COVID 19 update 28 September: වික්ටෝරියා ප්‍රාන්තය home quarantine app එකක් අත්හදා බැලීමට යයි

2021 සැප්තැම්බර් 28 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Mtu anaye vaa barakoa, avuka mtaa wa Melbourne.

Mtu anaye vaa barakoa, avuka mtaa wa Melbourne. Source: AAP

Highlights

  • නොවැම්බර් 01 සිට නිවසේ සිටම කොවිඩ් පරීක්ෂණ සිදුකරගත හැකි බව TGA  නිර්දේශ කරයි.
  • කොවිඩ් වසංගතය ආරම්භයේ පටන් මේ දක්වා වාර්තා වූ ඉහළම ආසාදිතයින් සංඛ්‍යාව වික්ටෝරියා ප්‍රාන්තය වාර්තා කරයි.
  • NRL අවසන් මහා තරගයට දින කිහිපයකට පෙර ක්වීන්ස්ලන්තයෙන් අලුත් කොවිඩ් පොකුරු දෙකක් හමුවෙයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 863 ක් හමුවී තිබේ.

එයින් ආසාදිතයින් වැඩි ප්‍රමාණයක් හමුවී ඇත්තේ නිරිතදිග සිඩ්නි සහ බටහිර සිඩ්නි කලාපවලින් බව සඳහන්.

ඊට අමතරව කොවිඩ් මරණ 7 ක්ද වාර්තා වේ.

මේ අතර ආසාදිතයින් ගණන වැඩිවීම නිසා Port Macquarie සහ Muswellbrook ප්‍රදේශ lockdown කිරීමට සහ Kempsey කලාපයේ lockdown කාලය තවත් දීර්ග කිරීමට ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීහු සලකා බලමින් සිටිති.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.

වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 867 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 4 ක් වාර්තා වේ.

ඒ සමග වික්ටෝරියා ප්‍රාන්තයේ දැනට සිටින සක්‍රිය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 9,261 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර වෙනත් ප්‍රාන්තවල හා විදේශයන්හි සිට පැමිණෙන වික්ටෝරියානු ප්‍රාන්ත වැසියන් නිවසේ නිරෝධායනය වීම පරීක්ෂා කිරීම සඳහා භාවිතා කළ හැකි app එකක් පිළිබඳ නව අත්හදා බැලීමක් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් දියත් කර තිබේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

Australian Capital Territory

ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 13 ක් වාර්තා වේ.

මේ වන විට ACT හි ආසාදිතයින් 8 දෙනෙකු රෝහල් ගතව සිටින අතර තිදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ශ්වසන ආධාරක මත සිටින බව සඳහන්.

මේ අතර ACT හි ඇතැම් කොවිඩ් නීති එළෙඹෙන සිකුරාදා ලිහිල් කරන බව ACT හි ප්‍රධාන අමාත්‍ය Andrew Barr පැවසීය.

ACT හි කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

NRL අවසන් මහා තරගයට දින කිහිපයකට පෙර ක්වීන්ස්ලන්තයෙන් අලුත් කොවිඩ් පොකුරු දෙකක් හමුවෙයි.

වයිරසය ආසාදනය වී දින අටක් ප්‍රජාව තුළ සිටි ට්‍රක් රථ රියදුරෙකු කේන්ද්‍ර කර ගෙන එක් පොකුරක් බිහිවී තිබේ.

මේ අතර ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් සිව් දෙනෙකු හමුවී තිබේ.

එනිසා බ්‍රිස්බේන් සහ Moreton Bay නගර සභා කලාපවල වැසියන්ට මුව ආවරණ පැළඳීම යළිත් අනිවාර්ය කර තිබේ.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

පසුගිය පැය 24දී ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති තොරතුරු:

නොවැම්බර් 01 සිට නිවසේ සිටම කොවිඩ් පරීක්ෂණ සිදුකරගත හැකි බව ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනය හෙවත් TGA  නිර්දේශ කරයි.

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

3 min read

Published

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now