COVID 19 update 15 Feb: Novavax එන්නත දැන් GP සායන, ඔසුසැල් සහ රජයේ එන්නත් මධ්‍යස්ථානවලින්

2022 පෙබරවාරි 15 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Novavax bookings become available

Novavax bookings become available Source: AP/CTK/Martin Macak Gregor

Highlights

  • රෝගීන්ට සිටින හෙදියන් අනුපාතය ඉහළ දමන ලෙසත් වැටුප් වර්ධනය කරන ලෙසත්  ඉල්ලා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ හෙදියෝ අද වැඩ වර්ජනයක් ආරම්භ කළහ. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අද පෙරවරු 7 ට ආරම්භ වූ අතර එය පැය 24 ක් පවතිනු ඇත.
  • සිඩ්නි නුවර පාර්ලිමේන්තු මන්දිරය ඉදිරිපිට මෙම විරෝධතා පැවැත්වේ.
  • වෘත්තීය සබඳතා කොමිෂන් සභාව මෙම වැඩවර්ජනය අත්හිටුවීමට නියෝග කිරීමෙන් පසුවත් මෙය ඉදිරියට ගෙන යාමට වෘත්තීය සමිති ගත් තීරණය පිළිබඳ NSW සෞඛ්‍ය අමාත්‍යවරයා සිය කණගාටුව පළ කළේය.
  • මෙම වැඩ වර්ජන අතරතුර, සියලුම රජයේ රෝහල්වල සහ සෞඛ්‍ය සේවාවල ජීවිතාරක්ෂක සේවා පවත්වාගෙන යනු ලැබේ.
  • ප්‍රෝටීන් මත පදනම් වූ එන්නතක් වන Novavax කොවිඩ් එන්නත දැන් පවුලේ වෛද්‍යවරුන්ගේ සායන, ඔසුසැල් සහ රජයේ එන්නත් මධ්‍යස්ථාන වලින් ලබා ගත හැකිය. Novavax කොවිඩ් එන්නත වයස අවුරුදු 18 හෝ ඊට වැඩි පුද්ගලයින් සඳහා අනුමත කර ඇත. නමුත් එය බූස්ටර් එන්නතක් ලෙස තවමත් නිර්දේශ කර නොමැත.
  • මෙම එන්නත පැමිණෙන තෙක් හෝ වෙනත් කොවිඩ් එන්නතක් ගැනීමට නොහැකි පුද්ගලයින්ට Novavax එන්නතේ පැමිණීම නව තේරීමක් වනු ඇතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.
  • Vaccine Clinic Finder වෙබ් අඩවිය හරහා දැන් ඔස්ට්‍රේලියාව පුරා Novavax එන්නත තිබෙන ප්‍රමාණය සෙවීමට අවස්ථාව ලබා දෙයි.
  • වික්ටෝරියානු ප්‍රාන්ත පාර්ලිමේන්තුවේදී මුව ආවරණයක් පැළඳ නොසිටීම හේතුවෙන් වික්ටෝරියානු ප්‍රාන්තයේ විපක්ෂ නායක Matthew Guy ට ඩොලර් 100ක දඩයක් නියම කර තිබේ.
  • මේ වසර ආරම්භයේ සිට වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල් ගත කර ඇති COVID-19 රෝගීන් සංඛ්‍යාවේ අඩුම අගය පසුගිය පැය 24 න් වාර්තා විය.
  • කොවිඩ් පැතිරීමෙන් පීඩාවට පත් ටස්මේනියාවේ aged care මධ්‍යස්ථාන තුනකට ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාව සහාය වන බව ටස්මේනියා ප්‍රාන්තයේ නියෝජ්‍ය අගමැති සහ සෞඛ්‍ය අමාත්‍ය Jeremy Rockliff පවසයි.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

  • ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 8,201 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 16 ක් වාර්තා වේ. එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 1,583 ක් රෝහල්ගත කර ඇති අතර 96 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 8,162 ක් සමග කොවිඩ් මරණ 20 ක් වාර්තා වේ. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 441 ක් රෝහල්ගත කර ඇති අතර 67 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
  • ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 5,286 ක් සමග කොවිඩ් මරණ 10 ක් වාර්තා වේ. එමෙන්ම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 462 ක් රෝහල්ගත කර ඇති අතර 35 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
  • ගතවූ පැය 24 තුළ ටස්මේනියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 513 ක් වාර්තා වේ. එමෙන්ම ටස්මේනියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 10 ක් රෝහල්ගත කර ඇති අතර එක් අයෙකු දැඩි සත්කාර ඒකකයේ සිටියි.
  •  ගතවූ පැය 24 තුළ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,138 ක් වාර්තා වේ. එමෙන්ම දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 219 ක් රෝහල්ගත කර ඇති අතර 18 ක් දැඩි සත්කාර ඒකකයේ සිටිති.

 

ප්‍රාන්ත සහ ටෙරිටරි වල rapid antigen test (RAT) ප්‍රතිඵල ලියාපදිංචි කිරීමට වන අයදුම්පත් අදාල ප්‍රාන්ත වලට අනුව


නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට



 

 

ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.

 


 

එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන අදාල ප්‍රාන්ත වලට අනුව

 

 


 

 

 

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු

 

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳ තොරතුරු

 

Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න

 


Share

3 min read

Published

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now