Highlights
- Omicron කොවිඩ් ප්‍රභේදයට නිරාවරණය වූ බවට ඇති බිය නිසා කැන්බරා හි පාසලකට සම්බන්ධ පුද්ගලයින් 180 දෙනෙකුට හුදෙකලා වීමට නියෝග කර තිබේ.
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් Omicron ආසාදිතයින් හය දෙනෙකු හමුවී ඇති අතර ඒ අනුව මේ දක්වා වාර්තා වූ Omicron ආසාදිතයින් සංඛ්‍යාව 31 දක්වා ඉහළ ගොස් ඇත.
- දෙසැම්බර් 17 සිට කොවිඩ් එන්නත නොලද පුද්ගලයින්ට ක්වීන්ස්ලන්තයේ අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාරික ස්ථානවලට ඇතුළු වීම තහනම් කෙරේ.
- ගෝල්ඩ් කෝස්ට් නුවරින් වාර්තා වූ කොවිඩ් ආසදිතයා aged care මධ්‍යස්ථානයකට සම්බන්ධ වී ඇති නමුත් මෙතෙක් එම මධ්‍යස්ථානයේ සිටින වෙනත් කිසිවෙකු වයිරසයට ධනාත්මක බව සනාථ වී නොමැති බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍යවරිය පවසයි.
- සෑම තිදෙනෙකුගෙන් එක් අයෙකුම පෙර වසරවලට සාපේක්ෂව උත්සව සමය සඳහා අඩු උද්යෝගීමත් බවකින් සිටින බව ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානයේ සමීක්ෂණයකින් හෙළිවී තිබේ. එමෙන්ම සංචාරක සීමාවන් පවතියි නම්, අවදානමට ලක්විය හැකි පවුලේ අය සහ මිතුරන් හුදකලා වීම ගැන 61 %ක් කනසල්ලෙන් සිටින බවද එයින් අනාවරණය විය.
COVID-19 සංඛ්‍යා දත්ත
- ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,185 ක් සමග කොවිඩ් මරණ 7 ක් වාර්තා වේ.
- ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 260 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 2 ක් වාර්තා වේ.
- ගතවූ පැය 24 තුළ ACT වෙතින් කොවිඩ් ආසාදිතයින් 3 දෙනෙක්ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් එක් ආසදිතයෙක් ද වාර්තා වේ.
නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න
සංචාරය කිරීම සම්බන්ධයෙන්
ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ
මූල්‍ය උපකාර
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.
Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට
භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, Victoria, Queensland, Western Australia, South Australia, Northern Territory, ACT, Tasmania.
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

