COVID-19 update 29 Aug: වික්ටෝරියාවේ lockdown කාලය යලි දීර්ග කෙරේ, NSW හි දෙවන දිනයටත් ආසාදිතයින් 1000 පනී

අද - අගෝස්තු 29 දා ඕස්ට්‍රේලියාවේ කොරෝනා ආසාදිතයින් සහ lockdown තත්වය පිළිබඳව අලුත්ම තොරතුරු මෙම ලිපියට ඇතුලත් වේ.

Vaccination clinic at Olympic Park Sydney, NSW

Source: AAP Image/Bianca De March

HIGHLIGHTS

  • නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ඇතැම් අත්‍යවශ්‍ය සේවාවන්හි නියුතු සේවකයින්ට කොරෝනා එන්නත සඳහා නව නීති
  • වික්ටෝරියා ප්‍රාන්තයේ lockdown කාලය දීර්ග කරන බව වික්ටෝරියා තහවුරු කරයි
  • ACT වෙතින් අද දිනයේදී අලුතින් කොරෝනා ආසාදිතයින් 13ක්
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් අද දිනයේදී එක් කොරෝනා ආසාදනයක් වාර්තා වේ.

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අද දිනයේදී (අගෝ: 29) නව කොරෝනා රෝගීන් 1,218 ක් වාර්තා වී ඇති අතර ඉන් 887 ක් සිඩ්නි හි බටහිර හා නිරිතදිග කලාප වලින් වාර්තා වේ. කොවිඩ් ආසාදිත පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් ඇති අතර, කොවිඩ් ආශ්‍රිත මරණ සංඛ්‍යාව 145 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සැප්තැම්බර් 6 වන සඳුදා සිට, අදාළ නගරසභා බල ප්‍රදේශ වල (council areas) ජීවත් වන, එහෙත් තම නගරසභා බල ප්‍රදේශ වලින් පිටත ප්‍රදේශ වල වැඩ කරන අත්‍යවශ්‍ය සේවාවල නියුක්ත සේවකයින් අවම වශයෙන් COVID-19 එන්නතෙහි එක් මාත්‍රාවක් වත් ලබා තිබිය යුතුය.

COVID-19 එන්නත සඳහා ප්‍රමුඛතා වෙන් කිරීම් වේලාවන් ලබා ගත හැකි වන්නේ වයස අවුරුදු 16-49 අතර වයසේ පසුවන කොවිඩ් ව්‍යාප්තිය දරුණු ලෙස පැතිරී ඇති බවට මේ වන විට හඳුනාගෙන ඇති අදාළ නගරසභා  බල ප්‍රදේශ වල ජීවත් වන  සේවකයින් සඳහා ය. 

ඔබේ COVID-19 එන්නත් සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගන්නේ කෙසේදැයි මෙතැනින් සොයා ගන්න.

වික්ටෝරියා ප්‍රාන්තය

වික්ටෝරියා ප්‍රාන්තයෙන් අද දිනයේදී (අගෝ 29) නව කොවිඩ් ආසාදිතයින් 92 ක් වාර්තා කර ඇති අතර, ඒ අතර දැනට පවතින කොරෝනා පොකුරු වලට සම්බන්ධ නොවූ 30 කට වැඩි සංඛ්‍යාවක් ඇතුළත් බව ද වාර්තා වේ.

දැනට ප්‍රාන්තය තුල සක්‍රීයව පවතින කොවිඩ් ආසාදිතයින් 778 න් දළ වශයෙන් 500 ක් මෙල්බර්න් හි උතුරු හා බටහිර ප්‍රදේශවල පවතින බව ප්‍රාන්ත අගමැති Daniel Andrews සඳහන් කොට සිටියේය. එබැවින් සැප්තැම්බර් මස 2 දා අවසන් වීමට නියමිත කොවිඩ් lockdown කාලය අවසන් කළ නොහැකි බව පවසා සිටියේය.

කෙසේ වෙතත් lockdown කාලය තව කොපමණ කාලයක් සඳහා දීර්ග කරනවාද යන්න පිළිබඳව පසුව නිවේදනය කෙරෙනු ඇති.

ඔබට ආසන්නතම කොරෝනා එන්නත්කරන මධ්‍යස්ථානය පිලිබඳ තොරතුරැ ලබාගැනීමට මෙතැන ක්ලික් කරන්න

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය සැප්තැම්බර් 8 දා සිට බ්‍රිස්බේන් හි Boondall විනෝදාත්මක මධ්‍යස්ථානයේ දී විශාල කොවිඩ් එන්නත් මධ්‍යස්ථානයක් විවෘත කෙරේ. ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් අද දිනයේදී එක් කොරෝනා ආසාදනයක් වාර්තා වේ. එම පුද්ගලයා නිවසේ ස්වයං නිරෝධායනය වන පුද්ගලයෙකි.

ඕස්ට්‍රේලියන් කැපිටල් ටෙරටරිය

ACT වෙතින් අද දිනයේදී අලුතින් කොරෝනා ආසාදිතයින් 13ක්

භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති NSW  බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App එක නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


Share

3 min read

Published

Updated

By SBS/ALC Content, Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now