Highlights
- lockdown නිසා පීඩාවට පත්වූවන්ට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් නව ආර්ථික දීමනා 2 ක්.
- මෙල්බර්න් නුවර lockdown කිරීම තවත් සති දෙකකින් දීර්ග කෙරේ.
- Northern Territory හි කොටසක් lockdown කෙරේ.
- ACT වලින් ආසාදිතයින් 19 ක් හමුවන විට ක්වීන්ස්ලන්තයෙන් කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවෙයි.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 478 ක් හමුවී තිබේ.
ඊට අමතරව කොරෝනා මරණ 7 ක් ද වාර්තා වේ. එයින් 5 දෙනෙකුම කොවිඩ් එන්නත ලබානොගත් පුද්ගලයින් බව සඳහන්.
මේ අතර වයස අවුරුදු 17 ට වැඩි කොවිඩ් රෝග ලක්ෂණ ඇති රැකියා කරන පුද්ගලයින් කොවිඩ් පරීක්ෂණ සිදුකර ඒවායේ ප්‍රතිඵල ලැබෙන තෙක් හුදකලාවීමේදී $320 ක ආර්ථික දීමනාවක් ලබා දීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පියවර ගෙන තිබේ.
එමෙන්ම තාවකාලික වීසා හිමියන්ට සහ රජයේ වෙනත් ආර්ථික සහන දීමනා ලැබීමට නුසුදුසු පුද්ගලයින්ට රතු කුරුස සංවිධානය හරහා ඩොලර් 400 ක දුෂ්කර දීමනාවක් දැන් ලබාගත හැකිය.
මේ අතර සිඩ්නි කලාපයේ බරපතල ලෙස වයිරසය ව්‍යාප්ත වී ඇති නගර සභා කලාප 12 කට අමතර Pfizer මාත්‍රා 530,000 ක් මේ සතියේදී ලබාදීමට කටයුතු කර ඇති අතර එම ප්‍රදේශ වල වෙසෙන වයස අවුරුදු 20 ත් 39 ත් අතර පිරිස සඳහා එහිදී ප්‍රමුඛතාව හිමිවනු ඇත.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.
වික්ටෝරියා ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 22 ක් හමුවී තිබේ.
ඒ සියලු ආසාදිතයින්ගෙන් පස් දෙනෙකු දැනට හඳුනාගෙන ඇති කොරෝනා පොකුරු වලට සම්බන්ධ නොවන බව හෙළිවී ඇත.
එමෙන්ම අදාළ ආසාදිතයින් 22 දෙනාගෙන් 8 දෙනෙකු වයිරසය ශරීරගත වී තිබියදී ප්‍රජාව තුළ සිටි බවද වාර්තා වේ.
මේ අතර මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පනවා ඇති Lockdown කාලය සැප්තැම්බර් 02 වනදා බ්‍රහස්පතින්දා රාත්‍රී 11:59 දක්වා තවත් සති දෙකකින් දීර්ග කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය අද තීරණය කළේය.
එමෙන්ම අද සිට සෑම දිනකම රාත්‍රී 9 සිට පසුදා අලුයම 5 දක්වා සැප්තැම්බර් 02 තෙක් මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට ඇඳිරි නීතියද පැනවීමට ප්‍රාන්ත රජය කටයුතු කර තිබේ.
වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.
ACT සහ NT වල lockdown තත්ව ගැන අලුත් තොරතුරු
- ප්‍රජාව තුළ එක් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමග Greater Darwin සහ Katherine කලාප අද මධ්‍යහනයේ සිට පැය 72 ක් lockdown කර තිබේ.
- ACT හි අලුතින් ආසාදිතයින් 19 ක් හමුවී ඇති අතර එනිසාම එහි lockdown කිරීම තවත් සති දෙකකින් දීර්ග කර තිබේ.

නිරෝධායනය, සංචාරක, පරීක්ෂණ සායන සහ වසංගත ආපදා ගෙවීම්
ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.
- නිව් සවුත් වේල්ස් ගමනාගමන හා ප්‍රවාහන සහ නිරෝධායන කටයුතු
- වික්ටෝරියා අවසර පත්‍ර , විදෙස් සංචාරකයින් සහ නිරෝධායන කටයුතු
- ACT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- NT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- ක්වීන්ස්ලන්තය ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- දකුණු ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- ටස්මේනියා ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- බටහිර ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.
වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.
භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, Victoria, Queensland, Western Australia, South Australia, Northern Territory, ACT, Tasmania.
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:
එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න
- නිව් සවුත් වේල්ස්
- වික්ටෝරියා
- ක්වීන්ස්ලන්තය
- දකුණු ඔස්ට්‍රේලියාව
- ACT
- බටහිර ඔස්ට්‍රේලියාව
- ටස්මේනියා
- නොදර්න් ටෙරිටරිය
එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න
- නිව් සවුත් වේල්ස්
- වික්ටෝරියා
- ක්වීන්ස්ලන්තය
- දකුණු ඔස්ට්‍රේලියාව
- ACT
- බටහිර ඔස්ට්‍රේලියාව
- ටස්මේනියා
- නොදර්න් ටෙරිටරිය

