COVID 19 update 27 Dec: NSW ප්‍රාන්තයෙන් තහවුරු වූ පළමු Omicron මරණය වාර්තා වෙයි

2021 දෙසැම්බර් 27 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Restrictions easing in Victoria and New South Wales from tomorrow

Restrictions easing in Victoria and New South Wales from tomorrow Source: Getty Images

Highlights

  • Omicron ප්‍රභේදය නිසා මියගිය බව තහවුරු වූ පළමු කොවිඩ් මරණය NSW ප්‍රාන්තය වාර්තා කරයි.
  • රෝහල් සහ කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථාන වෙත දැඩි පීඩනයක් එල්ල වෙමින් පවතිනබැවින්  අවශ්‍යනම් පමණක් කොවිඩ් පරීක්ෂණ සිදු කරගැනීමට අදාළ රෝහල් සහ කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙසට ප්‍රාන්ත රජයන් ජනතාවගෙන් ඉල්ලයි.
  • PCR පරීක්ෂාවක් කරගැනීමට සෞඛ්‍ය අංශවලින් නියෝග ලැබුණු හෝ කොවිඩ් රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් හෝ පමණක් කොවිඩ් පරීක්ෂණ කරගන්නා ලෙස NSW Health විසින් දැනුම් දෙයි.
  • වික්ටෝරියානු ප්‍රාන්ත රජය වත්මන් කොවිඩ් පරීක්ෂණ ක්‍රමවේදයේ වෙනස්කම් සිදුකිරීමට සලකා බලමින් සිටියි. Rapid antigen පරීක්ෂාවන් සිදු කරගැනීම නිසා ඇතැම් පළමු පෙළ ආශ්‍රිතයින් හුදකලාවීමෙන් ඉවත් විය හැකි බව ඔවුහු විශ්වාස කරති.
  • NSW ප්‍රාන්තයේ QR කේත භාවිත කර check-in වීම අද සිට යළිත් අනිවාර්ය කර තිබේ. ඊට අමතරව pubs, අවන්හල් සහ සමාජ ශාලාවල සේවා සැපයිය හැකි පාරිභෝගිකයින්ගේ ප්‍රමාණ සඳහා ද සීමා පනවා ඇත.
  • දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැති Steven Marshall විසින් එක් එක් ස්ථාන සඳහා රැස්විය හැකි උපරිම සීමාවන්, නිවසට පැමිණිය හැකි අමුත්තන්ගේ සංඛ්‍යාව පිළිබඳ සංශෝධන සමග වැඩිදුර කොවිඩ් නීති නිවේදනය කළේය.
  • දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට පැමිණීමේදී අනිවාර්යෙන් කරගත යුතුව තිබූ PCR පරීක්ෂණ අවලංගු කර ඇත.
  • එංගලන්තයේ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් හතර දෙනෙකු කොවිඩ් වයිරසයට ධනාත්මක බව පරීක්‍ෂා වීමෙන් පසු අළු බඳුන ටෙස්ට් තරගාවලිය තර්ජනයට ලක්ව තිබේ.
  • වේල්සය, ස්කොට්ලන්තය සහ උතුරු අයර්ලන්තය වැඩිවන කොවිඩ් රෝගීන් නැවැත්වීමට උත්සාහ කරන බැවින් එක්සත් රාජධානියේ නව කොවිඩ් සීමාවන් ක්‍රියාත්මක කෙරේ. මේ අතර එංගලන්තය කුඩා කාලයකට lockdown කිරීම පිළිබඳ සලකා බැලීමට යයි.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

  • ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 6,324 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 3ක් වාර්තා වේ.
  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,999 ක් සමග කොවිඩ් මරණ 3 ක් වාර්තා වේ.
  • ක්වීන්ස්ලන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 784 ක් ද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් 774 ක්ද වාර්තා වේ.
  • ACT වෙතින් 189 ක්ද ටස්මේනියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 35 ක්ද වාර්තා වේ.

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

සංචාරය කිරීම සම්බන්ධයෙන්

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට



භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන:

NSW 

Victoria 

Queensland 

South Australia 

ACT 

Western Australia 

Tasmania

Northern Territory 


ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳ තොරතුරු

Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න


Share

3 min read

Published

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now