COVID 19 update 25 Aug: ආසාදිතයින් 919 ක්. NSW ප්‍රාන්තය ඔස්ට්‍රේලියාවේ දෛනික කොවිඩ් වාර්තාව බිඳියි

2021 අගෝස්තු 25 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

 Bondi Beach in Sydney, Wednesday, August 25, 2021.

Members of the public exercise at Bondi Beach in Sydney, Wednesday, August 25, 2021. Source: AAP Image/Bianca De March

Highlights

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිතයින් යළිත් ඉහළට.
  • වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිතයින් අතරින් බහුතරයක් තරුණ පිරිස බව සඳහන්.
  • ACT සිය COVID-19 ශ්‍රම බලකාය පුළුල් කරයි.
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය සිය හෝටල් නිරෝධායන වැඩසටහන නවතා දමයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 919 ක් හමුවී තිබේ.

ඒ අතරින් අවම වශයෙන් ආසාදිතයින් 37 ක් පමණ වයිරසය ශරීරගතව තිබියදී ප්‍රජාව තුළ සිටි බවට විශ්වාස කෙරේ.

තවද කොවිඩ් මරණ දෙකක් ද සිදුවී ඇත.

Guildford, Auburn, Merrylands, Greystanes, Granville, Punchbowl, Yagoona සහ Blacktown යන උප නගරවල කොවිඩ් ආසාදිතයින් තවමත් බහුලව වාර්තා වෙමින් පවතින බැවින් ඒවා සම්බන්ධ විශේෂ අවධානයක් යොමු කර තිබේ.

එමෙන්ම Bateau Bay, Toukley සහ Merimbula අපජල පවිත්‍රාගාර වල කොවිඩ් වයිරසයේ කොටස් සොයාගෙන ඇත.

මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් ආසාදිතයින් 113 ක් දැඩි සත්කාර ඒකකවල සිටින බවත් 98 ක් කොවිඩ් එන්නත ලබා නොගත් පුද්ගලයින් බවත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී Kerry Chant සඳහන් කළාය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 45 ක් හමුවී තිබේ.

එමෙන්ම අදාළ ආසාදිතයින්ගෙන් 28 දෙනෙකු වයිරසය ශරීරගත වී තිබියදී ප්‍රජාව තුළ සිටි බවද වාර්තා වේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට සිටින සක්‍රිය කොවිඩ් ආසාදිතයින් 538 දෙනාගෙන් අඩකටත් වඩා වැඩි පිරිසක් වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් බවත් එයින් 114 දෙනෙකු වයස අවුරුදු 9 ට වඩා අඩු ළමුන් බවත් ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පැවසීය.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ වයස අවුරුදු 16  සහ 17 සිටින පුද්ගලයින්ට Pfizer එන්නත ලබාගත හැකි අතර 18 ත් 39 ත් අතරේ පසුවන අයට Pfizer හෝ AstraZeneca  එන්නත් දෙකින් ඕනෑම එකක් ලබාගැනීමට දැන් හැකියාව පවතී.

නමුත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට ලබාගත හැක්කේ AstraZeneca එන්නත පමණි.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් පරීක්ෂාවන් සිදුකරගත හැකි ස්ථාන මෙතනින්.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

Australian Capital Territory

ACT හි නව ආසාදිතයින් 9 ක් වාර්තා වී ඇති අතර මේ වන විට සක්‍රිය ආසාදිතයින් සංඛ්‍යාව ඒ අනුව 176 දක්වා ඉහළ ගොස් තිබේ.

අපේක්‍ෂිත කොවිඩ් එන්නත් සැපයුම වැඩිවීමට පෙර කොවිඩ් එන්නත් ලබා දීම සඳහා enrolled nurses, student nurses සහ student midwives ලා  පුහුණු කරන බව ACT සෞඛ්‍ය ඇමතිනී Rachel Stephen-Smith පැවසුවාය.

ACT හි කොවිඩ් ආසාදිතයින් ආ ගිය ස්ථාන ලැයිස්තුව පිළිබඳ මෙතනින් දැනගන්න.

ACT හි කොව්ඩ් එන්නත ලබාගත හැක්කේ කාටද යන්න පිළිබඳ මෙතනින් දැනගන්න.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

හෝටල් නිරෝධායන වැඩසටහනට එල්ල වන පීඩනය අවම කිරීම සඳහා වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වලින් මෙන්ම ACT වෙතින් පැමිණෙන පුද්ගලයින්ව බාරගැනීම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය සැප්තැම්බර් 8 තෙක් නතර කර තිබේ. 


3 min read

Published

Updated

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now