COVID19 Update 3 November: කොවිඩ් 19 බූස්ටර් එන්නත ලබාගැනීමට ජනතාව උනන්දු කෙරේ

2021 නොවැම්බර් 03 වන බදාදා, සමස්ත ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්වය පිළිබඳව වාර්තාවන නවතම තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Travellers arrived on the first quarantine free international flights in 590 days arrive at Sydney International Airport, Monday,

Travellers arrived on the first quarantine free international flights in 590 days arrive at Sydney International Airport, Monday, November 1 2021. Source: AAP

ඕස්ට්‍රේලියාවේ කොවිඩ් එන්නත් ලබාදීමේ වැඩසටහන

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 18 හෝ ඊට වැඩි අය, තම කොවිඩ් එන්නතෙහි දෙවන මාත්‍රාව මාස හයකට පෙර ලබා ඇත්නම් ඔවුන්ගේ Pfizer එන්නත් ප්‍රතිශක්තිකරණ වර්ධක එන්නත (බූස්ටර් එන්නත් මාත්‍රාව) ලබා ගන්නා ලෙසට NSW ප්‍රධාන වෛද්‍ය නිලධාරී Dr. Kerry Chant ජනතාවගෙන් ඉල්ලා සිටී.
  • මාස හයකට පෙර තම තම කොවිඩ් එන්නත ලෙස Astra Zeneca ලබා ගත් අයට පවා Pfizer booster ලබාගත හැකි බව වෛද්‍ය Kerry Chant පවසා සිටී.
  • බටහිර ඕස්ට්‍රේලියාව තවදුරටත් ඕස්ට්‍රේලියාවේ අවම කොවිඩ් එන්නත්කරණයට ලක්වුණු ප්‍රාන්තය නොවේ.
  • නොදර්න් ටෙරටරියේ ජනගහනයෙන් සියයට 63.9 ක් සම්පූර්ණයෙන් කොවිඩ් එන්නත්කරණයට ලක්ව ඇත.

තාවකාලික වීසාලාභීන්

  • තාවකාලික වීසා බලපත්‍රලාභීන් හට ඕස්ට්‍රේලියාවෙන් පිටවීමට සහ නැවත පැමිණීමට අවසර දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින පෙත්සමක් සඳහා අත්සන් 40,000 කට අධික සංඛ්‍යාවක් ලැබී තිබේ. දැනට ඕස්ට්‍රේලියාවේ අන්තර්ජාතික දේශ සීමා හරහා සංචාරය කිරීමට අවසර ඇත්තේ ඕස්ට්‍රේලියානු පුරවැසි ලාභීන්ට සහ ස්ථිර පදිංචිය හිමි අයට පමණි

අද දිනයේදී වික්ටෝරියා සහ නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත වලින් වාර්තා වන නවතම COVID-19 තොරතුරු 

  • වික්ටෝරියා හි නව COVID-19 රෝගීන් 941 ක් සහ මරණ අටක් වාර්තා වී තිබේ.
  • නිව් සවුත් වේල්ස් හි නව COVID-19 රෝගීන් 190 ක් සහ මරණ හතරක් වාර්තා වී තිබේ.

ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න

ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


ඕස්ට්‍රේලියාවේ COVID 19 හා සම්බන්ද නවතම තොරතුරු දැනගැනීම සඳහා, sbs.com.au/sinhala වෙබ් අඩවිය වෙත ගොස් ඉහළින් ඇති "කොරෝනා වෛරසය හා සම්බන්ද තොරතුරු " යන කොටස මත ක්ලික් කරන්න

 

 

 

 


Share

2 min read

Published

Updated

By SBS/ALC Content, Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now