COVID-19 update 21 JULY: නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශත් lockdown යටතේ පළමු දිනය අරඹයි

2021 ජූලි 21 වනදා ඕස්ට්‍රේලියාවේ කොරෝනා වෛරස තත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුලත් වේ.

NSW Premier Gladys Berejiklian arrives at a press conference to provide a COVID-19 update in Sydney, Wednesday, July 21, 2021.

NSW Premier Gladys Berejiklian arrives at a press conference to provide a COVID-19 update in Sydney, Wednesday, July 21, 2021. Source: AAP Image/Mick Tsikas

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 110 ක් හමු වී තිබේ.

එමගින් ආසාදිතයින් 43 දෙනෙකු වෛරසය වැළඳී සිටින කාලය තුල ප්‍රජාව අතර සිට තිබේ.

මේ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි සිය සේවා ස්ථානයට පැමිණෙන ලෙස කාර්යමණ්ඩලයට බල කිරීම් සිදු කරන සේවා යෝජකයින් හට $1,000ක දඩ මුදලක් ලබාදීම සිදු වේ.

අද දිනයේ සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Orange, Cabonne සහ Blayney යන කවුන්සිල ප්‍රදේශ සඳහා "නිවසේ රැඳී සිටින" ලෙසට වන නීති ක්‍රියාත්මක වේ.

පසුගිය ජුලි මස 17 වැනි සෙනසුරාදා දින හෝ ඊට පසු එම ප්‍රදේශ වලට ගිය පුද්ගලයින් හට කොරෝනා පරීක්ෂාව කිරීම සඳහා පරීක්ෂණ සායන විවුර්තව පවතී.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා අවදානම් සහිත ප්‍රදේශ සහ වාර්තා වූ සිදුවීම් පිළිබඳව යාවත්කාලීන වන ලැයිස්තුවට පිවිසෙන්න.

මේ වනවිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල ක්‍රියාත්මක lockdown තත්වය ජුලි මස 30 වැනි සිකුරාදා රාත්‍රී 11.59 දක්වා ක්‍රියාත්මක වේ.

වික්ටෝරියා ප්‍රාන්තය

පසුගිය පැය 24ක කාලය තුලදී වික්ටෝරියා ප්‍රන්තයෙන් කොරෝනා ආසාදිතයින් 22 දෙනෙකු වාර්තා වූ අතර ඔවුන් සියලු දෙනාම මේ වනවිට හඳුනාගෙන ඇති කොරෝනා පොකුරට සම්බන්ධ වේ.

මේ වනවිට ප්‍රාන්තය තුල සක්‍රීය කොරෝනා ආසාදිතයින් 118 දෙනෙකු සිටී.

මේ වනවිට "red zone permits" නිකුත් කිරීම නවතා දමා තිබීම මත නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හෝ ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියෙන් වික්ටෝරියා ප්‍රාන්තයට ඇතුලුවීම සති දෙකකට තාවකාලිකව තහනම් කොට තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා අවදානම් සහිත ප්‍රදේශ සහ වාර්තා වූ සිදුවීම් පිළිබඳව යාවත්කාලීන වන ලැයිස්තුවට පිවිසෙන්න.

මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තය තුල ක්‍රියාත්මක lockdown තත්වය ජුලි මස 27 වැනි අඟහරුවාදා රාත්‍රී 11.59 දක්වා ක්‍රියාත්මක වේ.

පසුගිය පැය 24දී ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති තොරතුරු :

  • දකුණු ඕස්ට්‍රේලියා ප්‍රන්තය තුල අවදානම් සහිත ප්‍රදේශ 52 ක් හඳුනාගෙන ඇති අතර කොරෝනා පරීක්ෂණ මධ්‍යස්ථාන 82 ක් පවතී.
  • හෙට සිට ක්‍රියාත්මක වන පරිදි , ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වැසියෙකු හැර දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයට ගිය කිසිවකුට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට ඇතුළුවීමට නොහැකි වේ.
  • දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ සිට පැමිණෙන පිරිස සිය ප්‍රාන්තයට ඇතුළුවීමේදී දින 14ක අනිවාර්ය නිරෝධායන කාලසීමාවකට යටත් වියයුතු බව බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තය පවසයි.

 


Eid al Adha උත්සවය අද සිට ආරම්භ වන අතර යාඥා සිදු කරන අතරතුර අවධානයෙන් කටයුතු කල යුතු වේ.

  • නිවසේදී යාඥා කිරීමට තෝරා ගැනීම 
  • විශාල එක්වීම් අවලංගු කිරීම 
  • මුහුණු ආවරණ පැළඳීම 
  • යාඥා කිරීමට තමන්ගේම prayer rug එක භාවිත කිරීම

නිරෝධායනය, සංචාරක, පරීක්ෂණ සායන සහ වසංගත ආපදා ගෙවීම්

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

4 min read

Published

Updated

By SBS/ALC Content, Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now