Highlights
- Tonga රාජ්‍යය වෙත මානුෂීය ආධාර සහ වෛද්‍ය සැපයුම් රැගෙන යමින් සිටිඔ ඔස්ට්‍රේලියානු නාවික හමුදා නෞකාවේ සිටින පුද්ගලයින් 23 දෙනෙකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
- ඒ හේතුවෙන් අදාළ නෞකාව මුහුදේ තබා ගැනීමට සහ දැනට කොවිඩ්වලින් තොර Tonga රාජ්‍යයට තර්ජනයක් නොමැති බව සහතික කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය Tonga රාජ්‍ය බලධාරීන් සමඟ කටයුතු කරමින් සිටී.
- කොවිඩ් රෝගීන්ගේ රෝහල්ගතවීම් වැඩිවීමත් සමඟ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් සීමාවන් තවත් මසකට දීර්ග කරන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති Dominic Perrottet නිවේදනය කළේය.
- නිවසින් බැහැර ස්ථානවල වර්ග මීටර දෙකකට පුද්ගලයෙකු බැගින්වූ නීතිය සහ නිවසින් බැහැරව ගෘහස්ථ ස්ථානවල මුව ආවරණ පැළඳීම එම නීතිවලට ඇතුළත් වේ.
- මේ අතර ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 76 ක් වාර්තා විය.
- Coles සහ Woolworths වලට අනුව ඔවුන්ගේ කාර්ය මණ්ඩලය නැවත සේවයට පැමිණීමත් සමඟ සුපිරි වෙළඳසැල්වල භාණ්ඩ සැපයුම් හිඟය අවම වෙමින් පවතියි. Rapid Antigen පරීක්ෂණ කට්ටල, පැරසිටමෝල් සහ toilet paper යන භාණ්ඩ මිලදී ගැනීමේදී පැනවූ ප්‍රමාණාත්මක සීමාවන් සුපිරි වෙළඳසැල් දාම දෙකෙහිම තවමත් ක්‍රියාත්මක වේ.
- මීළඟ ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේදී තම පක්ෂය ජයග්‍රහණය කළහොත් පාසල්වල වාතාශ්‍රය වැඩි දියුණු කිරීම සඳහා මුල්‍ය පැකේජයක් වෙන්කරන බව කම්කරු පක්ෂය පොරොන්දු වී තිබේ.
ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව
- ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 18,512 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 29 ක් වාර්තා වේ. එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 2,943 ක් රෝහල්ගත කර ඇති අතර 183 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටී.
- ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 14,836 ක් සමග කොවිඩ් මරණ 29ක් වාර්තා වේ. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 1,057 ක් රෝහල්ගත කර ඇති අතර 119 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටී.
- ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 9,546 ක් ද කොවිඩ් මරණ 11 ක් ද වාර්තා වේ. එමෙන්ම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 928 ක් රෝහල්ගත කර ඇති අතර 51 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටී.
- ගතවූ පැය 24 තුළ ටස්මේනියා ප්‍රාන්තයෙන් ආසාදිතයින් 643 ක් ද එක් කොවිඩ් මරණයක් ද වාර්තා වේ. එමෙන්ම ටස්මේනියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 35 ක් රෝහල්ගත කර ඇත.
ප්‍රාන්ත සහ ටෙරිටරි වල rapid antigen test (RAT) ප්‍රතිඵල ලියාපදිංචි කිරීමට වන අයදුම්පත්
නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න
සංචාරය කිරීම සම්බන්ධයෙන්
ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ
මූල්‍ය උපකාර
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.
Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට
භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, Victoria, Queensland, Western Australia, South Australia, Northern Territory, ACT, Tasmania.
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:
එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන:
ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳ තොරතුරු
Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න

