COVID 19 update 01 September: වික්ටෝරියා lockdown නීති සැප්තැම්බර් 23 දක්වා දීර්ග කෙරේ

2021 සැප්තැම්බර් 01 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Police are cracking down on large gatherings in breach of Victoria's lockdown restrictions.

Source: AAP

Highlights

  • ආසාදිතයින් නොසිටින NSW  ප්‍රදේශවලින් COVID-19 වයිරස කොටස් හමුවෙයි.
  • වික්ටෝරියා ප්‍රාන්ත රජයේ සායනවල AstraZeneca එන්නත් මාත්‍රා 70,000 කට අධික ප්‍රමාණයක් තවමත් ලබාගැනීමට අවස්ථාව.
  • ACT හි වයස අවුරුදු 16 - 29 පිරිසට Pfizer එන්නත සඳහා දැන් ලියාපදිංචි විය හැකිය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 1,116 ක් හමුවී තිබේ.

තවද කොවිඩ් මරණ හතරක්ද සිදුවී ඇත.

මේ අතර Thredbo, Merimbula, Port Macquarie, Dunbogan, Bonnie Hills, Warren, Molong, Tamworth සහ Gunnedah ප්‍රදේශවල අප ජලයේ තිබී කොවිඩ් වයිරසයේ කොටස් හමුවී තිබේ.

එමෙන්ම එළඹෙන නොවැම්බර් මාසයේදී ජාත්‍යන්තර ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට හැකිවෙතැයි නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.

අදම ඔබේ කොවිඩ් එන්නත් ලබාගැනීමට වේලාවක් වෙන් කරවා ගැනීමට මෙතනින් පිවිසෙන්න.

ඔබ කොවිඩ් එන්නත ලබාගත් බවට සාක්ෂි ලබා ගන්නේ කෙසේදැයි සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.

වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 120 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ දෙකක් වාර්තා වේ.

මේ අතර වික්ටෝරියානු ප්‍රාන්තයේ දැනට පනවා ඇති කොවිඩ් නීති ප්‍රාන්ත වැසියන්ගෙන් 70% ක් කොවිඩ් එන්නතේ ප්‍රථම මාත්‍රාව ලබාගත් විට ලිහිල් කරන බව ප්‍රාන්ත අගමැති Daniel Andrews අද නිවේදනය කළේය.

එහිදී නිවසේ සිට යා හැකි උපරිම දුර ප්‍රමාණය 5km සිට 10km දක්වා දීර්ග කෙරෙනු ඇත.

ඒ අනුව දැනට පවතින lockdown නීති සැප්තැම්බර් 23 දක්වා ක්‍රියාත්මක වේ.

මේ අතර සේවකයින්ගෙන් 90 % ක් පළමු එන්නත් මාත්‍රාව ලබා ගත් පසු ඉදිකිරීම් සමාගම් වල 50% ක සේවක ධාරිතාවකින් සේවා ක්‍රියාත්මක කිරීමට ඉඩ දෙනු ඇත.

සැප්තැම්බර් 7 සිට 12 වසර පාසල් සිසුන් හට කොවිඩ් එන්නත ලබාගැනීමට ප්‍රමුඛතාව ලබාදේ.

General Achievement පරීක්ෂණය ඔක්තෝබර් 5 වන දින පැවැත්වෙන අතර 3 වන වාරය සඳහා මුහුණට මුහුණ පාසල් ඉගෙනීම් කටයුතු සිදුකළ නොහැක.

සැප්තැම්බර් 3 සිට ළමුන් සඳහා ක්‍රීඩා පිටි විවෘත කෙරේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

Australian Capital Territory

ACT හි නව ආසාදිතයින් 23 ක් වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් අවම වශයෙන් ආසාදිතයින් 12 ක් වයිරසය වැළදී තිබියදී ප්‍රජාව තුළ සිටි බව සඳහන්.

මේ අතර ACT රජයේ විශාල ප්‍රමාණයේ එන්නත් සායනවලින් හෝ තෝරාගත් පවුලේ වෛද්‍යවරුන්ගෙන් හෝ වයස අවුරුදු 16 - 29 පිරිසට Pfizer එන්නත සඳහා දැන් ලියාපදිංචි විය හැකිය.

ACT රජයේ එන්නත් සායන වල ඊළඟ එන්නත් වෙන් කිරීම දැනට ඔක්තෝබර් අවසානය දක්වා නොමැත.

ACT හි කොව්ඩ් එන්නත ලබාගත හැක්කේ කාටද යන්න පිළිබඳ මෙතනින් දැනගන්න.
alc covid mental health
Source: ALC

නිරෝධායනය, සංචාරක, පරීක්ෂණ සායන සහ වසංගත ආපදා ගෙවීම්

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
COVID 19 update 01 September: වික්ටෝරියා lockdown නීති සැප්තැම්බර් 23 දක්වා දීර්ග කෙරේ | SBS Sinhala