COVID 19 update 18 October: NSW පාසල් විවෘත කෙරේ, වික්ටෝරියා පාසල් විවෘත කිරීමට සැරසේ

2021 ඔක්තෝබර් 18 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Staff welcome students back to school after COVID-19 restrictions were lifted, at Glebe Public School in Sydney

Staff welcome students back to school after COVID-19 restrictions were lifted, at Glebe Public School in Sydney. Source: AAP/Bianca De Marchi

Highlights

  • වික්ටෝරියා ප්‍රාන්ත රජය එළිමහන් ව්‍යාපාර සඳහා ආර්ථික සහන පැකේජයක් නිවේදනය කරයි.
  • NSW ප්‍රාන්තයේ පාසල් යළි ඇරඹේ.
  • සැලසුම් කළ පරිදි ටස්මේනියාවේ lockdown කිරීම අවසන් කිරීමට සූදානම්.

වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 1,903 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 7 ක් ද සිදුවී තිබේ.

මේ අතර කායවර්ධන මධ්‍යස්ථාන, එළිමහන් සිල්ලර වෙළෙඳසල්, රූපලාවණ්‍ය සහ පුද්ගලික සේවා සපයන ව්‍යාපාර ඇතුළු එළිමහන් ව්‍යාපාර සහ ආයතන සඳහා ඩොලර් මිලියන 54 ක් වටිනා ආර්ථික සහන පැකේජයක් වික්ටෝරියා ප්‍රාන්ත රජයේ රැකියා කටයුතු පිළිබඳ ඇමතිනී Jaala Pulford නිවේදනය කළාය.

තවද මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ වයස අවුරුදු 16 ට වැඩි පිරිසෙන් 89.2% ක් කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ඇති අතර 66.5% ක් දෙවැනි මාත්‍රාව ද ලබා තිබේ.

මේ අතර ඔක්තෝබර් 21 වනදා මධ්‍යම රාත්‍රියේ සිට මෙල්බර්න් සහ වික්ටෝරියා ප්‍රාදේශීය කලාපවල Lockdown කිරීම අවසන් කෙරෙන අතර පළමු වසරේ සහ දෙවනි වසරේ සිසුන්ට පාසල් යාමට හැකිවේ.

ඔක්තෝබර් 22 සිට සියලු සිසුන් සඳහා පාසල් විවෘත කෙරේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 265 ක් හමුවී තිබෙන අතර කොවිඩ් මරණ 5 ක්ද වාර්තා වේ.

මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 16 ට වැඩි පිරිසෙන් 92% ක් කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ඇති අතර 80.3% ක් දෙවැනි මාත්‍රාව ද ලබා තිබේ.

මේ අතර අද දිනයේදී 12 වසර, පළමු වසර සහ බාලාංශ පන්තිවල සිසුන්ට පාසල් විවෘත කෙරුණු අතර ලබන සතියේදී සෙසු වසරවල සිසුන්ටද පාසල් විවෘත කෙරේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.

Australian Capital Territory

ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 17 ක් වාර්තා වන අතර ඉන් 11 ක් දැනට හඳුනාගෙන ඇති ආසාදිතයින් සමග සම්බන්ධ බවට වාර්තා වේ.

අදාළ ආසාදිතයින් 17 දෙනාගෙන් 9 ක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

ACT හි කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

පසුගිය පැය 24 තුළ ඔස්ට්‍රේලියාව වටා වාර්තා වූ කොවිඩ් තතු

  • ගතවූ පැය 24 තුළද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කිසිදු කොවිඩ් ආසදිතයකු වාර්තා නොවේ.
  • Hobart ඇතුළු ටස්මේනියා ප්‍රාන්තයේ දකුණු කලාපයේ lockdown කිරීම සැලසුම් කළ පරිදී අද පස්වරු 6 සිට අවසන් කෙරේ.

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


3 min read

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now