COVID 19 update 10 September: NSW හි කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් අයට ලබන සඳුදා සිට වැඩි නිදහසක්

2021 සැප්තැම්බර් 10 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

NSW Premier Gladys Berejiklian arrives to speak to the media during a press conference in Sydney, Friday, September 10, 2021. (AAP Image/Joel Carrett) NO ARCHIVING

NSW Premier Gladys Berejiklian arrives to speak to the media during a press conference in Sydney, Friday, September 10, 2021. Source: AAP Image/Joel Carrett

Highlights

  • මෑතකදී ආසාදිතයින් හමු නොවූ NSW ප්‍රාදේශීය කලාපවල අප ජලයේ තිබී කොවිඩ් වයිරසයේ කොටස් හමුවේ.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ V/Line දුම්රිය සේවාවන්ට බාධා.
  • ACT හි අතිරේක එන්නත් මාත්‍රා වෙන් කරවාගැනීමට අවස්ථාවක්.
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් එක් කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 1,542 ක් හමුවී තිබේ.

ඊට අමතරව කොවිඩ් මරණ 9 ක්ද වාර්තා වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බරපතල කොවිඩ් නීති පනවා ඇති නගර සභා කලාප 12 කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් හට ලබන සඳුදා සිට (13/09) එළිමහනේ උපරිම පස් දෙනෙකු දක්වා රැස්විය හැකිය.

තවද එම නගර සභා 12 තුළ වාසය කරන කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින්ට අසීමිත ව්‍යායාම කිරීමට ඇති අවසරයට අමතරව සෑම දිනකම පැය දෙකක කාලයක් තම නිවසේ එන්නතේ මාත්‍රා දෙකම ලබා ගත් සාමාජිකයින් සමඟ picnic එකක් හෝ විනෝද වීමට නිවසින් පිටතට යා හැකිය.

Tamworth, Lightning Ridge, Glen Innes, Culburra Beach සහ Moruya ප්‍රදේශයන්හි අපද්‍රව්‍ය පිරිපහදු මධ්‍යස්ථාන වල COVID-19 කොටස් සොයාගෙන ඇත.

NSW Health විසින් සෑම දිනකම පෙරවරු 11 ට පවත්වන කොවිඩ් මාධ්‍ය හමුව වෙනුවට සැප්තැම්බර් 13 සිට online video යාවත්කාලීන කිරීම් සිදු කරයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.

වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 334 ක් හමුවී ඇති අතර එක් කොවිඩ් මරණයක් වාර්තා වේ.

එයින් ආසාදිතයින් 149 ක් දැනට හඳුනාගෙන ඇති කොවිඩ් පොකුරුවලට සම්බන්ධ බවට සොයාගෙන ඇත.

මේ අතර Southern Cross දුම්රිය ස්ථානයේ සිට Gippsland දක්වා ගිය දුම්රිය රියදුරෙකුට COVID-19 වයිරසයට ධනාත්මක බව තහවුරු වීමෙන් පසු V/Line දුම්රිය සේවාවන් 20 ක් අඩාල වී තිබේ.

මෙම බාධාවීම V/Line දුම්රිය සේවාවන් 100 ක් දක්වා ව්‍යාප්ත වනු ඇතැයි විශ්වාස කෙරේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

Australian Capital Territory

ACT හි නව ආසාදිතයින් 24 ක් වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් අවම වශයෙන් ආසාදිතයින් 6 ක් වයිරසය වැළදී තිබියදී ප්‍රජාව තුළ සිටි බව සඳහන්.

මේ වන විට කොවිඩ් එන්නත ලබාගැනීමේ අමතර අවස්ථා 30,000කට වඩා ඇති බැවින් එන්නත ලබාගැනීමට දැනට වෙන්කරවාගත් වෙලාවට වඩා කලින් වෙලාවක් MyDHR හරහා ලබාගත හැකි බව ACT රජය පවසයි.

ACT හි කොව්ඩ් එන්නත ලබාගත හැක්කේ කාටද යන්න පිළිබඳ මෙතනින් දැනගන්න.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් එක් කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වේ.

බ්‍රිස්බේන් උප නගරයක් වන Sunnybank හි St Thomas More විද්‍යාලයේ ඉගෙනුම ලබන එම පුද්ගලයා නව යොවුන් වියෙහි පසුවන බව සඳහන්.

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

4 min read

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now