COVID 19 update 30 Aug: Lockdown අවසන් කරන ලෙස ඉල්ලා ක්වීන්ස්ලන්ත ට්‍රක් රථ රියදුරන් විරෝධතාවක

2021 අගෝස්තු 30 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Up to 7000 Toll truck drivers are on strike for 24 hours on Friday 27 August, which could affect the nation's food and fuel supplies.

Source: AAP

Highlights

  • බටහිර NSW හි Trangie සහ Byron Bay හි අපජලයෙන් COVID-19 කොටස් හමු වී ඇත.
  • වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිතයින් අතරින් බහුතරයක් අවුරුදු 40 ට අඩු පිරිස බව සඳහන්.
  • ACT හි Pfizer එන්නත ලබාගත හැකි පිරිස පුළුල් කරයි.
  • ක්වීන්ස්ලන්තයේ ට්‍රක් රථ රියදුරන් විරෝධතාවක.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 1,290 ක් හමුවී තිබේ.

ඒ අතරින් ආසාදිතයින් 883 ක් බටහිර හා නිරිතදිග සිඩ්නි වලින් බව සඳහන්.

තවද කොවිඩ් මරණ හතරක්ද සිදුවී ඇත.

කොවිඩ් එන්නත ලබාගැනීමට සුදුසු නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන්ගෙන් 65% ක් මේ වන විට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති අතර 35% ක් මාත්‍රා ද්විත්වයම ලබා ඇති බව ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.

එමෙන්ම ඔක්තෝබර් මාසය වන විට මුළුමනින්ම කොවිඩ් එන්නත ලබාගත් ප්‍රාන්ත වැසියන්ගේ සංඛ්‍යාව වන 70% ඉලක්කයට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ගමන් කරමින් සිටින බවද ඇය සඳහන් කළාය.

මේ අතර කොවිඩ් මර්මස්ථාන ලෙස නම් කර ඇති නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නගර සභා කලාපවල සිටින බලයලත් සේවකයින් සඳහා කොවිඩ්එ න්නත ලබා ගැනීම පිණිස වේලාව වෙන් කිරීමේදී ප්‍රමුඛතාව ලබාදී ඇත.

එමෙන්ම අදාළ නගර සභා කලාප වල වෙසෙන අවුරුදු 16 ත් 49 ත් අතරේ පසුවන පුද්ගලයින්, childcare හා disability සේවකයින්, ආහාර පාන සම්බන්ධව රැකියා කරන පුද්ගලයින් කොවිඩ් එන්නත ලබාගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති බව සඳහන්.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 73 ක් හමුවී තිබේ.

ඔවුන්ගෙන් 21 කට වඩා වැඩි පිරිසක් දැනට හඳුනාගෙන ඇති කොවිඩ් පොකුරුවලට සම්බන්ධ නොවන බවද වාර්තා වේ.

තවද 805 ක් වන වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොවිඩ් ආසාදිතයින්ගෙන් හතරෙන් තුනක් පමණ වයස අවුරුදු 40 ට අඩු පුද්ගලයින් බවද සඳහන්.

ප්‍රධාන වශයෙන් වයිරසය වැළදුණු අයුරු හඳුනා නොගත් ආසාදිතයින් සිටින Hobsons Bay, Wyndham සහ Hume නගර සභා කලාප හැරුණුකොට වසංගතය වැඩි ප්‍රමාණයක් පාලනය කර ඇති බව වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය Brett Sutton පැවසීය.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

Australian Capital Territory

ACT හි නව ආසාදිතයින් 12 ක් වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් අවම වශයෙන් ආසාදිතයින් 6 ක් වයිරසය වැළදී තිබියදී ප්‍රජාව තුළ සිටි බව සඳහන්.

මේ අතර ඉදිරියේදී ACT රජය මගින් ක්‍රියාත්මක වන එන්නත්කරණ මධ්‍යස්ථාන වලින් ACT හි වයස අවුරුදු 16 - 29 අතරේ පසුවන පුද්ගලයින්ට Pfizer එන්නත ලබාගත හැකි බව ACT ප්‍රධාන අමාත්‍ය Andrew Barr නිවේදනය කළේය.

ACT හි කොව්ඩ් එන්නත ලබාගත හැක්කේ කාටද යන්න පිළිබඳ මෙතනින් දැනගන්න.


පසුගිය පැය 24දී ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති තොරතුරු:

lockdown කිරීම් සහ ප්‍රාන්ත සීමා වසා දැමීම් අවසන් කරන ලෙස ඉල්ලා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ට්‍රක් රථ රියදුරන් ප්‍රධාන මහා මාර්ගයක් වන Gold Coast සහ බ්‍රිස්බේන් අතර මාර්ගය අවහිර කර විරෝධතාවක් ආරම්භ කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ වෙසෙන වයස අවුරුදු 16 - 39 අතරේ පසුවන පුද්ගලයින්ට දැන් Pfizer එන්නත ලබාගැනීමට වේලාව වෙන්කරවා ගත හැකිය.

alc covid mental health
Source: ALC

නිරෝධායනය, සංචාරක, පරීක්ෂණ සායන සහ වසංගත ආපදා ගෙවීම්

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

4 min read

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now