COVID 19 update 08 April: ඔස්ට්‍රේලියාවේ NSW ප්‍රාන්තය ප්‍රථම වරට Deltacron රෝගීන් වාර්තා කරයි

2022 අප්‍රේල් 08 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

A COVID-19 testing clinic at Royal Prince Alfred Hospital in Sydney. (file)

A COVID-19 testing clinic at Royal Prince Alfred Hospital in Sydney. (file) Source: Getty Images/Jenny Evans

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 25 ක් වාර්තා වී තිබේ. ඊට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 9 ක්ද නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 8 ක්ද ඇතුළත් වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ප්‍රථම වරට Deltacron රෝගීන් වාර්තා කර ඇත. Deltacron යන Delta සහ Omicron උප ප්‍රභේදවල දෙමුහුමකි.



කොවිඩ් පරීක්ෂණ සාම්පලවල තුනකටම Delta/Omicron BA.1 මිශ්‍ර ආසාදන ඇති බවත්, හතරකට Omicron BA.1/BA.2 මිශ්‍ර ආසාදන ඇති බවත් NSW Health කොවිඩ් දත්ත පෙන්වා දෙයි.

COVID-19 වසංගතය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව ක්‍රියා කරන ආකාරය පරීක්ෂා කිරීම සඳහා රාජකීය කොමිසමක් පිහිටුවන ලෙසට සෙනෙට් කමිටුවක් නිර්දේශ කර තිබේ. කම්කරු පක්ෂය මෙහි මුලසුන ගෙන ඇති අතර එම සෙනට් කමිටුවෙන් නිර්දේශ 19 ක් ඉදිරිපත් කර තිබේ.

රෝග පාලනය සඳහා ඕස්ට්‍රේලියානු මධ්‍යස්ථානයක් පිහිටුවීම, වසංගත සූදානම පිළිබඳව මධ්‍යම රජය සෑම වසර දෙකකට වරක් පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට අවශ්‍ය වීම සහ aged care සඳහා COVID-19 හි බලපෑම පිළිබඳ විශේෂඥ සමාලෝචනයක් කිරීම අදාළ කමිටුවේ අනෙකුත් නිර්දේශ අතරට  ඇතුළත් විය.


ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.



ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria   Western Australia  

ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria    

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට


Share

2 min read

Published

Updated

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now