වේ.

කෙසේවෙතත්, අද දවස අවසන් වන විට කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබාගත් නිව් සවුත් වේල්ස් වැසියන්ගේ ප්‍රතිශතය 70% මට්ටමට ළඟා වීමට අපේක්ෂිතය.

තවද කොවිඩ් මර්මස්ථාන ලෙස නම් කර ඇති නගර සභා කලාප දොළහේ වැසියන්ට එළිමහනේ ව්‍යායාම කිරීමට පනවා ඇති පැයේ සීමාව සැප්තැම්බර් 03 වනදා සිකුරාදා සිට ඉවත් කෙරේ.

නමුත් අනෙක් කොවිඩ් නීති එලෙසම ක්‍රියාත්මක වේ.

මේ අතර කොවිඩ් ආසාදිතයින් වාර්තා නොවන Bega, Cooma සහ Bomaderry හි Illawarra Shoalhaven ප්‍රදේශ වල අප ජලයේ තිබී කොවිඩ් වයිරසයේ කොටස් හමුවී තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.

වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 176 ක් හමුවී තිබේ.

ඒ අතරින් 128 දෙනෙකු උතුරු සහ බටහිර මෙල්බර්න් ප්‍රදේශ වලින් බව සඳහන්.

සැප්තැම්බර් 3 වනදා සිට වයස අවුරුදු 12 ට අඩු ළමුන් සඳහා ක්‍රීඩා පිටි විවෘත කෙරෙන අතර ඔවුන් සමග මුව ආවරණ පැළඳගත් එක් වැඩිහිටියෙකුට පැමිණිය හැකිය.

අදාළ ක්‍රීඩා පිටිවලට ඇතුළු වීමේදී ඒවායේ ඇති QR කේතයන් scan කළ යුතුවන අතර ආහාර පාන ගැනීමට පවා අදාළ වැඩිහිටියන් තම මුව ආවරණය නොගැලවිය යුතුය.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ අදින් අවසන්වීමට නියමිතව තිබූ lockdown කාලය මෙම සැප්තැම්බර් මස 23 දා දක්වා තවත් සති 3 කින් දීර්ග කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය ඊයේ දිනයේදී තීරණය කළේය.

ප්‍රාන්ත ජනගහනයෙන් අවම වශයෙන් සියයට 70 ක ප්‍රමාණයකට කොවිඩ් එන්නත එක් මාත්‍රාවක් ලබා ගන්නා තුරු මෙලෙස මෙල්බර්න්හි lockdown කාලය දීර්ග කිරීමට ප්‍රාන්ත රජය තීරණය කොට ඇත.

ඒ අනුව රාත්‍රී 9 සිට පසුදා අලුයම 5 වන තෙක් මෙතෙක් ක්‍රියාත්මක වුනු ඇඳිරි නිතිය සැප්තැම්බර් මස 23 දා දක්වා එලෙසම ක්‍රියාත්මක වේ.

එසේම අත්‍යවශ්‍ය සේවාවන්හි නියුතු සේවකයින් ගේ දරුවන් සඳහා ගෘහස්ථව පවත්වාගෙන යන childcare මධ්‍යස්ථාන විවෘත කොට තැබීමට ද අවසර ලබාදී ඇත.

තවද, ළදරුවන් රැකබලා ගැනීම සඳහා නිවසට පැමිණෙන රැකබලා ගන්නන් ගේ සේවාව ලබාගැනීමේ අවසරය පාසැල් යන වයසේ දරුවන් ගේ වයස් ඛණ්ඩය දක්වා දීර්ග කොට ඇත.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

Australian Capital Territory

ACT හි නව ආසාදිතයින් 12 ක් වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් අවම වශයෙන් ආසාදිතයින් අට දෙනෙක් වයිරසය වැළදී තිබියදී ප්‍රජාව තුළ සිටි බව සඳහන්.

මේ අතර සැප්තැම්බර් 3 වනදා සිකුරාදා සිට කොවිඩ් එන්නත ලබාගැනීමට ACT රජයේ එන්නත් සායන වෙත යන ඕනෑම අයෙකුට බස් රථවල සහ සැහැල්ලු දුම්රියේ නොමිලයේ ප්‍රවාහන පහසුකම් සැපයීමට Transport Canberra පියවර ගෙන තිබේ.

ACT හි කොව්ඩ් එන්නත ලබාගත හැක්කේ කාටද යන්න පිළිබඳ මෙතනින් දැනගන්න.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

ක්වීන්ස්ලන්තය දින දෙකක් තුළ ප්‍රජාව තුළින් හමුවූ දෙවන ආසාදිතයා වාර්තා කරයි.

පළමු සහ දෙවැනි ආසාදිතයන් දෙදෙනාම ට්‍රක් රථ රියදුරන් වන නමුත් ඔවුන් දෙදෙනා එකිනෙකා සමග සම්බන්ධයක් නොමැති බව ද සඳහන්.
alc covid mental health
Source: ALC

නිරෝධායනය, සංචාරක, පරීක්ෂණ සායන සහ වසංගත ආපදා ගෙවීම්

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

Published

By Madhura Seneviratne, Dinesha Dilrukshi Wijesuriya
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service