COVID 19 update 20 Oct: 16 ට වැඩි ඕස්ට්‍රේලියානුවන්ගෙන් 70% කට වඩා කොවිඩ් පුර්ණ එන්නත ලබාගෙන

2021 ඔක්තෝබර් 20 දින ඕස්ට්‍රේලියාවේ කොරෝනා වෛරස් තත්වය පිළිබඳ යාවත්කාලීන වුනු තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ දෛනික තොරතුරු වාර්තාව

Australian Health Minister Greg Hunt (left) and Australia’s Chief Medical Officer Paul Kelly speak to the media during a press conference at Parliament House in Canberra, Wednesday, October 20, 2021. (AAP Image/Lukas Coch) NO ARCHIVING

Health Minister Greg Hunt (left) and Chief Medical Officer Paul Kelly during a press conference at Parliament House in Canberra, Wednesday, October 20, 2021. Source: AAP Image/Lukas Coch

Highlights

  • වික්ටෝරියාව, නිව් සවුත්වේල්සය සමඟ ඇති ප්‍රාන්ත දේශ සීමා මායිම් ලිහිල් කරයි
  • හදිසි නොවන සැත්කම් නැවත ආරම්භ කිරීමට NSW ප්‍රාන්තය සූදානම් වේ
  • ACT අද දිනයේදී නව ප්‍රජා කොවිඩ් ආසාදන 24 ක් වාර්තා කරයි

වික්ටෝරියා ප්‍රාන්තය

අද දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව කොවිඩ් ආසාදිතයින් 1841 ක් සහ කොවිඩ් මරණ 12 ක් වාර්තා විය. මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සක්‍රීය කොවිඩ් ආසාදිතයින් ගණන 22, 598 කි.

අද සිට (20 ඔක්) වෙනත් ප්‍රාන්ත වල සිට වික්ටෝරියාවට පැමිණෙන කොවිඩ් එන්නත් මාත්‍රා 2ම ලබාගත් අයවලුන්ට නිරෝධායනය වීම අවශ්‍ය නොවේ.

කෙසේ වෙතත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ තැඹිලි පැහැති කොවිඩ් අවධානම් කලාප ලෙසට නම් කොට ඇති Greater Sydney කලාපයට අයත් Blue Mountains, Central Coast, Shellharbour සහ Wollongong, යන ප්‍රදේශ වලින් වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණෙන පුද්ගලයින් හට " orange zone permit" හෙවත් "තැඹිලි පැහැති අවධානම් කලාප අවසර පත්‍රයක්' ඉදිරිපත් කලයුතු වේ.

පුර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින් වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණෙන්නේ නම්, පැමිණීමෙන් පසු ස්වයං හුදෙකලා වී පැය 72 ක් තුළ කොවිඩ් පරික්ෂාවකට බඳුන් විය යුතු අතර ඍණාත්මක ප්‍රතිඵලයක් ලැබෙන තුරු හුදෙකලා විය යුතුය.

ඔබ ආසන්නයේ ඇති කොවිඩ් එන්නත් මධ්‍යස්ථානය සොයා ගන්න මෙතැනින්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

අද දිනයේදී (20 ඔක්) නව කොවිඩ් රෝගීන් 283 ක් සහ මරණ 7 ක් වාර්තා කර ඇත.

පසුගිය දිනවල ග්‍රේටර් සිඩ්නි හි කොවිඩ් -19 වසංගතය උත්සන්න වූ කාලයේදී දී මාස දෙකක පමණ කාලයක් තාවකාලිකව නවතා දමා තිබූ හදිසි නොවන සැත්කම් ලබන සතියේ සිට නැවත ආරම්භ කෙරේ.

ඒ අනුව, ලබන සඳුදා සිට (25 ඔක්) ග්‍රේටර් සිඩ්නි සහ Nepean Blue Mountains කලාපයේ පෞද්ගලික සහ රජයේ වෛද්‍ය මධ්‍යස්ථානවල සිදුකෙරෙන සැත්කම් 75% ක ධාරිතාවයකට යටත්ව සිදු කෙරේ.

NSW ප්‍රාන්ත වැසියන්ට - ඔබගේ කොවිඩ් එන්නත් ලබාගැනීමේ දිනය සහ වෙලාව වෙන්කරගැනීමට මෙතැනින් පිවිසෙන්න 

පසුගිය පැය 24 පුරා ඕස්ට්‍රේලියාව වටා වාර්තා වන COVID 19 හා සම්බන්ද අනෙකුත් තොරතුරු

කැන්බරා හි Disability support workers සහ නිවසේ සහ වයස්ගත සත්කාරක සේවා මධ්‍යස්ථාන වල සේවය කරන වැඩිහිටි සත්කාරක සේවකයින් සඳහා කොවිඩ් එන්නත අනිවාර්ය බව ඕස්ට්‍රේලියන් කැපිටල් ටෙරටරිය (ACT) නිවේදනය කර ඇත.

වයස අවුරුදු 16 සහ ඊට වැඩි වැඩිහිටියන්ගෙන් සියයට 70 කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති හෙයින් ඕස්ට්‍රේලියාව නැවත විවෘත කිරීමේ සැලැස්මේ ප්‍රධාන කඩ ඉමකට පැමිණ ඇති බව මධ්‍යම රජයේ සෞඛ්‍ය ඇමති ග්‍රෙග් හන්ට් පැවසීය.

නිරෝධායනය, සංචාරක, කොවිඩ් පරීක්ෂණ සිදුකිමේ මධ්‍යස්ථාන සහ වසංගත ආපදා ගෙවීම් සම්බන්දව එක් එක් ප්‍රාන්ත වලට අදාළ තොරතුරු පහතින් දැනගන්න 

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න 

 

 


Share

3 min read

Published

Updated

By SBS/ALC Content, Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now