COVID 19 update 09 September: NSW ප්‍රාන්තය කොවිඩ් නීතිවලින් නිදහස් වීමේ සැලසුම එළි දක්වයි

2021 සැප්තැම්බර් 09 වනදා ඔස්ට්‍රේලියාවේ කොරෝනා වයිරස තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Marrickville, Sydney, Thursday, September 9, 2021.

Members of the public wait in line at a Covid-19 vaccine pop-up vaccination clinic at Marrickville, Sydney, Thursday, September 9, 2021. Source: AAP Image/Joel Carrett

Highlights

  • NSW ප්‍රාන්තයේ ඇතැම් ප්‍රාදේශීය කලාපවල Lockdown නීති ඉවතට.
  • වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වෙත යන අනවසර ගමන් වැළක්වීමට පොලීසිය යොදවයි.
  • ACT හි Check In වීමට තිබූ CBR app එක යාවත්කාලීන කරයි.
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් එක් කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වෙයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 1,405 ක් හමුවී තිබේ.

ඊට අමතරව කොරෝනා මරණ 5 ක් ද වාර්තා වේ.

කොවිඩ් එන්නතේ මාත්‍රාවන් දෙකම ලබා ගත් වැඩිහිටියන් සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ද්විත්ව මාත්‍රා ලබාගැනීමේ 70% ඉලක්කය ඉක්මවා ගිය පසු එළඹෙන සඳුදා සිට කොවිඩ් නීතිවලින් ලැබෙන නිදහස පිළිබඳ ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian විස්තර කළාය.

ඒ අනුව අදාළ නිවසේ සියලු වැඩිහිටියන් ක්විඩ් එන්නත ලබා ඇත්නම් නිවසටම වී සිටීමේ නීතිය ඉවත් කෙරෙන අතර අමුත්තන් 5 ක් දක්වා නිවෙස්වලට ගෙන්වා ගැනීමට අවසර ලැබේ.

එමෙන්ම වර්ග මීටර 4කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය යටතේ සිල්ලර වෙළෙඳ සැල්, අවන්හල් සහ ආපන ශාලා, ක්‍රීඩා ස්ථාන මෙන්ම කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථාන හා නිය අලංකරණ ස්ථාන වැනි පුද්ගලික සේවා සපයන ස්ථාන විවෘත කළ හැකිය.

අවම වශයෙන් දින 14 ක් කිසිදු කොවිඩ් ආසාදිතයෙකු වාර්තා නොවූ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපවල lockdown  නීති සැප්තැම්බර් 11 වනදායින් ඉවත් කෙරේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.

වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 324 ක් හමුවී තිබේ.

ඒ අතරින් 107 දෙනෙකු දැනට හඳුනාගෙන ඇති කොවිඩ් පොකුරුවලට සම්බන්ධ බවට සොයාගෙන ඇත.

මේ අතර මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපය තවමත් lockdown කර ඇති අතර වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප සහ මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපය අතර සීමාවන්හි රාජකාරී කරන පොලිස් නිලධාරීන් ගේ සංඛ්‍යාවද ඉහළ දමා තිබේ.

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ සිට අවසරයකින් තොරව වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වෙත යන පුද්ගලයින්ට $5,500 ක් දක්වා දඩ නියම කළ හැකිය.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

Australian Capital Territory

ACT හි නව ආසාදිතයින් 15 ක් වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් අවම වශයෙන් ආසාදිතයින් අට දෙනෙක් වයිරසය වැළදී තිබියදී ප්‍රජාව තුළ සිටි බව සඳහන්.

කොවිඩ් ආසාදිතයෙකු ආ ගිය ස්ථානයකට ඇතුළු වී ඇති විට යාවත්කාලීන කෙරුණු Check In CBR app එක හරහා ඒ බව දැන් දැනුම් දීමට හැකිය.

එමෙන්ම smart ජංගම දුරකතනයක් නොමැති පුද්ගලයින්ට QR code එකක් සහිත කාඩ්පත් ඇති බවද වාර්තා වේ.

ACT හි කොව්ඩ් එන්නත ලබාගත හැක්කේ කාටද යන්න පිළිබඳ මෙතනින් දැනගන්න.

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

3 min read

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now