COVID 19 update 06 Dec: නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Omicron ආසාදිතයින් 25 ක් දක්වා ඉහළට

2021 දෙසැම්බර් 06 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Signage is seen at Regents Park Christian School in Regents Park, Sydney

Signage is seen at Regents Park Christian School in Regents Park, Sydney Source: AAP Image/Bianca De Marchi

Highlights

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට Omicron කොවිඩ් ආසාදිතයින් 25 ක් සිටින බව වාර්තා වේ. ඉන් 14 ක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් හමුවී ඇති අතර සෙසු 11 දෙනා විදේශයන්හි සිට පැමිණි අය බව සඳහන්. ගෘහස්ථ කාය වර්ධන මධ්‍යස්ථානයක් ආශ්‍රිත කොවිඩ් පොකුරකට සම්බන්ධ ආසාදිතයින් නවයක් සම්බන්ධ බවත් බටහිර සිඩ්නි පාසල් දෙකකට ද එය බලපා ඇති බවත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීහු පවසති.
  • වික්ටෝරියා, NSW සහ ACT වෙතින් පැමිණෙන සංචාරකයින් සඳහා දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය දැන්  අමතර කොවිඩ් පරීක්ෂණ සහ හුදකලා කිරීමේ නීති ක්‍රියාත්මක කර ඇත. නැවත දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත සීමා වැසීම ප්‍රතික්ෂේප නොකරන බව දකුණු ඔස්ට්‍රේලියා පොලිස් කොමසාරිස් සහ හදිසි සම්බන්ධීකාරක Grant Stevens පවසයි.
  • ACT හි වයස අවුරුදු 12 ට වැඩි ජනගහනයෙන් 98% ක් මේ වන විට පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලබා තිබේ.
  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත සීමා නැවත විවෘත කිරීමට පෙර එහි වයස අවුරුදු පහට වැඩි ජනගහනයෙන් 90% ක් පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක් කිරීමට බටහිර ඔස්ට්‍රේලියා හි ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයට අවශ්‍යවී තිබේ. වයස 12 ට වැඩි ජනගහනයෙන් 90% ක් පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද පසු බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය නැවත විවෘත කිරීමට ප්‍රාන්ත රජය සැලසුම් කරයි.
  • නව Omicron ප්‍රභේදයේ තර්ජනය නොතකා නත්තල සඳහා වික්ටෝරියා ප්‍රාන්ත සීමා විවෘතව තැබිය යුතු බව වික්ටෝරියා ප්‍රාන්තයේ සංචාරක අමාත්‍ය Martin Pakula පවසයි.
  • Omicron ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයට වඩා භයානකත්වයෙන් අඩු විය හැකි බවට මුල් දත්ත යෝජනා පෙන්වා දෙන බව ඇමෙරිකාවේ සෞඛ්‍ය නිලධාරීහු පවසති.

COVID-19 සංඛ්‍යා දත්ත

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,073 ක් සමග කොවිඩ් මරණ 6 ක් වාර්තා වේ.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 208 ක් හමුවී ඇත.

ගතවූ පැය 24 තුළ ACT වෙතින් කොවිඩ් ආසාදිතයින් 6 ක් ද වාර්තා වේ.


නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

සංචාරය කිරීම සම්බන්ධයෙන්

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට



 

භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

3 min read

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now