COVID 19 update 15 October: NSW වෙත පැමිණෙන සංචාරකයින්ව හෝටල් සහ නිවෙස්වල නිරෝධායනයෙන් නිදහස් කෙරේ

2021 ඔක්තෝබර් 15 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

From Tuesday, Victoria will scrap quarantine requirements for the fully vaccinated in NSW.

From Tuesday, Victoria will scrap quarantine requirements for the fully vaccinated in NSW. Source: AAP

Highlights

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින්ව නොවැම්බර් 01 සිට නිරෝධයනයෙන් නිදහස් කෙරේ.
  • නිරෝධායනය රහිතව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින්ට වික්ටෝරියානු ප්‍රාන්තයට ඇතුළු වීමට අවසර.
  • නොවැම්බර් 01 තෙක් NSW ප්‍රාදේශීය කලාපවල සංචාරය කිරීම ප්‍රමාද කෙරේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 399 ක් හමුවී තිබේ.

ඊට අමතරව කොවිඩ් මරණ 3 ක්ද වාර්තා වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පූර්ණ කොවිඩ් එන්නත්කරණ ප්‍රතිශතය මේ සති අන්තයේදී 80% ඉලක්කය පසුකළ පසු ලබන සඳුදා සිට ඇතැම් කොවිඩ් නීති ලිහිල් කරන බවට ප්‍රාන්ත අගමැති Dominic Perrottet තහවුරු කළේය.

තවද නොවැම්බර් 01 සිට කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට පැමිණෙන ජාත්‍යන්තර සංචාරකයින්ට නිරෝධායනය වීමට අවශ්‍ය නැති බවත් නිවසේ නිරෝධායනය වීමද නවත්වන බවත් ඔහු පැවසීය.

ගුවන් යානයට ගොඩවීමට පෙර කොවිඩ් වයිරසයට ඍණාත්මක බවට සනාථ කෙරෙන PCR පරීක්ෂණයක ප්‍රතිඵල පෙන්විය යුතු අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට පැමිණීමේදී ද තවත් කොවිඩ් පරීක්ෂණයක් සිදු කෙරේ.

එසේ පැමිණෙන සංචාරකයින් ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබාදුන් කොවිඩ් එන්නත් පමණක් ලබා තිබිය යුතු වන අතර  විදෙස් රටවල සිට නැවත පැමිණෙන ඔස්ට්‍රේලියානුවන්ට මෙහිදී ප්‍රමුඛතාව ලැබේ.

මේ අතර ලබන සඳුදා සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිවෙස් වල රැස්විය හැකි උපරිම පුද්ගල සංඛ්‍යාව 20 දක්වා ඉහළ දැමෙන අතර එළිමහනේ රැස්විය හැකි පිරිස 50 දක්වා වැඩි කෙරේ.

කෙසේවෙතත්, නොවැම්බර් 01 තෙක් NSW ප්‍රාදේශීය කලාපවල සංචාරය කිරීම ප්‍රමාද කෙරේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.

වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 2,179 ක් සමග කොවිඩ් මරණ 6 ක් වාර්තා වේ.

ලබන සතියේ අඟහරුවාදා සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිට වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණෙන පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින්ව නිරෝධයනයෙන් නිදහස් කෙරේ.

වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණීමට පැය 72 කට පෙර අදාළ පුද්ගලයින් කොවිඩ් පරීක්ෂණයක් සිදුකර එහි ප්‍රතිඵල ඍණාත්මක බවට සනාථ කළ යුතුය.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ බලයලත් සේවකයින්ට තම රාජකාරී කිරීමට අද පටන් කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබා තිබීම අනිවාර්ය කෙරේ. නැතිනම් පළමු මාත්‍රාව ලබාගැනීමට වේලාවක් වෙන් කරවාගෙන තිබිය යුතුය.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

Australian Capital Territory

ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 35 ක් වාර්තා වන අතර ඒ සමග ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය නිසා ACT හි හමුවූ ආසාදිතයින් ගණන 1,394 ක් ලෙසට ඉහල ගොස් ඇත.

මේ අතර aged care මධ්‍යස්ථානයක සිටි අවුරුදු 70 ක් පමණ වයසැති කාන්තාවක් මරණයට පත්වී තිබේ.

ACT හි කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

පසුගිය පැය 24දී ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති කොවිඩ් තොරතුරු:

  • 97% ක පමණ නිරවද්‍යතාවයකින් යුත් කොවිඩ් -19 ස්වයං පරීක්ෂණ කට්ටල වර්ග තුනක් නොවැම්බර් 1 දා සිට ඔසුසැල්වලින් ලබා ගැනීමට ඔස්ට්‍රේලියානුවාසීන්ට අවස්ථාව ලැබෙනු ඇත.
  • නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා හා ACT හි lockdown හේතුවෙන් පසුගිය සැප්තැම්බර් මාසයේදී රැකියා 138,000 ක් අහිමිවූ බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.


Share

3 min read

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now