COVID 19 update 05 September: "long COVID" සහ කොවිඩ් නැවත අසාදනය වීමේ බලපෑම සෙවීමට, නව පාර්ලිමේන්තු කමිටුවක්

2022 සැප්තැම්බර් 05 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

AUSTRALIAN ISLAMIC CENTRE POP UP VAX CENTRE

A resident consults with a healthcare worker at a COVID-19 vaccination clinic in Melbourne. (file) Source: AAP / JAMES ROSS/AAPIMAGE

Key Points

  • අවදානමක් තිබෙන වයස අවුරුදු පහට අඩු දරුවන්ට ඔවුන්ගේ COVID-19 එන්නත අද සිට ලබා ගත හැක
  • හුදකලා කාලසීමාව අඩු කිරීම සහ මුහුණු ආවරණ පැලන්දීමේ නීති ඉවත් කිරීම සම්බන්ධයෙන් විශේෂඥන් අනතුරු අඟවයි
  • හුදකලා කාලසීමාව අඩු කිරීම සම්බන්ධයෙන් වික්ටෝරියානු ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියාත් අනතුරු අඟවයි

සඳුදා දිනයේදී ඔස්ට්‍රේලියාවෙන් අවම වශයෙන් කොවිඩ් මරණ 11 ක් වාර්තා වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 2 ක්, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් මරණ 2ක් සහ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 4 ක්ද ඊට ඇතුළත් වේ.

ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු කමිටුවක් long COVID මගින් සෞඛ්‍ය, ආර්ථික සහ අධ්‍යාපනික බලපෑම් පරීක්ෂා කිරීම සිදු කරයි.

කමිටුවේ නියෝජ්‍ය සභාපති සහ ලිබරල් පාර්ලිමේන්තු මන්ත්‍රී Melissa McIntosh සඳහන් කොට සිටින්නේ long COVID වැළඳුනු පුද්ගලයින් සහ කොවිඩ් වෛරසය අසාදනය වූ පුද්ගලයින්ගේ අත්දැකීම් ඇසීමට එම කමිටුව බලාපොරොත්තු වන බවයි.

ඕස්ට්‍රේලියානුවන් හට සහ සංවිධානවලට නොවැම්බර් 18දා වන විට කමිටුව සමඟ ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගත හැක.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.

ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් වන Nancy Baxter සහ C Raina MacIntyre, COVID-19 හුදකලා කාලය දින හතේ සිට පහ දක්වා අඩු කිරීම සහ සැප්තැම්බර් 9දා සිට අභ්‍යන්තර ගුවන් ගමන් වල මුහුණු ආවරණ පැලඳීමේ නීති ඉවත් කිරීම සම්බන්ධයෙන් දේශපාලනඥයන් විවේචනය කිරීම සිදු කොට තිබේ.

කෙටි කාලීන හුදකලා කාලසීමාව හේතුවෙන් සේවා ස්ථානවල සහ පාසල්වල ආසාදන වැඩිවීමක් සිදුවනු ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.

එමෙන්ම ඔවුන් පෙන්වා දෙන්නේ මීළඟ කොවිඩ් රැල්ල පැමිණි විට එමගින් ඉතා ඉහල පුද්ගල පිරිසක් එමගින් පීඩාවට සහ කම්පනයට පත් වනු ඇති බවයි.

වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි මහාචාර්ය Brett Sutton අනතුරු අඟවා සිටින්නේ, හුදකලා කාලය තවදුරටත් අඩු කිරීම ඔස්සේ කොවිඩ් රෝහල්ගත කිරීම් සහ මරණවල සැලකිය යුතු වැඩිවීමකට හේතු විය හැකි බවයි.

විවිධ සෞඛ්‍යමය ගැටළු පවතින වයස අවුරුදු පහට අඩු ඕස්ට්‍රේලියානු දරුවන්ට අද සිට Moderna COVID-19 එන්නත ලබා ගත හැක.

ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඕස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශන කණ්ඩායම පෙන්වා දෙන්නේ මුල් වෛරසය සහ Omicron හි උප ප්‍රභේද ඉලක්ක කරන Moderna හි bivalent COVID-19 එන්නත සම්බන්ධයෙන් සමාලෝචනය කරන බවයි.

ඕස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය මගින් මෙම එන්නත සඳහා අගෝස්තු 29 දින අනුමැතිය ලැබුණු අතර බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකාවේද මේ සඳහා අනුමැතිය ලැබී තිබේ.

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ Long COVID සායන ඇති ස්ථාන මෙතනින් සොයාගන්න

ACT  New South Wales  Northern Territory  Queensland

South Australia  Tasmania  Victoria 

Western Australia

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ COVID-19 පරීක්ෂාකරන ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales  Northern Territory  Queensland 

South Australia Tasmania  Victoria  Western Australia


Share

2 min read

Published

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now