Highlights
- වික්ටෝරියා ප්‍රාන්ත රජය එළිමහන් ව්‍යාපාර සඳහා ආර්ථික සහන පැකේජයක් නිවේදනය කරයි.
- NSW ප්‍රාන්තයේ පාසල් යළි ඇරඹේ.
- සැලසුම් කළ පරිදි ටස්මේනියාවේ lockdown කිරීම අවසන් කිරීමට සූදානම්.
වික්ටෝරියා ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 1,903 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 7 ක් ද සිදුවී තිබේ.
මේ අතර කායවර්ධන මධ්‍යස්ථාන, එළිමහන් සිල්ලර වෙළෙඳසල්, රූපලාවණ්‍ය සහ පුද්ගලික සේවා සපයන ව්‍යාපාර ඇතුළු එළිමහන් ව්‍යාපාර සහ ආයතන සඳහා ඩොලර් මිලියන 54 ක් වටිනා ආර්ථික සහන පැකේජයක් වික්ටෝරියා ප්‍රාන්ත රජයේ රැකියා කටයුතු පිළිබඳ ඇමතිනී Jaala Pulford නිවේදනය කළාය.
තවද මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ වයස අවුරුදු 16 ට වැඩි පිරිසෙන් 89.2% ක් කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ඇති අතර 66.5% ක් දෙවැනි මාත්‍රාව ද ලබා තිබේ.
මේ අතර ඔක්තෝබර් 21 වනදා මධ්‍යම රාත්‍රියේ සිට මෙල්බර්න් සහ වික්ටෝරියා ප්‍රාදේශීය කලාපවල Lockdown කිරීම අවසන් කෙරෙන අතර පළමු වසරේ සහ දෙවනි වසරේ සිසුන්ට පාසල් යාමට හැකිවේ.
ඔක්තෝබර් 22 සිට සියලු සිසුන් සඳහා පාසල් විවෘත කෙරේ.
වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 265 ක් හමුවී තිබෙන අතර කොවිඩ් මරණ 5 ක්ද වාර්තා වේ.
මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 16 ට වැඩි පිරිසෙන් 92% ක් කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ඇති අතර 80.3% ක් දෙවැනි මාත්‍රාව ද ලබා තිබේ.
මේ අතර අද දිනයේදී 12 වසර, පළමු වසර සහ බාලාංශ පන්තිවල සිසුන්ට පාසල් විවෘත කෙරුණු අතර ලබන සතියේදී සෙසු වසරවල සිසුන්ටද පාසල් විවෘත කෙරේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.
Australian Capital Territory
ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 17 ක් වාර්තා වන අතර ඉන් 11 ක් දැනට හඳුනාගෙන ඇති ආසාදිතයින් සමග සම්බන්ධ බවට වාර්තා වේ.
අදාළ ආසාදිතයින් 17 දෙනාගෙන් 9 ක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සඳහන්.
ACT හි කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.
පසුගිය පැය 24 තුළ ඔස්ට්‍රේලියාව වටා වාර්තා වූ කොවිඩ් තතු
- ගතවූ පැය 24 තුළද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කිසිදු කොවිඩ් ආසදිතයකු වාර්තා නොවේ.
- Hobart ඇතුළු ටස්මේනියා ප්‍රාන්තයේ දකුණු කලාපයේ lockdown කිරීම සැලසුම් කළ පරිදී අද පස්වරු 6 සිට අවසන් කෙරේ.
ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.
- නිව් සවුත් වේල්ස් ගමනාගමන හා ප්‍රවාහන සහ නිරෝධායන කටයුතු
- වික්ටෝරියා අවසර පත්‍ර , විදෙස් සංචාරකයින් සහ නිරෝධායන කටයුතු
- ACT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- NT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- ක්වීන්ස්ලන්තය ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- දකුණු ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- ටස්මේනියා ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- බටහිර ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, Victoria, Queensland, Western Australia, South Australia, Northern Territory, ACT, Tasmania.
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:
එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න
- නිව් සවුත් වේල්ස්
- වික්ටෝරියා
- ක්වීන්ස්ලන්තය
- දකුණු ඔස්ට්‍රේලියාව
- ACT
- බටහිර ඔස්ට්‍රේලියාව
- ටස්මේනියා
- නොදර්න් ටෙරිටරිය