Highlights
- NSW ප්‍රාන්තයේ වයස අවුරුදු 12 ට වැඩි දරුවන්ට පවුලේ වෛද්‍යවරුන්ගෙන් කොවිඩ් එන්නත ලබා ගත හැකිය.
- COVID-19 වික්ටෝරියා ප්‍රාන්තයේ දුම්රිය ගමනාගමනයට විශාල ලෙස බාධා ඇති කරයි.
- වයස අවුරුදු 12 ට වැඩි දරුවන්ට කොවිඩ් එන්නත ලබාගැනීමට වේලාවන් වෙන්කරවා ගන්නා ලෙසට ACT රජය දැනුම් දෙයි.
- ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු හමුවෙයි.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 1,257 ක් හමුවී තිබේ.
ඊට අමතරව කොරෝනා මරණ 7 ක් ද වාර්තා වේ.
Greenacre, Auburn, Yagoona, Liverpool, Punchbowl, Guildford, Redfern, Bankstown, Condell Park and Busby යන උප නගරවලින් ආසාදිතයින් බහුතරයක් හමුවී ඇති බව සඳහන්.
එමෙන්ම Glebe සහ Redfern යන උප නගර ආශ්‍රිතවද දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ වැඩි වීමක් වාර්තා වෙයි.
මේ අතර අද පටන් වයස අවුරුදු 12 ත් 15 ත් අතරේ පසුවන දරුවන්ට පවුලේ වෛද්‍යවරුන්ගෙන් Pfizer එන්නත ලබාගත හැකි අතර ලබන සතියේ සිට Moderna එන්නත ඔසුසැල්වල ඖෂධවේදීන්ගෙන් ලබාගත හැකිය.
තවද අද පටන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලැබූ පිරිස් හට එළිමහනේ උපරිම 5 දෙනෙකු දක්වා රැස්විය හැකිය.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.
වික්ටෝරියා ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 473 ක් හමුවී තිබෙන අතර මෙම ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම ආරම්භයේ පටන් දෛනිකව වාර්තා වූ ඉහළම ආසාදිතයින් සංඛ්‍යාවද මෙය වේ.
තවද ගතවූ පැය 24 තුළ tier 1 ඛාණ්ඩය යටතේ කොවිඩ් ආසාදිතයින් ආ ගිය ස්ථාන අතරේ මෙල්බර්න් childcare මධ්‍යස්ථාන කිහිපයක්ද නම් කර තිබේ.
ඊට අමතරව V/Line දුම්රිය රියදුරන් සහ සේවකයින් පස් දෙනෙකු හට කොවිඩ් ආසාදනය වී ඇති නිසා සිය ගණනක් දුම්රිය රියදුරන් සහ සේවකයින්ට ස්වයං නිරෝධායනය වීමට සිදුවී ඇත.
මේ හේතුවෙන් වික්ටෝරියානු දුම්රිය සේවාවන්වලට විශාල ලෙස බාධා එල්ලවී තිබේ.
වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.
Australian Capital Territory
ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 13 ක් වාර්තා වී තිබේ.
සැප්තැම්බර් 20 වනදා සිට වයස අවුරුදු 12 ත් 15 ත් අතර දරුවන්ට Pfizer එන්නත ලබාගැනීම සඳහා ACT රජයේ එන්නත් සායනවලින් වේලාවක් වෙන් කරවාගත හැකිය.
පසුගිය පැය 24 තුළ ඔස්ට්‍රේලියාව වටා වාර්තා වූ කොවිඩ් තතු
- ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්තය ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වෙයි. පසුගිය සතියේදී කොවිඩ් ආසාදිත බ්‍රිස්බේන් පාසල් සිසුවියගේ ආශ්‍රිතයින් ලෙස මොවුන් දෙදෙනා හඳුනාගෙන තිබේ.
- ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්‍ෂණික උපදේශක කණ්ඩායම වයස අවුරුදු 12 සහ ඊට වැඩි සියලුම දෙනා සඳහා Moderna එන්නත නිර්දේශ කරයි.
ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.
- නිව් සවුත් වේල්ස් ගමනාගමන හා ප්‍රවාහන සහ නිරෝධායන කටයුතු
- වික්ටෝරියා අවසර පත්‍ර , විදෙස් සංචාරකයින් සහ නිරෝධායන කටයුතු
- ACT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- NT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- ක්වීන්ස්ලන්තය ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- දකුණු ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- ටස්මේනියා ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- බටහිර ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, Victoria, Queensland, Western Australia, South Australia, Northern Territory, ACT, Tasmania.
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:
එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න
- නිව් සවුත් වේල්ස්
- වික්ටෝරියා
- ක්වීන්ස්ලන්තය
- දකුණු ඔස්ට්‍රේලියාව
- ACT
- බටහිර ඔස්ට්‍රේලියාව
- ටස්මේනියා
- නොදර්න් ටෙරිටරිය