ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 24 ක් වාර්තා වී ඇති අතර ඊට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 7 ක්ද වික්ටෝරියා ප්‍රාන්තයෙන් 7 ක්ද ඇතුලත්වේ. බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් ඊට පෙර සිදුවූ කොවිඩ් මරණ 02 ක්ද වාර්තා වේ.
ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.
වික්ටෝරියානු බලධාරීන් අප්‍රේල් 15 වැනි දින ද එවැනිම ආසාදනයක් වාර්තා කර තිබුණි. Tullamarine ජල පෝෂක ප්‍රදේශයෙන් ලබාගත් අපජල සාම්පල වලින් එය අනාවරණය විය.
ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විටත් BA.4 සහ BA.5 ප්‍රභේද හඹා යමින් සහ අධීක්ෂණය කරමින් සිටින අතර, ඒවා මුලින්ම දකුණු අප්‍රිකාවේ සහ ඇතැම් යුරෝපීය රටවලින් අනාවරණය විය.
BA.4 සහ BA.5 රට තුළ ආසාදන නැවත ඇතිවීමක් සමඟ සම්බන්ධ වී ඇති බව දකුණු අප්‍රිකානු විද්‍යාඥයින් පවසයි.
BA.4 සහ BA.5 වේගයෙන් BA.2 ප්‍රතිස්ථාපනය කර ඇති අතර, 2022 අප්‍රේල් පළමු සතියේ සිට දකුණු අප්‍රිකාවේ අනුක්‍රමික රෝගීන්ගෙන් 50% කට වඩා වැඩි ප්‍රමාණයකට එය ළඟා වී ඇති බවද ඔවුන් පැවසීය.
ඇතැම් පළාත්වල රෝහල් ගතවීම් ඉහල යාමේ මූලික ලක්ෂණ ඇති බවද ඔවුන් සඳහන් කළේය.
කොවිඩ් එන්නත් විධානයන්ට අනුකූල නොවූ බවට චෝදනා කරමින් වික්ටෝරියා ප්‍රාන්තයේ රජයේ පාසල්වල ගුරුවරුන් 420 දෙනෙකු සේවය අත්හිටුවා තිබේ. බොහෝ ගුරුවරුන් මාර්තු 25 බූස්ටර එන්නතේ කාලසීමාව සපුරා නොමැති නිසා වැටුප් නොමැතිව නිවාඩු ලබා ඇත.
කොවිඩ් එන්නත ලබා ගැනීම නොකඩවා ජීවිත බේරා ගන්නා බව පවසමින් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews තම තීරණය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටියේය.
ක්වීන්ස්ලන්තය අද සිය විශේෂඥ COVID-19 ආශ්‍රිතයින් සොයා යාමේ කණ්ඩායමේ රාජකාරී අත්හිටුවයි. මෙම කණ්ඩායම පසුගිය වසරේ ජනවාරි මාසයේදී මහජන සෞඛ්‍ය ඒකක සඳහා අතිරේක සහායක් ලෙස බඳවා ගන්නා ලදී. ඔවුන් කොවිඩ් ආශ්‍රිතයින් 15,000කට වඩා සොයා ගත් බව වාර්තා වේ.
NSW ප්‍රාන්ත රජය 2021 COVID-19 සීමා කිරීම් වල උච්චතම අවස්ථාව තුළ ප්‍රාදේශීය ප්‍රජාවන්ට ආහාර සහ ත්‍යාග ලබා දුන් ප්‍රාන්තයේ කණ්ඩායම් සහ ලාභ නොලබන සංවිධාන 34 ක් වෙත ප්‍රදාන වශයෙන් ඩොලර් 300,000 ලබා දී ඇත.
වයිරසය පාලනය කර ඇති බව පවසමින් සිය COVID-19 එන්නත් කිරීමේ වැඩසටහන අත්හිටුවන ලද පළමු රට බවට ඩෙන්මාර්කය පත්ව තිබේ.

