COVID 19 update 16 September: වසංගතය සහ වැසි කාලගුණය නිසා ඔස්ට්‍රේලියාවේ දියේ ගිලීම් වාර්තාගත ලෙස ඉහළට

2022 සැප්තැම්බර් 16 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

NSW CORONAVIRUS COVID19

Police patrolling Bondi Beach on horseback in Sydney. (file) Source: AAP / DAN HIMBRECHTS/AAPIMAGE

Highlights

Royal Life Saving Society සහ Surf Life Saving Australia (SLSA) පසුගිය ජුනි 30 දක්වා වූ මාස 12 ක කාලය තුළ දියේ ගිලී මියයෑම් 339ක් වාර්තා කර ඇත.

එය 1996 වසරෙන් පසු ඔස්ට්‍රේලියාවේ දියේ ගිලී මිය ගිය වැඩිම සංඛ්‍යාවයි.

මෙම මරණ COVID-19 වසංගතය සහ උණුසුම් හා වැසි කාලගුණය සමඟ සම්බන්ධ වී ඇත.

"පාසැල් වයසේ ළමුන් දියේ ගිලී මියයෑම් වැඩිවීම ඛේදනීය වන අතර එය COVID-19 හේතුවෙන් මග හැරුණු පාඩම්වල පරම්පරාගත බලපෑම්වල සලකුණක් විය හැකි යැයි යනුවෙන් Surf Life Saving Australia හි ප්‍රධාන විධායක Justin Scarr පැවසීය.

සමස්ත මරණවලට වෙරළ ආශ්‍රිත දියේ ගිලීම් 141 ක් සහ ගංවතුර ආශ්‍රිත දියේ ගිලීම් 43 ක් ඇතුළත් වේ.

ප්‍රාන්ත සහ ටෙරිටරි ඔවුන්ගේ සතිපතා COVID-19 සංඛ්‍යාලේඛන නිකුත් කිරීමට පටන් ගෙන ඇත.

පසුගිය මාසයේ පැවති ප්‍රාන්ත සහ ටෙරිටරි සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ රැස්වීමෙන් පසු සැප්තැම්බර් 9 වන දින සිට ඔවුන්ගේ දෛනික කොවිඩ් යාවත්කාලීන කිරීම් නතර කිරීමට ඔවුන් තීරණය කළේය.

ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම (ATAGI) වයස අවුරුදු 5-11 අතර දරුවන්ට බූස්ටර් මාත්‍රාවක් අවශ්‍ය නොවන බව කියා සිටියේය.

කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියාවේ ඖෂධ හා චිකිත්සක අධිකාරිය මෙම වයස් කාණ්ඩය සඳහා බූස්ටර් මාත්‍රාවක් අනුමත කළ පසු එහි සාක්ෂි සමාලෝචනය කරනු ඇත.

අවුරුදු හයට අඩු ළමුන් සඳහා Pfizer එන්නත භාවිතය ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම තවමත් අනුමත කර නොමැත.

Moderna හි Spikevax එන්නත මෙම වයස් කාණ්ඩය සඳහා අනුමත කරන ලද එකම COVID-19 එන්නත වේ.

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ Long COVID සායන ඇති ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ COVID-19 පරීක්ෂාකරන ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now