Highlights
- COVID-19 හේතුවෙන් ඔස්ට්‍රේලියාව පුරා රෝහල්ගතවන පුද්ගලයින්ගේ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් පවතී. විශේෂයෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රෝහල්ගතවූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මේ වන විට 1,024 දක්වා ඉහළ ගොස් තිබේ.
- මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 83 සිට 95 දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 491 දෙනෙකු රෝහල්ගතවී ප්‍රතිකාර ලබන අතර 56 දෙනෙකු දැඩි සත්කාර ඒකකවලද 24 දෙනෙකු ශ්වසන ආධාරක මතද සිටින බව සඳහන්.
- අඩු සම්පත් හේතුවෙන් NSW රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙහෙසට පත්වී ඇති බවට සෞඛ්‍ය සේවා වෘත්තීය සමිතිය පවසා අතර රෝහල් පද්ධතිය මාස දෙක තුනක් ඇතුළත තීරණාත්මක අවධියකට පැමිණෙනු ඇතැයි අනතුරු අඟවයි.
- ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය rapid antigen පරීක්ෂණ කට්ටල මිලියන 84 ක් ඇණවුම් කර ඇති අතර එනිසාම ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තවලට තවත් rapid antigen පරීක්ෂණ කට්ටල සැපයුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg පැවසීය.
- කොවිඩ් සමීප ආශ්‍රිතයින් ලෙස සැලකෙන පුද්ගලයින් සඳහා rapid antigen පරීක්ෂණ නොමිලේ ලබාදෙන නමුත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඒවා සෑම කෙනෙකුටම නොමිලේ ලබා නොදෙන බව අගමැති Scott Morrison පැවසීය.
- Omicron ප්‍රභේදය නිසා ඇමෙරිකාව කොවිඩ් ආසදිත්යින්ගේ “සිරස් වැඩිවීමක්” අත්විඳින අතර, එහි උච්චතම අවස්ථාව සති කිහිපයකින් පමණ එළඹිය හැකි බව ඇමෙරිකාවේ බෝවන රෝග පිළිබඳ කටයුතු කරන ඉහළ පෙළේ නිලධාරියෙකු වන Anthony Fauci පැවසීය.
ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව
- ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 20,794 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 4 ක් වාර්තා වේ.
- ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 8,577 ක් සමග කොවිඩ් මරණ 3 ක් වාර්තා වේ.
- ක්වීන්ස්ලන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 4,249 ක් වාර්තා වන අතර ටස්මේනියා ප්‍රාන්තයෙන් 466 ක් වාර්තා වේ.
- ගතවූ පැය 24 තුළ ACT වෙතින් කොවිඩ් ආසාදිතයින් 514 ක් වාර්තා වේ.
නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න
සංචාරය කිරීම සම්බන්ධයෙන්
ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ
මූල්‍ය උපකාර
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.
Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට
භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, Victoria, Queensland, Western Australia, South Australia, Northern Territory, ACT, Tasmania.
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:
එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන:
ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳ තොරතුරු
Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න

