COVID 19 update 07 Jan: NSW ප්‍රාන්තය elective සැත්කම් අත්හිටුවමින් කොවිඩ් නීති කිහිපයක් පනවයි

2022 ජනවාරි 07 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Perrottet presser

NSW Premier Dominic Perrottet (centre) speaks to the media during a press conference at South Western Sydney Vaccination Centre in Sydney, Wednesday, January 5. Source: AAP Image/Bianca De Marchi

Highlights

  • ගතවූ පැය 24 තුළ NSW ප්‍රාන්තය තුළ කොවිඩ් ආසාදන 38,625 ක් වාර්තා කිරීමෙන් පසු, පෙබරවාරි දක්වා හදිසි නොවන elective සැත්කම් අත්හිටුවනු ලැබීය.
  • එමෙන්ම NSW ප්‍රාන්තයේ ධනාත්මක rapid antigen ප්‍රතිඵල ලැබෙන පුද්ගලයින් ඒ බව ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත දැන්විය යුතුය. ඒ අනුව ඒවා ද ධනාත්මක PCR ප්‍රතිඵල සේම ගණනයට භාජනය කරනු ඇති බව NSW ප්‍රාන්ත අගමැති Dominic Perrottet පැවසීය.
  • ජනවාරි 27 තෙක් NSW ප්‍රාන්තයේ hospitality ස්ථානවල ගීත ගායනා කිරීම් සහ නර්තනය තහනම් කෙරේ.
  • කොවිඩ් එන්නත් ලබා ගැනීම අනිවාර්ය වන විට, ඒවාට බූස්ටර් එන්නත්ද ඇතුළත් කිරීමට සිදුවනු ඇති බව NSW ප්‍රාන්ත අගමැති Dominic Perrottet අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
  • NSW ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිතයින් 1,738 ක් රෝහල් ගතකර ඇති අතර කොවිඩ් රෝගීන් 134 දෙනෙකු මේ වන විට දැඩි සත්කාර ඒකකවල සිටින බවද සඳහන්.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිතයින් 644 ක් රෝහල් ගතකර ඇති අතර රෝගීන් 58 දෙනෙකු මේ වන විට දැඩි සත්කාර ඒකකවල සිටින බවද තවත් 24 දෙනෙකු ශ්වසන ආධාරක මත සිටින බවද සඳහන්.
  • ඔමික්‍රොන් රෝගීන් වැඩිවීමත් සමඟ මධ්‍යම රජය විසින් ලබාදෙන වසංගත නිවාඩු ආපදා ගෙවීම් සඳහා තමන්ගේ සුදුසුකම් පරීක්ෂා කරන ලෙස අගමැති Scott Morrison ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටී. පුද්ගලයෙකුට හුදකලා වීමට හෝ නිරෝධායනය වීමට පවසා ඇති සෑම දින හතක් සඳහාම එම ගෙවීම ඩොලර් 750ක් වේ.
  • Omicron කොවිඩ් ප්‍රභේදය පැතිරීම අයහපත් අතට හැරුණහොත් ක්වීන්ස්ලන්තයේ ප්‍රාථමික පාසල් සඳහා පළමු වාරය ආරම්භ කිරීම සති දෙකක් දක්වා ප්‍රමාද විය හැකි බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk අනතුරු ඇඟවූවාය.
  • Northern Territory රජය පූර්ණ කොවිඩ් එන්නත්කරණය නොලද පුද්ගලයින්ට නිවසේ රැඳී සිටීමේ නියෝග පනවා ඇත. මේ අනුව වයස අවුරුදු 16 ට වැඩි පුද්ගලයින්ට හේතු 3 ක් හැරුණුකොට තම නිවසේ සිට කිලෝමීටර් 30කට වඩා වැඩි දුරක් ගමන් කළ නොහැකිවේ.
  • Omicron කොවිඩ් ප්‍රභේදය මද අවදානමක් ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විස්තර කර ඇති අතර එය ලොව පුරා මිනිසුන් මරා දමන බවට අනතුරු අඟවා තිබේ.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

  • ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 38,625 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 11 ක් වාර්තා වේ.
  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 21,728  ක් සමග කොවිඩ් මරණ 06 ක් වාර්තා වේ.
  • ක්වීන්ස්ලන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 10,953 ක් වාර්තා වන අතර දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් ආසාදිතයින් 3,070 ක් හමුවී තිබේ.
  • ගතවූ පැය 24 තුළ ටස්මේනියා ප්‍රාන්තයෙන්  කොවිඩ් ආසාදිතයින් 1,489 ක් වාර්තා වන අතර ACT වෙතින් 1,246 ක් වාර්තා වේ.

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

සංචාරය කිරීම සම්බන්ධයෙන්

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට



 

භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන:

NSW 

Victoria 

Queensland 

South Australia 

ACT 

Western Australia 

Tasmania

Northern Territory 


ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳ තොරතුරු

Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න


Share

3 min read

Published

Updated

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now